IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉත්තෑ කූරු වැදී රෝහලට

ඇල්පිටිය ඕපාත සිට ඕමත්තට අද අලුයම යතුරුපැදියක යමින් සිටි ගනේගොඩ යූ මහේන්ද්‍ර අනුර කුමාර (31) ඉත්තෑවකුගේ සිරුරේ ගැටීමෙන් තුවාල ලැබුවේය. පාරේ සිටි ඉත්තෑවාගේ කූරු කිහිපයක් ඔහුගේ වම් කකුලේ ඇණුනි. කකුලේ  තදින් ඇනී තිබුණු ඉත්තෑකූරු ඉවත් කිරීමට සැත්කමක් කිරීමට නියමිතය.



අදහස් (67)

ඉත්තෑ කූරු වැදී රෝහලට

චින්තක Monday, 07 January 2013 06:03 PM

හිතා ගන්නත් බැහැ නේද (දී)

:       0       0

රාජු Tuesday, 08 January 2013 04:40 AM

මටත් මෙවැනි දෙයක් සිද්ධ වුණා මම පුංචි කාලෙ, 60 ගණන් වල, රත්නපුර දිස්ත්‍රක්කයේ පල්ලෙබැද්දෙදි. ඉලුක් කැලෑවක් ගිනිගන්න වෙලාවක ඉත්තෑවෙක් කැළෑවෙන් එළියට ආවා ගින්නෙන් බේරෙන්න. මිනිස්සුන්ට අහුවුණොත් ඌ මරන නිසා මල්ලීත් මමත් ඌ එළවාගෙන ගියා ඒ ළඟ වෙනත් කැලෑවකට. ඉත්තෑවා එක පාරටම කූරු විහිදවාගෙන නැවතුණා. මම ආපු වේගෙට ඉත්තෑවගෙ ඇඟ උඩට ඇද ගෙන වැටුණා. දනහිසෙත් කලවා වලත් ඉත්තෑ කූරු ඇනිලා මාසයක් විතර ඇවිදින්න බැරුව හිටියා. මොනව වුණත් ඉත්තෑවගෙ පණ බේරුනා. එකක් කියන්න ඕනෑ. ඉත්තෑවා කූරු විද්දෙ නම් නැහැ. (නි)

:       0       0

රුවන් Tuesday, 08 January 2013 05:41 AM

කොහොමද මේක? http://latapatalk.blogspot.it/2012/01/iththa-kuru-1300-anlia.html?m=1 (නි)

:       0       0

බන්දුල Monday, 07 January 2013 06:12 PM

ඊට පස්සේ ඉත්තෑවට මොනවද උනේ කියල පරීක්ෂණයක් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට බාරයි . (ත)

:       0       0

සුගත් Monday, 07 January 2013 06:21 PM

ඉත්තා කුරු ඒ තරම් සැරද (දී)

:       0       0

නිශාන්ත Monday, 07 January 2013 06:23 PM

පේන විදියට ඉත්තෑවට පයින් ගහලා වගේ. ඉත්තෑවට මේ වගේ දයෙක් කරන්න බෑ. (ත)

:       0       0

පිටිගල Tuesday, 08 January 2013 06:30 AM

ඉත්තෑවකය මනිස් කකුලක් පසාරු කරන් යන්න කූරු විදින්න බෑ.. (ස)

:       0       0

මධුශ Tuesday, 08 January 2013 07:06 AM

මෙහෙමත් වැඩ

:       0       0

සංජීව Tuesday, 08 January 2013 07:09 AM

ඉත්තෑවගේ ප්‍රහාරයක් කිව්වට සත්තු පස්සෙන් එළවගෙන ඇවිත් ගහන්නේ නෑ.මේ මනුස්සයා එයාගේ ඇ‍ඟේ හැප්පිලාද කොහෙද (ස)

:       0       0

සරත් Tuesday, 08 January 2013 07:14 AM

මෙයා පයින් ගහන්න ඇති‍. නැත්නම් ඉත්තෑවෝ කූරු විදින්නේ නෑ (ස)

:       0       0

අනිල් Tuesday, 08 January 2013 07:59 AM

රමනී, ඉත්තෑව බය උනාම ඇග පුම්බනවා, එතකොට ඉබේම එයාගෙ ඇගේ තියෙන කූරු විසි වෙනවා, ආරක්ෂාව සදහා ස්වභාවධර්මය ඉත්තෑවට දීපු දායාදයක්. මෙය මම දැක තියෙනවා.(ස)

