මත්තල නව ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට සහහාගී වීමට කැමති විදේශයන්හි ජීවත්වන්න්නට ඇමරිකාවේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පැමණීමට විශේෂ ගුවන් යානාවක් සූදානම් කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගීවීමට කැමති සියලු දෙනාට වොෂින්ටන් ශ්‍රී ලංකා තානාතපති කාර්යාලය පහසුකම් සලසනු ලබයි.
ගුවන් යානය මාර්තු 16 වැනි දින අමෙරිකාවෙන් පිටත්ව ඩුබායි හරහා පියාසර කර සමාරම්භක උළෙල පැවැත්වෙන මාර්තු 18 වැනි දිනට මත්තල ජාතයන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
ඇමෙරිකාවේ නිව් යෝර්ක්, හුස්ටන්, ඩලාස්, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්රැයන්සිස්කෝ සහ සියැටල් යන නගර වලින් පියාසර කරන එමිරේට් ගුවන් සමාගමේ යානා වලින් වොෂින්ටන් නුවරට පැමිණ මෙම විශේෂ ගුවන්යානයට ගොඩවිය හැක.
අමෙරිකාවෙන් පිට සිටින කිසිවෙකුට මෙම චාරිකාවට එක්වීමට අවශ්‍ය වෙනම් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළට පැමිණිය යුතුය.
මෙම විශේෂ සංචාරය සඳහා අයකරනු ලබන්නේ අඩු මිලක් බවද වාර්තා වෙයි.
ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය අවසානයේ එම සංචාරක පිරිසට කොළඹ නගරය දක්වා නොමිලයේ ගමන්කිරීම සඳහා සුඛෝපභෝගී බස්රථ සුදානම් කර ඇත.
ඔවුනට ලංකාවේ තමන් කැමති අන්දමේ නිවාඩුවක් ගතකිරීමට සඳහා පිළිගත් සංචාරක සමාගම් සමඟ එක්වී දින දහයක සංචාරක වැඩසටහනක් ද සුදානම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිෂාන්ත ඔයාව ඇමරිකාවට නෙමෙයි කැකිරාවට එක්කගෙන යන්නම්.(නදී)
අනේ අම්මෝ! එන්න එපෝ! (නි)
ලංකාවේ මිනිස්සු හොදින් ඉන්නවට අකමැති කුහකයනුත් ඉන්නවා. (නි)
ලංකාවේ අයට කටුනායකින් නැගලා මත්තලට ගිහින් එතනින් ආපහු කටුනායකට එන විදිහේ වැඩපිලිවෙලක් සකස් කළොත් ගොඩක් පින්සිද්ද වේවා!(නදී)
තවත් එක් සාර්ථක ප්‍රයත්නයක් සඵල වු වගයි. (නි)
වරාය වගේ වෙයිද?(නදී)
රටෙ දියුනුව දැක්කම හරි සතුටුයි නමුත් මෙය අගේ කරන්න බැරි ලැජ්ජ නැති සිංහලයනුත් ඉන්නවනෙ. රටක සංවර්දනය කියන්නෙ ඵය අයිති මතු පරපුරට. කිසිම රජයක් සංවර්දනය යනවිට අරගෙන යන්නෙ නැහැ. දේශපාලන හැගිම් වලින් සංවර්දනය මනිනවානම් ඔවුන් සිංහලයන් විය හැකිද?(නදී)
බොහොම හොද වෑඩක්. නමුත් ප්‍රශ්නය ඒකෙ හිටගෙන යන්න බෑනේ. නමුත් හොදම අදහසක් දීලා තිබෙනවා. රටේ බෑංකු හරහා වෑඩිම විදේශ විනිමය එවන ශ්‍රී ලාංකිකයනට අනාගතයේදී එවෑනි සේවයක් සපයන්නේනම් අප රටට විදේශ විනිමය වෑඩිවෙනු ඈත.(නදී)
ගුවන් තොටුපළක් හැදුවා කියලා එකෙන් වන ප්‍රයෝජනය නිසියාකාරව ගන්නේ නැතුව මේ වගේ ඒවා කරන එකට නම් මම හරිම විරුද්ධයි ඔන්න. (නි)
යොහාන් ඇතුළු සුළු පිරිසක් ඉන්නවා, අපේ රටේ හැම දෙයක් ගැනම අපහාසයෙන් බලන. (නි)
අති විශිෂ්ටයි!(නදී)
අනේ ජනාධිපතිතුමනි! ලංඩන් සිට මත්තලට සෘජු ගුවන් යානාවක් යොදවන්න.(නදී)
අපිට ආපහු ඒකෙම යන්න පුළුවන්ද (ස)
මැඩම් හිලරි ක්ලින්ටනුත් ඒවිද දන්නේ නැ..(ස)
ඕකත් ඉතින් කටුනායකටස යැව්වා නම් ඉවරනේ. අපි ලංකාවට යන හැම පාරම කටුනායක ආසාවටවත් ගුවන්යානයක් දකින්න නැහැ.(නදී)
සමහර අය නම් අකමැති වෙයි මේකට..!(නු)
