මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික ආරක්ෂණ සේවය 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට යුරෝ 7600 (රුපියල් 1262512ක) දඩයක් ගැසීය. ලේබල් නැතිව අහාර ද්‍රව්‍ය විකිණීමට තැබීම අපිරිසුදු භාජන, ආදිය තබා ගැනීම ගැන ඔහු වැරැදිකරු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙ එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන්නේ නැහැ..!(නු)
බටහිර රටවල් අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරන බව මම පුන පුනා කිවුවා. දැන් තේරෙනවා නේද මම කියන දේවල් හරි කියලා. (නි)
සුදු මහත්වරුන් කරවල ගැන දන්නවාද? කරවල ගදට හිතන්න ඇති කුණු මාළු කියලා...!(නු)
කරවල විතරක් නෙවේයි ලංකා අරක්කූවත් ප්‍රමිතියකට නොමැත. ගොඩක් යුරෝපීය රටවල් ලංකාවේ අරක්කු ගෙන්නන්න අවසර දී නැහැ . බෝතලෙන් බෝතලේට ප්‍රමිතිය වෙනස්... හරියට සීල් කරලා පැකට් කරලා තිබ්බ නම් හරි (නු)
කමල් ඉතාලියෙ කරවල උම්බලකඩ හාල්මැස්සෙ වගේ ආහාර විකිණීම තහනම්.. ලංකාවෙ වගේ තමන්ගෙ හිතුමතයට බඩු විකුණන්න බැහැ.. ලංකාවෙ උනත් මෙම ආහාරවලට ප්‍රමතියක් දෙන්නෙ නැහැ.. මොකද මේ වගෙ ආහාර වර්ග සහතික කරන්න බැරි නිසා..!(නු)
ඉතාලියෙ එහෙම හිතුමතේ කඩ කරැන්න බැහැ..!(නු)
හුරුල්ලෝ මමියක් එහෙම අහුවුණා නම් එහෙම තව රුපියල් ගාණක් දඩ ගහන්න තිබුණා. (නි)
ජාඩි තිබුණා නම් මොනවා වෙයිද (නි)
අයියෝ මල්ලි, ඔයා ලංකාව කනවනේ. (නි)
අනේ කමලෝ, ඔයා හිතුවද ඉතාලියේ ඉන්නේ ඔයා වගේ මෝඩයෝ කියලා? (නි)
ලංකාවෙම තව කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති. (නි)
මේකට තමයි කියන්නේ ලංකාවේ ස්ටයිල් එක කියලා. (ස)
ඕය දඩේට සැලෙන්න එපා මල්ලී. ලංකාවේ දෙන්නෙක් ඉතාලියට අදින්නකෝ. (ස)
ලංකාවේ වගේ කුණු ආහාර විකුණන්න මේ රටවල බැහැ. (ස)
මිනිස්සුන්ට ජරාව දෙන්නේ එපා (දී)
ලංකාවේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් මෙහෙම තමයි. (ස)
ඔය ලංකාව නෙමෙයිනෙ අයියා... (ස)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
ගොනා පොල් පැලේට හැරිලා (ස)
අරාබියෙ හිටියනම් මෙයාව මාලු පිහියෙන් කපලා වේලන්න දායි. (නි)
සංජීවගේ කතාවට මමත් එකගයි. (නි)
කමල්, ඔබ වර්තමානයට හුගක් පිටුපසින් සිටින්නෙකු බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. (නි)
වැරදි දේ කොහොමත් වැරදි ලෝකෙ කොහෙ කලාත්.... උපරමි දඩුවම් ලැබිය යුතුයි.. අනෙක් අයට දැනෙන්න..!(නු)
මිලානෝ වල ලාංකික කඩවලත් කල් ඉකුත් වූ භාණ්ඩ විකුණනවා දිනය මාරුකරලා. (නි)
හඳුනානොගත් අල වර්ගය මොකද්ද? (නි)
කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරුවෙයිද? (නි)
භාතිය මහත්තයෝ අතීතයේ කරවල වලයි වර්තමානයේ කරවල වලයි දුගදේ වෙනසක් තියෙනවාද? (නු)
මම හිතන්නේ ඕක ලංකාවේ කවුරුහරි ඉතාලි පාරිභෝගික ආරක්ෂක සේවය නොමග ඇරීමක්. මොකද ලංකාවෙත් කරවල කඩවලට ප්‍රමිතියක් තියෙනවද ? කරවල කොහොමත් දුඟඳයි. මේක අනිවාර්යයෙන් දියුණුව බලා ඉන්න බැරි අඳබාලයෙකුගේ වැඩක්. (ස)
මාළු ටිකත් කරෝල වෙන්න තියලා ඇති.. කරෝල ටික උම්බලකඩ කරන්න හිතුවද දන්නෙ නැහැ..!(නු)
කොහොම උනත් කුණු ගොඩක් තමයි අපේ අය ඉන්න තැන්..!(නු)
අපේ අය අපේ අයවම විවේචනය කරන්නේ ගොඩක් පිටරටවල සිදුවන අත්ත සිදුවීම් නිසයි..!(නු)
අපේ ලංකාවෙ නම කන්නෙම ලංකාවෙ උදවියනේ. චෑහ්. කැතයි වැඩේ. කාට වුනත් සල්ලි දීලා බඩු ගන්න මිනිහට කූණූ බඩු දෙන්න ඇයි මේ බොළඳ මිනිසුන් පෙළඹෙන්නේ. දඩේ මදි..
කුණු වුනත් මොකද කෑම රහයිනේ. (ස)
හදුනානොගත් අල වර්ගය මොනවාද කියලා එහෙ ඉන්න ලාංකිකයෝ අනිවාර්යයෙන්ම දන්නවා ඇති.. අනික කරවල සදහා මාළු සූදානම් කළ විට එය මාළු වශයෙන් පරිභෝජනයට කොහොත්ම නුසුදුසුයි.. මම විශ්වාසකරනවා ලංකාව වගේ ඉතාලියෙ කරවල තොග වශයෙන් නිශ්පාදනය නැහැ කියලා.. එනිසා මොහු කරවල නිශ්පාදනය කරලා අලෙවි කරන්නෙක් විය යුතුයි.. අනිවාර්යයෙන්ම මෙය නොමග යැවීමක් හෝ නොමග යාමක්.. ඒනිසා භාතිය මහත්තයෝ ඔබ වර්තමානයට ඇවිත් ටිකක් හිතලා බැලුවොත් හොදයි..!(නු)
බොහොම සතූටූදායක පූවතක්. (නු)
මෙම දැන්වීම සහිත පත්තර පිටුව ලංකාවෙ පාරිභෝගික අධිකාරියේ සිටින නිලධාරින්ට බලන්න සැලැස්වීමට හැකිනම් යහපති..!(නු)