ෆිරෙන්සි, නාපෝලි, මිලානෝ නගරවලින් පැමිණි ලාංකීකයන් සහ රෝමයේ වෙසෙන ලාංකීකයන් 200කට අධික පිරිසක් එක්ව රෝමයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය විරෝධතාවක් පැවැත්වූහ. ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා ඉරිදා සේවය යලි සලසන ලෙසද, දුර පළාත් සඳහා තානාපති ජංගම සේවය ඇති කරන ලෙස ද, තානාපති කාර්යාල සේවය නිසි පරිදි පවත්වාගෙන යන ලෙස ද ඔවුහු සාමකාමී උද්ඝෝෂණයක් කළහ. තානාපති අසිත පෙරේරා වෙනුවට වඩාත් කාර්ය ශූර තානාපතිවරයකු ලබා දෙන ලෙස ද ඔවුහු ජනපතිගෙන් ඉල්ලති.
මේ ගැන විමසීමට අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හැටී වැඩ නොකෙරුනොත් ඉදිරියේදී පැරිසියෙ තානාපති කාර්යාලය ඉදිරිපිටත් උද්ඝෝෂණ කීරීමට සූදානම් බව එහි නිළදාරින්ට මතක් කරදීමට කැමතිය. (නි)
ඕකට මොකද අපි කරන්නේ (දී)
අයියෝ සල්ලි (දී)
සහතික ඇත්ත මටත් එපා වෙලා (දී)
ඔතන කලින් විදේශ අමාත්‍යංශයේ දක්ෂ නිලධාරීන් හොදට වැඩ කලා. කොන්සියුලර් අංශය බාරව ධර්මපාල කියලා රත්තරන් මහත්තයෙක් හිටියා. එතුමා කරපු සේවය ඉතාලියේ ඉන්න කිසි කෙනෙකුට අමතක වෙන්නේ නැහැ. ඒ නිලධාරියා වැඩ කලා විතරයි කිසි ප්‍රසිද්දියක් ගත්තේ නැහැ. (නදී)
රෝමයේ තානපති කර්‍යාලය ලග උද්ගෝශ්ණයක් කලේ ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉතාම සුලු පිරිසක්. එදා තානාපති කර්යාල ඉදිරිපිට උද්ගෝෂණ කලේ කොටි හිතවාදින් ලෝකයට පේන්න. බටහිර රාජ්‍යවල අවදානය යොමුකර ගෑනීම සදහා,නමුත් අපගේ කොන්සියුලර් සේවා ප්‍රස්නයකදී මෙවෑනි උද්ගෝෂණයක් කිසිසේත්ම අනුමත කල නොහෑක. නමුත් අපෙ ප්‍රස්ණ අපවිසින් විසදාගතයුතුයි යන සංකල්පයේ ඔබලා එල්බසිටියත්, ඉතාලි රජයෙන් ප්‍රස්ණයට කිසිදු විසදුමක් ලෑබුනේ නෑත.නමුත් අප රටට කුණු ටිකක් නම් ඔබලා එකතුකර තිබේ.ඒ අපේ ප්‍රස්න ලෝකයා හමුවේ තෑබීමයි.මෙයට හොදම විකල්පයක් තිබුනි. මුලු ඉතාලිය පුරා විශාල පෙත්සමක් අත්සන් කලානම් ලක්ෂයකට වඩා අත්සන් කරනු නියතය. ඉරිදා තානාපති සේවය අනිවාර්ය කලයුතුය. ම්න්ද විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්න ඉතාලියේ ඔවුන්ට තානාපති කර්යාලයෙ සේවාදායකයා අනිවර්යෙන්ම පෑමිණියයුතු වෑඩවලදී ඉරිදා නිවාඩු දිනය ඉතාම වෑද්ගත් නිසාවෙනි, අනෙක ජංගම සේවය. මිලානෝ, නාපෝලි වෑනි නගර වල විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටී .නමුත් තානාපති කර්යාලයේ අභ්‍යන්තර ප්‍රස්ණ ශ්‍රී ලාංකිකයන්ගේ සේවයට ප්‍රස්ණයක් නොකර ගන්නා ලෙස වගකිවයුතු අංශවලින්ද ඉල්ලා සිටිමි.(නදී)
තත්වය බලාගෙනයි (දී)
එයාලට ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
මොකද්ද මේ ප්‍රශ්නය (දී)
ඉරිදාට එම්බසිය අරින එක නම් හොදයි. (නි)
පාලකයිනි, ඡන්දවලට වැඩකරපු අයට රැකියා දීලා තානාපති සේවයට එවන්න එපා. (නදී)
තානාපති තුමාවත් ගෙන්න ගත්තා නේද (දී)
හරියට දුරකතනයටවත් උත්තර දෙන්නෙ නැහැ. (නි)
ඇත්තටම ඉතාලියේ පවත්වපු අසාර්තකම උද්ඝෝෂනය මෙයයි. අහිංසක මිනිසුන් නොමග යවා පුද්ගලික උවමනාවක් සපුරාගන්න කරපු උද්ඝෝෂනයක් මේත.(නදී)
දැන් අස්වෙලා ගෙදර යයි නේද?(නදී)
ඉතාලියේ නෙමේ ලංකාවෙ ඉතාලි තානාපති කාර්යාලයට ගිහින් බලන්න. ඩබිලිවි.ටී.සී එකේ ඔෆිස් එකට ගියාම ෆෝම් පුරවන්න එපා කියනව. එයාල පුරවන්න සල්ලි ගන්නවා. (නදී)