:       0       0

හිල්ම් Monday, 07 January 2013 06:50 PM

අසරණයා

:       0       0

අපොන්සු Monday, 07 January 2013 03:19 PM

මගේ අම්මෝ ඔයින් ගියා මදැයි. (ස)

:       0       0

බුරම්පි සීයා Monday, 07 January 2013 06:52 PM

ඉත්තෑව කූරු විදල නෙමේ. බයික් එකේ යන කොට කකුල උගේ ඇගේ වදින්නැති. ඒකයි වෙලා තියෙන්නෙ, (ත)

:       0       0

රමනි Monday, 07 January 2013 06:53 PM

කුමාර ඔබට ඉක්මන්සුවය! මමත් පොඩි වයසේ සිට අසා ඇති කතාවකි ඉත්තැවා කූරුවිදිනවා කියන එක.නමුත් බොහෝ දෙනෙක් කියන්නෙ කූරු විදීමක් නැ ඉත්තැවා කරන්නෙ ගෙම්බ වගෙ ඇන්ග පිම්ම්බීම ලු. එවිට ඉත්තැවාගෙ ඇන්ගේ කූරු කෙලින්වෙලා තියෙනව මිස විදීමක් නැලු. මම හිතන්නෙත් මෝටර්සයිකලය දැකල ඉත්තැව බයවුනා, දුවගන්න බැරිඋනා උගේ ඇන්ගෙ කුමාරගෙ කකුල වැඩුනා කූරු කකුලෙ ඇමිනුනා කියලයි. මේ ගැන දන්න අයෙක් ඉන්නවනම් පැහැදිලිකරන්න.(ත)

:       0       0

ජනක Monday, 07 January 2013 03:26 PM

ඉත්තෑ කූරු විසයි..පයින් ගහලා බලන්න (ස)

:       0       2

සිරිපාල Monday, 07 January 2013 03:26 PM

හරියටම විස්වාසද ගියෙ දඩයමේ නෙමේ යතුරු පැදියෙ කියල.....(ස)

:       0       0

අන්ජලී Monday, 07 January 2013 07:00 PM

කුමාර ඔයවිදියටම ඉන්න.සමහරවිට හෙටවෙනකොට දොස්තර මහතා ඒවි. (ත)

:       0       0

ලලිත් Monday, 07 January 2013 03:32 PM

පරිස්සමෙන් යන්න ඕනේ යනකොට (දී)

:       0       0

උපුල් Tuesday, 08 January 2013 09:11 AM

එයාමලු ‍විද ගත්තේ (ස)

:       0       0

සුදත් Tuesday, 08 January 2013 09:17 AM

http://wiki.answers.com/Q/Do_porcupines_throw_their_quills කියවලා තොරතුරු හොයන්න (ස)

:       0       0

නුවන් Monday, 07 January 2013 03:37 PM

මේ වම් කකුල නේද ? (ස)

:       0       0

ජනක Monday, 07 January 2013 03:34 PM

මෙහෙමත් වැඩ වෙනවද (දී)

:       0       0

අර්ජුන Monday, 07 January 2013 07:29 PM

අනේ පව් ඉත්තෑවා , එයත් මැරිලද දන්නේ නෑ (ස)

:       0       0

තිස්ස Monday, 07 January 2013 03:41 PM

ඔබට ඉක්මන් සුවය පතමි (දී)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 January 2013 03:52 PM

අයියෝ සල්ලි

:       0       0

රෝහණ Monday, 07 January 2013 03:51 PM

ඉත්තැවා කියන්නේ අහිංසක සතෙක් (දී)

:       0       0

විශ්ව Tuesday, 08 January 2013 10:09 AM

අයියෝ සල්ලි

:       0       0

ලසන්ත Monday, 07 January 2013 04:00 PM

ඉත්තෑ කුරු අනුනහාම හරි අමාරුයි (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 04:06 PM

නුවන්, සිරිපාල, ජනක ඔයාලට තවමත් වනන්තරේද ජීවත් වෙන්නේ...මේ වගේ දේවල් විහිලුවට ගණන් ගන්න එපා. ඒ මනුස්සයට ආශීර්වාද කරන්න ඉක්මනින් සනීප වෙන්න (ස)

:       0       0

සුදේශ් Monday, 07 January 2013 04:15 PM

විස නෑ...හැබැයි රිදෙනවා (ස)

:       0       1

ධනුක Monday, 07 January 2013 04:15 PM

ඉක්මන් සුවය පතනවා. (ත)

:       0       0

ගොඩගේ Monday, 07 January 2013 08:57 PM

ඕකට මොන සැත්කම් ද කුමාර. ඇදලා දාන්න තිබ්බේ ඒ වෙලාවෙම. (ස)

:       0       0

සුදේශ් Monday, 07 January 2013 04:23 PM

ඇයි නුවන් වම දකුණ හොයන්න ගියේ (ස)

:       0       0

චමී Tuesday, 08 January 2013 11:05 AM

ඉත්තෑ කූරු ගොඩක් විසද (ස)

:       0       0

වරුණ Monday, 07 January 2013 04:42 PM

මම දන්න විදිය‍ටනම් ඉත්තෑවා කූරු විදින්නේ නෑ.. උගේ ආරක්ෂාවට ඇඟ පුම්බනවා එතකො‍ට කූරු ඇනෙනවා (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 07 January 2013 09:31 PM

ඔබට ඉක්මන් සුවය ලැබේවා. (ත)

:       0       0

සෑම් Monday, 07 January 2013 09:31 PM

ඉත්තෑවාට කූරු විදින්න බෑ.... ඌ බයවුනාම කරන්නේ කූරු කෙලින් කරන එක.... බයිසිකල්කරු වේගයෙන් පැමිණ ඉත්තෑවාගේ ඇඟේ එයාගේ කකුල හැපෙන්න ඇති..... (ත)

:       0       0

ජී සිරානි Monday, 07 January 2013 09:32 PM

ඉත්තෑවැ කූරු විදිනව කියන එක නම් විශ්වාස කරන්න බැහැ. ඉත්තෑව කූරු කෙලින් කරල පුම්බගන්නවා. මෙයා සුවර් එකටම ඉත්තෑවාට පයින් ගහලද කොහෙද. කවුරු හරි දැකල තියෙනවාද කූරු විදිනවා ඊතල විදිනවා වගේ. (ත)

:       0       0

ප්‍රසන්න Monday, 07 January 2013 09:36 PM

මෙහෙමත් වැඩ වෙනවාද මිනිස්සුන්ට (දී)

:       0       0

සෙන්ජී Monday, 07 January 2013 04:49 PM

ඉත්තෑවා කූරූ විදින් නැහැලු, ඒවා හැළෙනවා කියන්නෙ ඇත්ත ද (ස)

:       0       0

ගාමිණි Monday, 07 January 2013 04:51 PM

යතුරු පැදියේ ගිය මෙයා පාරේ සිටි ඉත්තාවා හා ගැටී ඇති යයි මම සිතමි. (දී)

:       0       0

ගයාන් Monday, 07 January 2013 04:49 PM

යන ගමන් පයින් ගහල. ඒක තම වෙන්න ඇත්තෙ. කූරු විදිනව කියල අහල තිබුනට ඔය තරම් ඇනෙන වේගයකින් විදින්න බෑ කියල ස්ථීරයි. ඌ බය උනොත් පූසො වගෙ පිම්බෙනකොට කටු ගැලවෙනවා. එත් ඔහොම විදින්න බෑ (ස)

:       0       0

කනිෂ්ක Tuesday, 08 January 2013 03:16 PM

මේ සිද්දිය වෙලා තියෙන්නේ උදේ පාන්දර වැඩට යන ගමන් . පාරට ඉත්තෑ වෙක් පැනලා . ඉත්තෑවා බේරන්න ගිහින් තමා මෙහෙම වෙලා තියෙන්නේ . (ස)

:       0       0

දම්මි Monday, 07 January 2013 05:04 PM

ඉත්තෑවන්ට කූරු විදින්න බෑ (දී)

:       0       0

චාමි Tuesday, 08 January 2013 11:18 AM

ඉත්තෑ කූරු විසයි කියලා ජනක දන්නේ එයා ඒවාට පයින් ගහලා බලලා තියෙන නිසා වෙන්න ඇති. (නි)

