(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩාවක අද සවස ගින්නක් ඇති වු බව ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේය.

කඩදාසි නිෂ්පාදනය සදහා භාවිතයට ගන්නා අබලි ද්‍රව්‍ය ගබඩා කරන OCC ගබඩාවේ මෙම ගින්න හටගෙන තිබුණි.

කඩදාසි කම්මලේ ගිනි නිවන ඒකකය, යුද හමුදාව, පොලිසිය, ඇඹිලිපිටිය නගර සභාව, සෙවණගල සීනි කම්මලේ ගිනි නිවන ඒකකය මැදිහත්වීමෙන් පැයක කාලයක් ඇතුළත ගින්න නිවා දැමූ බව ද ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේය.

ගින්නට හෙතුව මෙතෙක් අනාවරනය වි නැත. ගින්නෙන් විශාල හානියක් සිදුව නැති බවද පොලිසිය කීවේය.