(අංජුල මහික වීරරත්න)

දෙවැනි ඉරාන නැවේ සිටි මගීන් බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

චම්පික රණවක මහතා මේ බව පවසන්නේ සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.

"ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රකිමින්, මානුශීය දයාව අන් සියල්ලට ඉහලින් ඇතිබව ලොවට පෙන්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් එඩිතර තීරණයට අපගේ ගෞරවය" යනුවෙන් චම්පික රණවක මහතා සටහන් කරයි.