රැකියාව සඳහා ඉතාලියට පැමිණි විදේශිකයන්ගෙන් සියයට දාහතක් පසුගිය වසරේ බලාපොරොත්තු සුන් වී නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බව ඉතාලි රජය පවසයි. කඩා වැටුණු ආර්ථිකයත් සමග 2012දී රැකියා නියුක්තිකයන්ගෙන් සියයට තිස් හතකට රැකියා අහිමි විය.
ඉතාලි ජාතික තරුණ තරුණියන් විශාල වශයෙන් රැකියා සඳහා විදේශ ගතවන බවත් විශ්‍රාමිකයන් ද තම වැටුපෙන් ඉතාලියේ ජීවත් වීමට නොහැකිව ටියුනීසියාව වැනි උතුරු අප්‍රිකා රටවලට යෑමට පටන් ගෙන ඇති බවත් ඉතාලි මාධ්‍ය පවසයි. පෙබරවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉතාලි මහ මැතිවරණය සඳහා නැවත වතාවක් ඉදිරිපත්ව සිටින හිටපු අග්‍රමාත්‍ය සිල්වීයෝ බෙරුලුස්කෝනිගේ ඡන්ද පොරොන්දු ඉටු කළ නොහැකි බව ඉතාලි ජාතිකයෝ පවසති. වාමාංශික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින පෙර් ලුයිජි බෙර්සානිට වැඩි වාසි පවතින බව මැතිවරණ සමීක්ෂකයෝ කියති.
ඉතාලියේ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයෝ නීත්‍යනුකූලව පදිංචිව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අනේ . මමත් ඉතාලි ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. මටත් තාම ජොබ් 1 ක් නෑ. ජොබ් නැති අය ගොඩක් මෙහේ ඉන්නවා (ස)
ජීවන වියදම් ඉහළ ගිහිං.. අපි කන හැටි ලිපා දනී කෑම බීම ලාබ නිසා මටත් හිතනවා දේපල විකුණලා චීනෙ පදිංචියට යන්න.!(නු)
කලක් වැඩ කරපු අය ලංකාවට යන්නේ 100% අර්ථසාධක අරමුදල ගන්න ඕන නිසා... ඉන් පසු හොරෙන්ම ඉතාලිවලට නැවත පැමිණ වැඩ කරන්න පටන් ගන්නවා.. මේ සංඛ්‍යාලේඛණ ඒගොලන්ගෙ..!(නු)
මොන බොරැද? ඉතාලි වලින් කෝටිපතියෙක් නොවී ලංකාවට ගිය කවුරුවත් නැහැ. ඒත් කියන්නේ නම් එන්න එපා ජොබ් නැහැ කියලා.. අපේ හැටි එහෙමයි..!(නු)
ඇත්තම කතාව කියන එක ලොකු දෙයක්.. නැත්නම් ගොඩ දෙනෙකක් හීන මවාගෙන ඉතාලි ගිහිල්ලා අමාරුවෙ වැටෙනවා..!(නු)
හැමදාම විදේශ රටවල රැකියාව කරලා හරියන්නෑ ලමයිනේ? ඒ රටවලින් අපේ ශුමය සුරාගෙන පිටුවහල් කලවිට අප ආපසු පැමිණිය යුත්තේ ලංකාවටමයි.ලාංකිකයන් ලෙස අප ඒකමුතුව සාමුහිකව කටයුතු කලානමි ලංකාවේ තිබෙන අගය කියා නිමකල නොහැකියි.ඒතරමි සමිපත් ප්‍රමාණයක් ලංකාවේ පවතියි.නමුත් අප අතර බොහෝ විට එහෙම දෙයක් නැහැනේ. ඒක නිසා තමයි උගතුන් මෙන්ම බොහෝ දෙනෙක් විදේශ ගත වෙලා තියෙන්නෙ..මේක අපේ අනාගත පරිහානියේ ලකුණක්. මේකට වගකිව යුත්ෙත් කවුද? අප දැන්වත් සිතාබැලිය යුතු කාලය එළඹී ඇත.(නු)
මදැයි ඉතාලි යන්න පෙරුම් පිරුවා? (නි)
ලංකාවට ආවයි කියලත් ඉතින් මොනවා කරන්නද? (නි)
නියං ආධාර නැද්ද?(නු)
මෙහෙ අය බොරුවට නැති දේවල් කියනවා.. ආවාම දැන ගන්න ලැබෙයි විදින මර දුක..!(නු)
මේක ඇත්ත... ලක්ෂ 15ක්දීලා අහුවෙන්න එපා..මමත් දැං රැකියා නැතිව ඉන්නෙ.. ලංකාවෙ උපාදි ධාරියෙකු උනත් අපට ඉතාම අඩු වැටුපක් තියෙන්නෙ..!(නු)
මේවා අත්තමද?(නු)
අනේ මමත් ඉතාලියෙ අවුරුදු 5 ක්හිටියා ආවෙ නීත්‍යානුකූලව.. ඒත් මගේ සියළු දේ අවලංගුවෙලා මොකද මම රස්සාවක් නැතිව ඉන්නෙ.. කන්නෙ පල්ලියෙන්.. නිදාගන්නේ මුඩුක්කුවක.. දවල්ට මිලානෝ උද්‍යානයකටවෙලා ඉන්නවා.. අපේ ලාංකිකයෝ අපිව දැක්කාම අහක බලාගෙන යනවා..!(නු)
පිටිගල ඉස්සර ඉතාලිය නෙවෙයි දැං තියෙන්නෙ.. ගිහින්ම බලන්න. ගොඩක් දෙනෙක් අන්ත අසරණ වෙලා එහ දැං..!(නු)
අපේ සිංහල අයගේ හැටිනෙ එකෙක් නැගිටිනකොට කකුලෙන් අදින එක. ඒක නිසා හැම කෙනාම කියන්නෙ මෙහෙ රස්සා නැහැ කියලා. මේ මගේ 7ත් වැනි අවුරුද්ද ඉතාලි වල ගෙවන. මට නම් ආපු දවසට දින දෙකක් යද්දි රස්සාවක් හම්බ වුණා. (නි)
අයියෝ! කියලා තියෙන කතා අහපුවම වහ බොන්නත් හිතෙනවා අප්පා..... මගෙ අයියත් ගියා, දැන් අවුරුද්දක් විතර ඇති. තාම ජොබ් එකක් නැහැ. මෙහෙ ගෙවල් දොරවල් සේරම උගස් කරලා පොලියටත් සල්ලි අරගෙන සෑහෙන කට්ටක් කාලා ගියා. දැන් ඉන්න තිබුන එකම ඉඩමත් අපිට නැතුව යන්න යන්නෙ. මොනව කරන්නද ඉතින්? අපේ ලැබීම වෙන්න ඇති. (නි)