(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  රැකියාලාභීන් 133 දෙනකු හෙට (23) පිටත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඊශ්‍රායල් ඉදිකිරිම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වීමට නියමිත රැකියාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගුවන් ටිකට්පත් බෙදා දීම ශ්‍රී  ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී ඉදිකිරීම් රැකියා ලාභීහු 133 සහ යටිතල පහසුකම් රැකියා ලාභීහු 17 ක් ගුවන් ටිකට්පත් ලබා ගත්හ.