
ඇෆ්ගනිස්තානයට සහ පාකිස්තානයට මහ වැසි ඇදහැලෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම්, නායයෑම් හේතුවෙන් දෙරටේ 45 දෙනෙකු මියගොස් ඇති බවත් දස දහසකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්ය.
ඇගනිස්තානයේ තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත්තේ මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් එරට 28 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 49 දෙනකු තුවාල ලබා සිටින බවත්ය. විනාශ වුණු නිවාස ගණන 150 කට වැඩි යැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
අයහපත් කාලගුණයෙන් බැට කන්නේ ඉරානයේ මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ප්‍රාන්ත වැසියන් යැයි ද ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අයහපත් කාලගුණයෙන් වැඩියෙන්ම බලපෑම් එල්ල වුණු පාකිස්තාන ප්‍රාන්තය කයිබර් පක්තුන්ක්කාවාය. එම ප්‍රාන්තයෙන් මරණ 56 ක් වාර්තා වේ. තුවාල ලැබූ ගණන 56 ක් යැයි ද පැවැසෙයි.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය මේ අයුරින් ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්නේ, දෙරට අතරේ දේශසීමා සම්බන්ධයෙන් යුද ගැටුම් පවතිද්දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd