
ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් උතුරු ඊශ්‍රාලයට මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබෙන අතර ඔවුන් මේ වන විට මැදපෙරදිග කලාපයේ ඇමරිකන් ඉලක්ක වෙත පහර දෙන බව අල් ජසීරා වාර්තා කරයි.
ඇමෙරිකානු හමුදා කඳවුරු පවතින කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකද පිපිරීම් වාර්තා වෙයි. ඒ් ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙනි.
ඉරානයේ 'ෆාර්ස්' පුවත් ඒජන්සිය තහවුරු කළේ කටාර්හි අල් උඩෙයිඩ් (Al Udeid)ඇමරිකානු ගුවන් කඳවුර සහ බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ 5 වන බලඇණි මූලස්ථානය ඇතුළු එම රටවල පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවය.
කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තම රට ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර ගණනාවක් සාර්ථකව මැඩපැවැත්වූ බවය. සවුදි අරාබියේ අගනුවර වන රියාද් නගරයෙන්ද පිපිරීම් හඬ ඇසුණු බව ඒ.ඒෆ්.පී. පුවත් සේවය වාර්තා කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී ඒරට ආරක්ෂක අංශ ඉරාන මිසයිලවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රතිප්‍රහාරවලදී එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd