IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉසිපතන විදුහල් හිටපු රග්බි ක‍්‍රීඩක පියුම් සමුගනී

කොළඹ ඉසිපතන විදුහලේ හිටපු කීර්තිමත් රග්බි ක‍්‍රීඩකයකු සහ නායකයකු මෙන්ම රග්බි කමිටුවේ හිටපු ලේකම්වරයකු වන පියුම් ප‍්‍රසන්න මහතා අභාවප‍්‍රාප්ත විය. අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 41 වැනි වියේ පසු විය.

ඉසිපතන රග්බි ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි පිල ලෙස සැළකෙන 1992 කණ්ඩායම අපරාජිත වාර්තාවක් තබමින්, ප‍්‍රධාන රග්බි ශූරතා තුනම දිනාගැනීමට සමත් වූ අතර එම කණ්ඩායමේ ‘ෆ්ලෑන්කර්’ සහ ‘හුකර්’ ක‍්‍රීඩකයකු ලෙස හෙතෙම කටයුතු කළේය. වයස 13 න් සහ 15 න් පහළ කණ්ඩායම්වල නායකයා ලෙස ද ඔහු කටයුතු තර තිබේ.

වසර 2007 සිට 2011 දක්වා ඉසිපතන විදුහල් ආදි රග්බි කමිටුවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. තම පාසලට අසීමිත ඇල්මක් දැක්වූ පියුම් ප‍්‍රසන්න මහතා 1992 වසරේ ආනන්ද විදුහලට එරෙහිව පැවැති අවසන් මහ තරගයට සිය පියාගේ අවමංගල උත්සවයට සහභාගි නොවී ක‍්‍රීඩා කළ බව එම විදුහලේ ආදි රග්බි කමිටුව පවසයි.
ඒ මහතාගේ දේහය අඟුලාන දුම්රියපොළ පාරේ, උද්‍යාන පෙදෙසේ දෙවැනි පටුමගේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (13) පස්වරු 4.30 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 



අදහස් (0)

ඉසිපතන විදුහල් හිටපු රග්බි ක‍්‍රීඩක පියුම් සමුගනී

රිස්වාන් Tuesday, 12 February 2013 08:19 PM

පව් මොනවා උනත් පියාගේ මළ ගෙදරට සහභාගී නොවන පුතාගෙන් මටනම් සත පහක වැඩක් නැහැ..!(නු)

:       0       0

ධනුක Wednesday, 13 February 2013 04:07 PM

මම පාසල් සිසුවෙක්ව සිටි අවදියේදී ඔබ රග්බි ක්‍රීඩාවේ පතාක යෝධයෙක්. නිවන් සුව ඔබට! (නි)

:       0       0

අරුණ Wednesday, 13 February 2013 11:36 AM

පියුම් සොහොයුර, මම ඔබ ගැන බෙහෙවින් කණගාටු වෙමි. (නි)

:       0       0

තරංග Tuesday, 12 February 2013 11:01 PM

පියුම් අයියෙ ඔබට නිවන් සුව අත්වේවා..!(නු)

:       0       0

රාජසේකර Wednesday, 13 February 2013 03:04 AM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

මහීමා Wednesday, 13 February 2013 12:45 PM

ඉසිපතනේ අපිට ඔබ කෝටියක් වටිනවා. ඔබට නිවන් සුව අයියා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site