ඉහළ කොත්මලේ ජලාෂය පිරීමත් සමග එහි වාන් දොරටු තුනක් දිගටම විවෘතව තබන බව ජලාශය භාර ඉන්ජිනේරුවෝ කියති. පිටාර ජලය කොත්මලා ඔයෙන් මහවැලි ගඟට මුදා හැරේ. ඒ නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බව මහවැලි නිලධරයෝ අනතුරු අඟවති.
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය ද අද සියයට අසූ දෙකක් දක්වා පිරී තිබූ බව ප්‍රධාන ඉන්ජිනේරු ඩබ් එම් චන්ද්‍රතිලක මහතා කියයි. ජලාශයේ මට්ටම මෙතරම් වැඩිවූයේ වසර ගණනාවකට පසුවය.
එහි ජල ධාරිතාව අක්කර අඩි 141000 කි. 1985 දී මෙම ජලාශය විවෘත විය. එය අවසන් වරට පිටාර ගැලුවේ 2011 දෙසැම්බර් 04 වැනිදාය.
වැසි ඇදහැලිමට පෙර ජලාශය
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර පිරුණත් එක මාසයක් පෑවුවොත් වතුර නැතිවෙයි. (නි)
අනේ ලංකාවට ඇවිත් ඔය පැත්තේ රවුමක් යන්න හිතන් ඉන්නේ. එතකන්වත් ජලාශේ වතුර පිරී තිබේවා (ස)
මේ ඉහළ කොත්මලේයි. (නි)
චම්පික, ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට (ස)
කැනඩා දිසාගේ කටේ මසුරන් ටිකක් දාන්න වටිනවා (නි)
අයියෝ සල්ලි
පරිස්සමෙන්
සත්තකින්ම රටට වැඩක් කෙරුණෙ එක්ස්ත් ජාතික පක්ෂ රජයෙන් පමණයි..!(නු)
පහුගිය දිනවල පායපු විදියට වහින එක නම් හොදයි.. එත් මිනිස්සු අපහසුතාවයට පත් වෙන එක තමයි දුක..!(නු)
දොරටු ටිකනම් ඇරලා දැම්මා. දැන් වහන්නෙ වතුර සේරම ගියහම. ඉතින් ලයිට් දෙන්න වතුර නැහැ කියනවා. (නි)
පරිස්සම කෝකටත් හොදයි
අනේ මන්දා
චතූ, මතකය අවදි කිරීමත් එක් අංගයක්. රටේම ජනතාවට මාගේ ප්‍රණාමය! (නි)
මේ පින්තූර හරි ලස්සනයි. අපේ රට අපි රැක ගනිමු (ස)
ජනතාව දැනුවත් කරන්න
පායපු කාලේ වැව් ටික සුද්ද කරානම් මේ වතුර ඉතුරු කර ගන්න තිබුණා (ස)
විදුලි බිල අඩුවෙයි
චතූ, මහවැලි ව්‍යපෘතියේ නිර්මාතෘ තමයි, ගාමිණී දිසානායක මැතිතුමා. එ.ජ.ප යේ සිටිය විශිෂ්ට බුද්ධිමතෙක්. (නි)
අයියෝ සල්ලි
අපේ රටේ අය කොහොමත් පින්තුර වලට රැවටෙනවානේ. (නි)
ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති තුමාගෙ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ තවත් එක ඵලදායී ප‍්‍රතිඵලයක් ..(ස)
මේ වෙලාවේ අපිට ඕනෑ නම් ඉන්දියාවට විදුලිය ටිකක් විකුණලා පොඩි සම්තින් එකක් ගන්න පුළුවන්. ඉක්මන් කළොත් හොදයි. නැත්නම් සමහරු විජාතික කුමන්ත්‍රණයක් කියා කෑගහන්න බලයි.8 වෙනිදාට කලින් කියන්න ඕනෑ.එතකොට ජනතාව කට ඇරන් අහන් ඉන්නවා. (නි)
පින්තූර ටිකෙන් වැඩක් ගනිමු (ස)
බලන්න මහත්තයෝ................... මොන තරම් ආශ්චර්‍යක්ද මේ ??..(ස)
අසිරිමත් ලංකාවේ ලස්සන (ස)
රටම හිනැහුණා වැස්ස ඇවිල්ලා ජලාශ පිරිලා. වාන් දොර ඇරුණා මට සතුටුයි මට සතුටුයි.. (ස)
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ (ස)
දැන්වත් අර සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලට හිනා වෙන්න පුළුවංද දන්නෙ නැහැ..(නු)
රජවරු රට පාලනය කරන කාලෙ අඩුම තරමින් රටේ සියයට අසූවක්වත් වගාකලා වැහි ජලයෙන්...ඉතිරි සියයට විස්ස තමයි මුහුදට මුදා හැරියේ.. දැං ඒක සිදුවෙන්නේ වෙනත් විදියකටයි.. 80% අපතේ යනවා 20% තමයි ප්‍ර යෝජනයට ගන්නේ.. අපේ වාරිමාර්ග පද්ධතියට මොකද වෙලා තියෙන්නේ..?(නු)
අලුත්ම ජලාශය ඉහළ කොත්මලේ..!(නු)