ඇත්තටම ඔයාල හිතන විදියට ඉරිදා වැඩකරන එක සාධාරනයි නම්, එතකොට ඒ නිවාඩු දවස්වල වැඩකරන නිලධාරීන්ගේ නිවාඩු ගැන කවුද කථාකරන්නේ. ඒ අයට සතියට දවස් හතක් වැඩකරන්න කියලද කියන්නේ. ඒ ගොල්ලො තානාපති කාර්යාලයට වැඩකළත් අමතක කරන්න එපා එයාලටත් සේවක අයිතිවාසිකම් තියනවා කියලා. ඒ වැඩකරන නිලධාරිවරුනුත් මිනිස්සු. එයාලටත් පවුල් තියනවා. ඔයාල ජීවත්වෙන ලෝකෙ තියන හැම ප්‍රශ්නයක්ම එයාලටත් තියනවා. (නි)
ජර්මනියෙත් එකක් සංවිධානය කරනවා කියලා ආරංචියි. ජනාධිපතිතුමනි! මේකත් කොටින්ගේ වැඩක්ද? (නදී)
චින්තක, ඒ වගේම ලංකාවේ ඉතාලි තානාපති කාරයාලේ පැය ගනන් ඒළියේ ඉද්දි නැත්නම් උප්පැන්නේ වාසගම වචන දෙකක් වෙලා කියලා නම වෙනස් කරන්න කියද් දි එහෙම ඔය උද්ගෝෂන තියන්න හිතෙන් නැද්ද දන්නෑ කට්ටියට. තමන්ගේ වැඩේට අදාල ඕනකරන දේවල් හරියට තිබ්බා නම් ඔතන ප්‍රශ්ණයක් වෙන් නෑ වෙලා යන්නෙත් නෑ. මම එතෙන්දි ඒක හොඳට දැක්කා. ඒත් අදාල දේවල් නැතිව ගිහින් කෑ ගැහුවට තමන්ගේ වැඩේ කරගන්න බැ. අනෙක ඉරිදා වැඩකලේ ස්වේච්චාවෙන් කියලා එම්බසිය කිව්වා නේද. අපේ අයම නේද වැඩේ කා ගත්තේ.(නදී)
උද්ඝෝෂනය සාදාරනයි. ජනාදිපතිතුමනි, ඔබගේ අවදානය යොමු විය යුතුයි.(නදී)
මේක අරයගෙ වැඩක්.(නදී)
මේක පිටුපස කවුරු හරි පරණ කෙනෙක් ඉන්නව වාගෙයි පෙනෙන්නේ. අනිත් එක ඉතාලියට එවන්න ඕනෙ කැළණියේ හිටපු කෙනා වගේ කෙනෙක් නැත්නම් ඔලුව ගහගෙන ඉන්න අමාරුයි.(නදී)
මේ සම්භන්දව හැමදාම කථා වෙනවා නේද (දී)
කොච්චර හොද කලත් කානාපති කාර්යාලවල අයට හොදක් අහන්න ලැබෙන්නේ නැහැ. කොහොමටත් සියයට සියයක් සතුටු කරන්න අමාරුයි. සියයට අසූවක් වත් සතුටු වෙන විදයේ සේවයක් කරන්න තමයි උත්සහ ගත යුත්තේ.(නදී)
දේශපාලන බලයෙන් ලැබෙන තනතුරුවලින් ජනතාව සතුටු කරන්න බැහැ. සුදුස්සෝ හදුනාගෙන සුදුසු තැන දෙන්න. එතකෙට තමයි ජනතාව සුදුස්සෝ අදුනාගන්නේ.(නදී)
ලංකාවේ ශ්‍රමිකයින් ඉන්න ගොඩක් රටවල මෙහෙම තමයි. අසරණ ලාංකිකයෝ දුක්විදිනවා. මේවයේ ඉන්න අය වැජඹෙනවා.(නදී)
වැරදි නැත්නම් බය වෙන්න ඕන නෑ. වැඩේ ඇත්ත නම් ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. අරයට මෙයාට ඇඟිලි දික් නොකර. . (ස)
අරයගේ මෙයාගේ කිය කියා ඉන්නේ නැතිව කව්ද කෙනා කියලා කෙලින් කියන්නකෝ අනේ . (ස)
ඇත්ත මේ සම්භන්දව දැඩිව කතාවට ලක් උනා (දී)
ඉතාලියේ විතරක් නෙමෙයි ජර්මනිය ඇතුළු යුරෝපයේ ගොඩක් රටවල ලංකාවේ තානාපති සේවය අකාර්යක්ෂමයි. පාස්පෝට් එකක් ගන්න රුපියල් විසිපන්දහසක් විතර මුදලත් වැඩිපුර ගෙවලා මාස දෙකක් තුනක් බලාගෙන ඉන්න ඕනේ. දියුණු රටවල තානාපති සේවයට දාන්නේ හොදින් පුහුණු කරපු නිලධාරීන්.(නදී)
ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ 70 කටත් අඩු පිරිසත් සහභාගී වුනේ.(නදී)
ඇයි ඔක්කොම හිතල ඉතලි යන්නේ හරි ම හොඳයි කියලනේ දැන් මොකද වෙලා තියෙන්නේ, ඔහොම යන්... (ස)
බොරු කියන්න එපා කට්ටිය රෝමයේ අය පමණයි. . (ස)
ශ්රී ලංකා තානාපති කාර්යාලය වසා තිබෙන දවසට ඕක කරලා වරඩක් තියනවද? (නි)
තමන්ගේ රාජකාරිය හරියට කරන්න (දී)
මෙතන පිට නගර වලින් ආපු අය නැහැ. සේරම ඉන්නෙ රෝමයේ අය. (නි)
මෙහි සහභාගී වූ පිරිසේ ප්‍රරමාණය 200 ක් නොව 350 ක් පමණ බවට නිවැරදි විය යුතුය.(නදී)