ඉතාලියේ ජාතික කරාතේ සංචිතයේ ප්‍රධාන පුහුණු උපදේශක සහ තාකිෂනික අධ්‍යක්ෂක ෂිහාන් ඔෆේලියෝ මිචිලාන් මහතා සහ ගුඩිවිල් ජාත්‍යන්තර කරාතේ සම්මේලනයේ සභාපති නීතිඥ ජූසි පිචෙලෝ මහත්මිය දිවයිනට පැමිණියහ.
ඉතාලියේ වෙසෙන ප්‍රවීන ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන සඳුන් ලක්සිරි මහතාගේ මැදිහත්වීම මත මෙරට කරාතේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් මොවුහු ශ්‍රී ලංකාවට ආහ.
ගුඩිවිල් ජාත්‍යන්තර කරාතේ සමිෙමිලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ රෙන් බු කාන් කරාතේ පාසලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ජපන් ෂෝටෝකාන් කරාතේ දෝ පාසැලේ නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ෂිහාන් ඔෆේලියෝ සහ ජුසී පිචෙලෝ ඉතා උණුසුමි අන්දමින් පිලිගනු ලැබීය.
දින පහක් මෙරට රැදී සිටින ෂිහාන් ඔෆේලියෝ සහ ජුසී පිචෙලෝ වෙන්නප්පුව ඇල්බටි පීරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වෙනි ‘ජිකෝ‘ ජාත්‍යන්තර තරාතේ පුහුණු කඳවුරේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කරාතේ පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතය.
මීට අමතරව මෙම යුවළ විසින් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කොළඹ ටොරිංටන්හිදී විශේෂ පුහුණු වැඩමුළුවක් පැවත්වීමටද නියමිතය.
ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගැනීෙමි අවස්ථාව ඉතා ඉක්මනින් ලගා කර දීම තම සංචාරයේ අරමුණ බව දිවයිනට පැමිණි ෂිහාන් ඔෆේලියෝ මහතා සහ ජුසී පිචෙලෝ කටුනායනදී කීහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට අපේ ස්තූතිය! (නි)
අන්න හොදයි (දී)
ඒ මොකටද ඒ (දී)
අදහස නම් ඉතාම හොඳයි. ඒත් දවස් 5කින් පුහුණුව දෙනවා කියන එකනම්, අනේ මන්දා.... (නි)
මට නම් සැකයි මොකටද දන්නේ නැහැ (දී)