:       0       0

චන්ද - සිඩ්නි Monday, 07 January 2013 10:15 PM

ඉලක්කය එක ළග ළග (ත)

:       0       0

කුමාර Monday, 07 January 2013 10:20 PM

සත්තුන්ගේ කැලේ මැදින් අපි පාරවල් දාගත්තාම අපිට සැඟවී සිට පහර දෙනවා. (ත)

:       0       0

සංජය Monday, 07 January 2013 05:08 PM

ඉත්තාවට ඔහොම විදින්න බැහැ නේද . (දී)

:       0       0

විපුල Monday, 07 January 2013 05:18 PM

සිරිපාල ඔබ හරි

:       0       0

සම්පත් Monday, 07 January 2013 05:17 PM

ඉත්තෑවා කුරු විදිනවා කියන්නේ ඇත්තද (දී)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 January 2013 05:23 PM

අයියෝ සල්ලි

:       0       0

විරාජ් Monday, 07 January 2013 05:25 PM

මොනවා ඉත්තැ කුරු වැදිලා (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 05:35 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

අමල් Tuesday, 08 January 2013 12:02 AM

මම නම් හිතන්නේ මෙයා බයිසිකලේ යද්දී ඉත්තෑවෙක්ගෙ ඇගේ හැප්පිලා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 08 January 2013 12:18 AM

සත්තුන්ට තමන්ගේ ගෑස් පෙන්නන්න යන්න හොද නැහැ. (නි)

:       0       0

රංජිත් Monday, 07 January 2013 05:44 PM

ඡායාරූපය දැමීම වැදගත් (ත)

:       0       0

අරුණ Monday, 07 January 2013 05:48 PM

ඇඟ හිරි වැටෙනවා. (ත)

:       0       0

අරුණ Monday, 07 January 2013 05:53 PM

සත්තු මරන්න හොඳ නෑ. (ත)

:       0       0

අරුණ Monday, 07 January 2013 05:53 PM

සත්තු මරන්න හොඳ නෑ. (ත)

:       0       0

නිදහස් Tuesday, 08 January 2013 01:40 AM

ඉත්තෑවා ගැන මම හොඳින් දන්නවා. ඉස්සර උගුල් අටවලා දුම් ගහලා අල්ලලා වෙඩි තියලා දඩයම් කරලා තියෙනවා. අද වඳ වී යන සතෙකු සේ සළකා ආරක්ෂා කරනවා. මෙහි කිහිප දෙනෙක්ම කියා ඇති ලෙස උන්ට කූරු විදින්න බැරි බව සත්‍යයි. බළලුන් මවිල් පුම්බනවා වගේ ඉත්තෑවා කූරූ කෙළින් කරනවා. ඒ උගේ ආරක්ෂාවට. 1 සතුරාට විශාල සතෙක් ලෙස පෙනීම මගින් බය ගැන්වීම . 2 දිග කූරු නිසා බල්ලන් හිවලුන් වැනි සතුන්ට සපා කන්නට නොහැකි වීම. (නි)

:       0       0

ඇලෙක්ස් Tuesday, 08 January 2013 01:44 AM

ඔබ හරි රමණි. (නි)

:       0       0

දිසානායක Tuesday, 08 January 2013 01:57 AM

ඉත්තෑවාගේ කූරු විදීම ගැන හරියට පැහැදිලි කළ හැමට ස්තුතියි. (නි)

:       0       0

සමන්තිකා Tuesday, 08 January 2013 02:03 AM

ඉත්තෑවාගේ කුරු හරි දරුණුයි (දී)

:       0       0

සේනක Tuesday, 08 January 2013 03:16 AM

උන්ට කූරු විදින්න බැහැ කියන්නේ ඇත්තද? (නි)

:       0       0

කරුණා Tuesday, 08 January 2013 03:47 AM

මේ ඉත්තෑවාව පාර්ලිමේන්තුවේ පැත්තකින් තියන්න පුලුවන් නම්? මගේ පරම පැතුම එයයි. (නි)

:       0       0

සංගීත් සිතිජය Tuesday, 07 December 2021 09:39 PM

ඉත්තෑ කටුවල මොකක් හරි විසක් තියෙනවාද? මටත් ඔහොම අනතුරක් වෙලා ඉත්තෑ කටු 15ක් විතර වම් කකුලේ ඇනුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site