ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ඇදහැළුණු රතු වැස්ස ඇතිවූයේ මෙරට බහුලව දැකිය හැකි ලයිකනයකින් නිකුත් වූ බීජානු හේතුවෙන් බව කැලණිය විශ්වවිදයාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා ඒකකය කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලයිනකයක් ලෙස හඳුන්වන්නේ ඇල්ගී විශේෂයක සහ දිලීරයක එකතුවකි.
පර්යේෂණය සිදුකළ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.එල්.ජයරත්න මහතා පවසන්නේ ගස් සහ ගල් මත කුඩා පැලෑටි විශේෂයක් මෙන් වර්ධනය වන මෙම ලයිකනයේ ඇති ඇල්ගී විශේෂය මගින් නිපදවන රතු පැහැති බීජානු රතු වර්ණකයක ගිලී පවතින බවයි. එම වර්ණකය කැරටනොයිඩ් වර්ණකය බව හඳුනාගෙන තිබේ. කැරට් අලයේ වර්ණයට හේතුවන්නේ ද කැරටනොයිඩ වර්ණකයයි.
ආචර්ය ජයරත්න මහතා පෙන්වාදෙන්නේ පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ පැවැති වියළි කාලගුණ තත්ත්වය ඇල්ගී විශේෂයේ බීජානු නිපදවීමට සුදුසු පරිසර තත්ත්වයක් නිර්මාණය කැර තිබූ බවයි. එම කාලයේ නිපදවූ බීජානු කෝටි ගණනක් වායුගෝලයට එකතුවී පසුව ඇතිවූ වර්ෂාව සමග තැන තැනට පතිත වන බවත් බීජානු හේතුවෙන් වර්ෂාව වර්ණවත් වී ඇති බවත් පර්යේෂකයෝ පවසති. රතු සහ කහ වැස්සට හේතුව බීජානුවේ අඩංගු රතු පැහැති වර්ණකයයි. ආචාර්ය ජයරත්න මහතා පවසන්නේ කොල පැහැති වැස්සට හේතුවන්නේ ලයිකනය විසින් නිපදවන කොළ පැහැති ප්‍රජනක ව්‍යුහයක් වායුගෝලයට එකතුවී යළි වැස්ස සමග පතිත වීම බවයි.
ඇල්ගී සහ දිලීර බීජානු ව්‍යාප්ත වීම සිදුවන්නේ සුළඟ සහ වර්ෂාව හේතුවෙන් බැවින් මෙය පුදුම සහගත තත්ත්වයක් නොවන බවත් පිටසක්වල ජීවීන් හා වර්ණවත් වැස්ස සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් කැලණියේ පර්යේෂකයෝ පවසති. මෙම වර්ණකය විෂ සහිත නොවන බවත් එයින් අසාත්මිකතා ඇති නොවන බවත් ඔවුහු පෙන්වාදෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මේ වෙන්නේ (දී)
මේවා අපේ මිනිස්සු පිළිගනීවිද ? (ස)
මම කියන්නේ මිට පිට සක්වල සම්භන්දයක් තියෙනවා (දී)
දැක පුරුදු නැති සියලුම දේ පිටසක්වලට බැර කරන්න යන කාටත් මේවා හොද පාඩම්. කැලණියේ විදුදරුවන්ට මගේ ආචාරය! (නි)
දැංවත් කට්ටිය බෝතල්වලට වැහි වතුර එකතු කරන එක නවත්තනවා හොදයි,!(නු)
මොකද්ද මේ රතු වැස්ස (දී)
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ උත්සාහ කළා තම විශ්වාස කරන මතය මෙතුලිනල් හෝ සනාථ කිරීමට එය සත්‍ය වසන්කිරීමට ගත් උත්සාහයක්..!(නු)
එතකොට ඔය වැස්සේ රිදී සහ ආසනික් තියෙනවා කිව්වෙ කවුද? දැං ඒවා නැතිලු.. අනේ මන්දා එයාලා කියනවා... අපි අහනවා.!(නු)
පැහැදිලි කිරීමනම් හොඳයි.ඒත් මුලින් කිව්වා නේද හදුනා නොගත් ජීවී විශේෂයක්, ආසනික් තියෙනවා කියලා (ස)
ඔබගේ පැහැදිළි කිරීමට ස්තුතියි.!(නු)
ඒත් මහාචාර්යතුමා කියන්නේ මීට වෙනස් කතාවක් නේද? (නි)
විද්‍යාත්මකව නිසි දැනුවත් වීම් කල එක හොඳයි. නැතහොත් මිත්‍යාමත විශ්වාස කරමින් ජනතාව මූලාවට පත්විය හැකියි (ස)
පොඩ්ඩක් පැහැදිළි කරන්න කොහොමද මේ වර්ණයන් වෙන වෙනම වැසස්ත් එක්ක පොලොවට වැටුණෙ කියලා..!(නු)
ප්‍රහ්නෙ තියෙන්නේ මේ වැසි ආවෙ හොදට වැස්සට පස්සේ.. මුල්ම වැස්සට මෙහෙම දෙයක් උනානම් පුදුම වෙන්න දෙයක් නැහැ... ඒත් මේ වැස්ස ආවෙ කලික් හොදට වැහැලා තිබුණට පස්සේ.. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ...?(නු)
ලංකාවෙ කළ හැකි දෙච්වල් තියෙද්දි නෙ පිටරට ඇරලා තියෙන්නේ.. ඔබ සැමට ස්තුතියි..!(නු)