
(විමුක්ති එස් රුද්‍රිගු)
භෝටේකෝෂි ගඟේ ජල මට්ටම නැවත වතාවක් ඉහළ යාමත් සමඟ, ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බැවින් ඒ පිළිබඳව දැඩිව සැලකිළිමත් වන ලෙස පවසමින් ගංවතුරින් පීඩාවට පත් දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නේපාල බලධාරීහු අද අනතුරු ඇඟවීමක් නිකුත් කළහ.
පසුගිය සතියේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයෙන් විනාශ වූ මාර්ග තවමත් සහන කණ්ඩායම් පිළිසකර කරමින් සිටින පසුබිමක මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය එම ප්‍රදේශවල ජනතාවගේ ජංගම දුරකතන වෙත ලැබී ඇත.
කෙටි පණිවුඩ ලැබීමත් සමග එක් ප්‍රාදේශීය නගරයක ඇතැම් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් තිබූ අතර අනාරක්ෂිත ස්ථානවල සිටි ජනතාවට ඉන් ඉවත්වන ලෙස නලා හඬවමින් අනතුරු අඟවා තිබිණි.
ගංවතුරෙන් පීඩා විඳි ප්‍රදේශ ආශ්‍රිතව නැවත වරක් සුළු හෝ ගංවතුර තත්වයක් ඇති වුවහොත් ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට විශේෂඥයන් දැනටමත් අනතුරු අඟවා ඇත.
කත්මණ්ඩු දක්වා දිවෙන අධිවේගී මාර්ගයකටද පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්වයෙන් දැඩිව හානිවී තිබූ අතර එහි පිළිසකර කිරීම් කටයුතු අද (30) දිනද සිදු වූවේය.
පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්වයෙන් ටිබෙටයේ සහ නේපාලයේ මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 750 දක්වා ඉහළ ගොස් තිබූ අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 3,000 දක්වා ඉහළ ගොස් තිබිණි. ටිබෙටයේ පමණක් 16 ක් මියගොස් තවත් 546ක් අතුරුදන්ව ඇති අතර නේපාලයේ 734 ක් මියගොස් තවත් 2,400ක් අතුරුදන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd