IMG-LOGO

ඉතාලි කුණු කරවල කඩේට ලක්ෂ 12ක දඩ

මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ  නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික ආරක්ෂණ සේවය 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට යුරෝ 7600 (රුපියල් 1262512ක) දඩයක් ගැසීය.  ලේබල් නැතිව අහාර ද්‍රව්‍ය විකිණීමට තැබීම අපිරිසුදු භාජන, ආදිය තබා ගැනීම ගැන ඔහු වැරැදිකරු විය.



අදහස් (0)

ඉතාලි කුණු කරවල කඩේට ලක්ෂ 12ක දඩ

ධනුෂ්ක Sunday, 27 January 2013 12:50 AM

ඉතාලියෙ එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන්නේ නැහැ..!(නු)

:       0       0

වීරා Saturday, 26 January 2013 12:38 PM

බටහිර රටවල් අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරන බව මම පුන පුනා කිවුවා. දැන් තේරෙනවා නේද මම කියන දේවල් හරි කියලා. (නි)

:       0       0

කිවි Saturday, 26 January 2013 12:54 PM

සුදු මහත්වරුන් කරවල ගැන දන්නවාද? කරවල ගදට හිතන්න ඇති කුණු මාළු කියලා...!(නු)

:       0       0

ඉන්දිකා Saturday, 26 January 2013 12:09 AM

කරවල විතරක් නෙවේයි ලංකා අරක්කූවත් ප්‍රමිතියකට නොමැත. ගොඩක් යුරෝපීය රටවල් ලංකාවේ අරක්කු ගෙන්නන්න අවසර දී නැහැ . බෝතලෙන් බෝතලේට ප්‍රමිතිය වෙනස්... හරියට සීල් කරලා පැකට් කරලා තිබ්බ නම් හරි (නු)

:       0       0

සංජීව Saturday, 26 January 2013 12:13 AM

කමල් ඉතාලියෙ කරවල උම්බලකඩ හාල්මැස්සෙ වගේ ආහාර විකිණීම තහනම්.. ලංකාවෙ වගේ තමන්ගෙ හිතුමතයට බඩු විකුණන්න බැහැ.. ලංකාවෙ උනත් මෙම ආහාරවලට ප්‍රමතියක් දෙන්නෙ නැහැ.. මොකද මේ වගෙ ආහාර වර්ග සහතික කරන්න බැරි නිසා..!(නු)

:       0       0

දමිත Saturday, 26 January 2013 12:40 AM

ඉතාලියෙ එහෙම හිතුමතේ කඩ කරැන්න බැහැ..!(නු)

:       0       0

ප්‍රනාන්දු Sunday, 27 January 2013 04:40 AM

හුරුල්ලෝ මමියක් එහෙම අහුවුණා නම් එහෙම තව රුපියල් ගාණක් දඩ ගහන්න තිබුණා. (නි)

:       0       0

සදුන් Sunday, 27 January 2013 04:40 AM

ජාඩි තිබුණා නම් මොනවා වෙයිද (නි)

:       0       0

ජෝස් Sunday, 27 January 2013 04:50 AM

අයියෝ මල්ලි, ඔයා ලංකාව කනවනේ. (නි)

:       0       0

සනා Saturday, 26 January 2013 02:35 PM

අනේ කමලෝ, ඔයා හිතුවද ඉතාලියේ ඉන්නේ ඔයා වගේ මෝඩයෝ කියලා? (නි)

:       0       0

ඩැක් Saturday, 26 January 2013 02:47 AM

ලංකාවෙම තව කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති. (නි)

:       0       0

එච්.ඩබ්ලිව්. සංජීව Friday, 25 January 2013 04:56 PM

මේකට තමයි කියන්නේ ලංකාවේ ස්ටයිල් එක කියලා. (ස)

:       0       0

ගාමිණී Friday, 25 January 2013 05:06 PM

ඕය දඩේට සැලෙන්න එපා මල්ලී. ලංකාවේ දෙන්නෙක් ඉතාලියට අදින්නකෝ. (ස)

:       0       0

මනෝජ් Friday, 25 January 2013 05:11 PM

ලංකාවේ වගේ කුණු ආහාර විකුණන්න මේ රටවල බැහැ. (ස)

:       0       0

දමිත් Sunday, 27 January 2013 10:50 AM

මිනිස්සුන්ට ජරාව දෙන්නේ එපා (දී)

:       0       0

මංගල Friday, 25 January 2013 05:12 PM

ලංකාවේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් මෙහෙම තමයි. (ස)

:       0       0

අමිල Friday, 25 January 2013 05:15 PM

ඔය ලංකාව නෙමෙයිනෙ අයියා... (ස)

:       0       0

ප්‍රකාෂ් Saturday, 26 January 2013 05:44 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

වසන්ත Friday, 25 January 2013 05:14 PM

ගොනා පොල් පැලේට හැරිලා (ස)

:       0       0

ලෙපර්ඩ් Saturday, 26 January 2013 06:33 AM

අරාබියෙ හිටියනම් මෙයාව මාලු පිහියෙන් කපලා වේලන්න දායි. (නි)

:       0       0

කමල් Saturday, 26 January 2013 06:28 PM

සංජීවගේ කතාවට මමත් එකගයි. (නි)

:       0       0

භාතිය Saturday, 26 January 2013 07:38 AM

කමල්, ඔබ වර්තමානයට හුගක් පිටුපසින් සිටින්නෙකු බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 09:42 AM

වැරදි දේ කොහොමත් වැරදි ලෝකෙ කොහෙ කලාත්.... උපරමි දඩුවම් ලැබිය යුතුයි.. අනෙක් අයට දැනෙන්න..!(නු)

:       0       0

පිටිගල Friday, 25 January 2013 06:23 PM

මිලානෝ වල ලාංකික කඩවලත් කල් ඉකුත් වූ භාණ්ඩ විකුණනවා දිනය මාරුකරලා. (නි)

:       0       0

කුමාර Friday, 25 January 2013 06:30 PM

හඳුනානොගත් අල වර්ගය මොකද්ද? (නි)

:       0       0

ආනන්ද Friday, 25 January 2013 06:42 PM

කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරුවෙයිද? (නි)

:       0       0

කමල් Saturday, 26 January 2013 10:27 AM

භාතිය මහත්තයෝ අතීතයේ කරවල වලයි වර්තමානයේ කරවල වලයි දුගදේ වෙනසක් තියෙනවාද? (නු)

:       0       0

කමල් Friday, 25 January 2013 08:23 PM

මම හිතන්නේ ඕක ලංකාවේ කවුරුහරි ඉතාලි පාරිභෝගික ආරක්ෂක සේවය නොමග ඇරීමක්. මොකද ලංකාවෙත් කරවල කඩවලට ප්‍රමිතියක් තියෙනවද ? කරවල කොහොමත් දුඟඳයි. මේක අනිවාර්යයෙන් දියුණුව බලා ඉන්න බැරි අඳබාලයෙකුගේ වැඩක්. (ස)

:       0       0

ඩෑම් දෝහා Saturday, 26 January 2013 10:57 AM

මාළු ටිකත් කරෝල වෙන්න තියලා ඇති.. කරෝල ටික උම්බලකඩ කරන්න හිතුවද දන්නෙ නැහැ..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:58 AM

කොහොම උනත් කුණු ගොඩක් තමයි අපේ අය ඉන්න තැන්..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:59 AM

අපේ අය අපේ අයවම විවේචනය කරන්නේ ගොඩක් පිටරටවල සිදුවන අත්ත සිදුවීම් නිසයි..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 25 January 2013 09:00 PM

අපේ ලංකාවෙ නම කන්නෙම ලංකාවෙ උදවියනේ. චෑහ්. කැතයි වැඩේ. කාට වුනත් සල්ලි දීලා බඩු ගන්න මිනිහට කූණූ බඩු දෙන්න ඇයි මේ බොළඳ මිනිසුන් පෙළඹෙන්නේ. දඩේ මදි..

:       0       0

සෑම් Friday, 25 January 2013 09:11 PM

කුණු වුනත් මොකද කෑම රහයිනේ. (ස)

:       0       0

කමල් Saturday, 26 January 2013 11:22 AM

හදුනානොගත් අල වර්ගය මොනවාද කියලා එහෙ ඉන්න ලාංකිකයෝ අනිවාර්යයෙන්ම දන්නවා ඇති.. අනික කරවල සදහා මාළු සූදානම් කළ විට එය මාළු වශයෙන් පරිභෝජනයට කොහොත්ම නුසුදුසුයි.. මම විශ්වාසකරනවා ලංකාව වගේ ඉතාලියෙ කරවල තොග වශයෙන් නිශ්පාදනය නැහැ කියලා.. එනිසා මොහු කරවල නිශ්පාදනය කරලා අලෙවි කරන්නෙක් විය යුතුයි.. අනිවාර්යයෙන්ම මෙය නොමග යැවීමක් හෝ නොමග යාමක්.. ඒනිසා භාතිය මහත්තයෝ ඔබ වර්තමානයට ඇවිත් ටිකක් හිතලා බැලුවොත් හොදයි..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 26 January 2013 11:17 PM

බොහොම සතූටූදායක පූවතක්. (නු)

:       0       0

චන්ද්‍රා Saturday, 26 January 2013 11:19 PM

මෙම දැන්වීම සහිත පත්තර පිටුව ලංකාවෙ පාරිභෝගික අධිකාරියේ සිටින නිලධාරින්ට බලන්න සැලැස්වීමට හැකිනම් යහපති..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site