ඉබෝලා වයිරසය ආසාධනය වී ඇති බවට සැක කරමින් නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවකට එම වයිරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය.

වයිරසය වැළඳී ඇතැයි යන සැකය මත ඇය බැංගලෝරයේ නිරෝධානයට කෙරුණි. සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඇයට ඉබෝලා වයිරසය ආසාදනය වී නැති බවය.

එම කාන්තාව ඉබෝලා වයිරස ආසාදිතයකු වූයේ නම්, 2014වසරෙන් පසු ඉබෝලා වයිරසය දකුණු ආසියාතික රටකින් වාර්තා වූ පළමු අවස්ථාව වනු ඇතැයි ද පැවැසෙයි.