(විමුක්ති එස් රුද්‍රිගූ)

නේපාලයට සහ ටිබෙටයට පසුගිය දා  බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය ගණන අද පස්වරුව වනවිට 810 දක්වා ඉහළ ගොස් තිබිණි.

එසේම අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාවද 3100 පසු කළේය.

නේපාලයේ පමණක් පුද්ගලයන් 794ක් හදිසි ගං වතුර තත්ත්වයෙන් මියගොස් තිබූ අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 2500 ට වැඩි බවද නේපාල පොලිසිය සඳහන් කළේය.

චීන මාධ්‍යයට අනුව ටිබෙටයේ මියගිය ගණන 16ක් වන අතර අතුරුදන්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 546කි.

හදිසි ගංවතුර ඒමට පෙර වහාම ක්‍රියාත්මක වී සිසු සිසුවියන් 900 ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් ඔවුන්ගේ දිවි බේරා ගත් රාජේන්ද්‍ර දවාඩි නම් විදුහල්පතිවරයෙක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.