කල්පිටියේ සිට නාවික සැතපුම් විස්සක් ඈතින් ශ්‍රී ලංකා ධීවර යාත්‍රා පෙළකට ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හදිසි ගුවන් විදුලි පණිවඩයක් කල්පිටියට ලැබී ඇත.
කල්පිටිය ධීවර යාත්‍රා සංගමය එය විජය නාවික හමුදාවට දැනුම් දී ඇත.
ශ්රී ලංකා ධීවර යාත්‍රා දහයකට ඉන්දියා ධීවර යාත්‍රා තිහක් පමණ වටකර ගෙන දැල් ඇතුළු ධීවර යාත්‍රා වලට හානි කර ඇතැයි ගොඩබිමට වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ ජයලලිතාද නැත්නම් ඉතිරිවෙලා ඉන්න කොටිද ඉන්දියා රජයද? ධීවරයින්ද? කියා සොයා බැලිය යුතුයි..!(නු)
අපේ ධීවර ඇමතිතුමා ඊයේ, පෙරේදා ඉන්දියාවේ ධීවර සමිති සමග කතා කලා කිව්වා නේද?(නදී)
මෙයාලා මොකක්හරි ගැටළුවකට පොටක් පාදාගන්නයි හදන්නේ. (නි)
අනේ හරිම සතුටුයි. තව තවත් ඉන්දියාවේ බැතිමතුන්ට කන්න බොන්න දීලා හොදට සළකන්න. (නි)
කට්ටිය කොහොම හරි ජාතිවාදී කෝලාහලයක් ඇති කරගන්න දගලනවා වගෙයි පෙනෙන්නේ. නරියෙකුට තමන්ගේ මිත්‍ර හාවා කන්න ඕනා වුනාළු. යාළුවා නිසා එකපාරටම කන්නත් බැරිළු. ඉතින් ගලක් ගෙනත් තියලා කිව්වළු මේ ගල උඹේ කියපන් කියලා. මම මගේ කියන්නම් කියලා. එහෙම රංඩුවක් හදාගෙන අපේ රට කන්නයි හදන්නේ. ඉන්දියාව කියන්නෙත් ලෝකටම කරුමයක්.(නදී)
සෝමාලි මුහුදු කොල්ලකරුවන් මර්දනයට යන අයට ලංකාවේ ධීවරයින් කොල්ල කන දකුනු ඉන්දියානුවන් මෙල්ල කළ නොහැකිද? මමත් උතුරු ඉන්දියාවෙන් මෙහි පැමිණ සිංහලයන්ට අනුගත වූ අයෙකුගෙන් පැවත එන්නෙක්. එදා ඉදලම මෙයාලා හේ රටට කළේ ඔක තමයි.(නදී)
ඉන්දියන් කට්ටිය චන්ඩි පාට් දාන්න එනවා වගේ. (නදී)
තිසල් ඔය කතාව හොඳට ගැලපෙනවා අද ලංකාවේ තිබෙන නොසන්සුන්කාරී ආගම්වාදී කට්ටිය කරනදෙවල් බලනකොට. බෞද්දයාට බලනකොට හැම පැත්තෙන්ම ගුටි තමයි. ඒක සිදුවීමට හේතුව බලා පිලියමක් කරොත් හොඳයි අනුන්ගේ ආගම්වල තියෙන අඩුපාඩු හොයනවාට වඩා.(ස)
රට පාවා දෙන්නවුනි, සිදුවන්නට යන දේ නොපෙනෙන්නේද? (නි)
ප්‍රවීන්.., සිංහල ජාතිය කියන්නේ මනුස්ස කම තියෙන ජාතියක් ඒකයිඑහෙම ඉන්දීය බැතිමතුන්ට සැලකුවේ.. (ස)
මේවා හොද වැඩ නෙමෙයි (දී)
දීවරයිනේ නැගිටිවු! ඉන්දියාව යනු ලංකාවේ කොළණියක් නොවේ. (නි)