(යොහාන් භාසුර)

පෞද්ගලික ඉන්දන බෙදාහැරීමේ සමාගම්වල ඉල්ලීම පරිදි ඇතැම් විට ඉන්ධන මිල පිළිබඳව කිසියම් තීරණයක් ගැනීමට සිදුවිය හැකි බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (14) පැවසීය. 

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රටතුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව කළ විමසුමකදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එසේ පැවසීය. 

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම්වල ඉල්ලීම පිළිබඳව සැළකිල්ල යොමු කර ඉදිරියේදී පයවර ගන්නා බවත් එසේ නැත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාපේක්‍ෂව අඩු මිලකට අළෙවි කරන අතර අනිකුත් සමගාම්වලට ඉහළ සහ පහළ සීමාවක් නියම කර ඔවුන්ගේ මිලට ඉන්ධන අළෙවි කරන ලෙස තීරණය කිරීමේ හැකියවාව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

අර්බුදයේ විසඳුම් හැවියට අවස්ථාවන් කීපයක් ඇති බවත් විවිධ මිල ගණන් ඉදිරිපත් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා කීය.   

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගිය ද මෙරට ඊටවඩා අඩු මිලකට ඉන්ධන අළෙවි කරන බව කී අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පැවසුවේ පෞද්ගලික බෙදාහැරීම් සමාගම් කීපයක් මෙම තත්වය දිගින් දිගටම පවත්වාගෙන යා නොහැකි යැයි කරුණු ඉදිරිපත් කර ඇති බවත්ය.