මමත් යන්න ඕන මේක බලන්න (නු)
ජිනීව කට්ටියත් එක්කම ආවනම් හොඳ අපේ රට දැන් කොහොමද බලන්න (ස)
අපි ඩුබායි වල ඉන්නම් මේකට නගින්ින.. ආපහු මේකෙම මිලානෝවලට ගෙලන්නා දානවාද?(නු)
ජයවේවා.... කාටද ආඩම්බර (දී)
අදත් ඉන්ධන ගනන් ගියානේ.. මේ තරම් දුර ඉදලා එන්නෙ කොහොමද? මට ගමට යන්නත් බස් ගාස්තු එක හොයාගන්න විදියක් නැතිව ඉන්නෙ.!(නු)
මාලදිවයිනෙත් නවත්තනවානම් හිටගෙන හරි එන්නම්..!(නු)
හොදයි රට දියුණු වෙනවා නම්. (නි)
ඩබල් දෙන්නම් අනේ අපිව එහට ගිහින් දාන්නකෝ .... (නු)
සුභ පැතුම්! (නි)
ඇයි ඇමරිකාවෙ ඉදලා එන්නේ.. චීනෙන් එන්න තිබුණානේ.. ඩුබායි හැර මැදපෙරදිග ඉන්න අයට එන්න දෙන්න තිබුණෙ..දුක් මහන්සියෙන් හම්බකරලා නිවාඩු යන අය ගොඩක් ඉන්නවා.. අපේ රටට විදේශ විනිමය ගේන්න මෙහෙ කට්ටිය තමයි.. නැතිව ඇමරිකාවෙ ඉන්න අය නෙමෙයි.. එහෙ ඉන්න ඔක්කොටම රට අතහැරලා ගිය අය.. මෙහෙ ඉන්නෙ දුප්පත් අය..!(නු)
අනේ සර්, ලංකාවේ ඉන්න මාවත් ඔයි ගුවන්යානේ දාගෙන ඇමරිකාවට ඇන්න යන්ටකෝ. (නු)
ඒක සියලු ලංකාවාසීන්ටම සුභ ඵල ගෙනදෙන්නක් වේවි. (නි)
අපිව වෙන රටකට ගෙනියන්නකො..!(නු)
අපිවත් එක්ක යන්නකො
තිලක්.. මිට පෙර ණය උනෙ කෑමට ඒ විපාක තමයි අපි ගෙවන්නෙ නමුත් රටක සංවර්ධනය වෙනුවෙන් නය උනාට ඒකෙ පුතිලාභ තියෙනවා. අද රටෙ වෙන සංවර්ධනය මිට වසර 15 කට පෙර නය වෙලා හරි කෙරුවනම් ඒ නය ගෙවල ඉවරයි. විජාතිකයින්ගෙ සහ සමහරක් අපෙ සිංහලයන්ගෙ කුහක කම් වලට මැදි වෙලා හරි මෙවැනි සංවර්ධනයක් රටෙ කෙරිම සතුටු විය යුතුයි.(නදී)
අපිට සතුටුයි අපේ රට ගැන..!(නු)
අපේ රට දියුණු වෙනවා ගොඩාක් සතුටුයි.!(නු)
අපි කිව්වේ කවුද ? (නු)
අපි දහදෙනෙක් ප්‍රංශයෙන්..!(නු)
ලංකාවට වැඩිපුර ගුවන් තොටක් තිබීම හොදයි. ඒත් වඩා වැදගත් වන්නේ කටුනායක ගුවන්තොට වැඩිදියුණු කිරීමයි.(ස)
අපිට ඉතාලියේ ඉදලා ගෙදරට දැන් ගොඩක් ළගයි. සියල්ලන්ටම වඩා මේ සතුට මට වටිනවා. (නි)
ඉෂානි මංජුලා පවසන පරිදි සුභ ගමන්.! කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !!!(නදී)
නියමයි ජනපතිතුමාට ස්තුති කරමි..!(නු)
අපේ රටට විදේශ විනිමය ගේන්න මැදපෙරදිග ඉන්න අය.මැදපෙරදිග ඉන්න අයට එන්න මේ පැත්තෙන් එන්නකෝ.(ස)
එතකොට කටුනායක.?(නු)
මට බය අපේ මැදපෙරදිග වැඩකරන අක්කලාව කටුනායක නැතිව මත්තල බස්සල අව්රුදු 2ක් හම්බකරපු ඔක්කොම සේසත දීල මත්තල සිට අනුරාදපුරයට වාහනයක් අරන් යන්ඩ වේද දන්නේ නැහැ .(නදී)
එදාට විතරද ඔය ගුවන් යානය එන්නේ. ඉදිරියටත් එනවානම් හොදයි. පැය හත අටක් අතරමග ඉන්න එක වලකාගතහැකි නිසයි එහෙම කියන්නේ.(නදී)
අනේ අපිවත් එක්ක යන්න.. අපි බහරේන් ඉන්ිනෙ. මෙහෙන් අපිවත් දාගෙන යන්න බැරිද?(නු)
මතක තියාගන්න මාර්තු 15 ජිනිවා යන්න තියෙනවා.. අමතක වෙයි.!(නු)
සංජු ඔයා හරි.. අපිව කාටවත් පේන්නේ නැහැ.. ලංකාවෙ ඔක්කොම සල්ලි තියෙන අයට විතරයි..!(නු)
අර තියෙන කටුනායක දියුණු නොකර ඇයි මේ වගේ තව එකක්..!(නු)
මේවාට කොහින්ද සල්ලි.. තවත් ඉදිරියට මොනවා වෙයිද? (නු)
අනේ මමත් නිවාඩු යන්න ඉන්නේ හරියටම මාර්තු මාසෙ මගේ උපන් දිනෙත් එදාටමයි.. උපරිම උත්සාහය ගන්නවා සම්බන්ධවෙන්න ජය වේවා..!(නු)
සුභ පැතුම්.. (නු)
කටුනායක වහයිද ? (ස)
මත්තල ඉදලා කටුනායකට මිහින් ලන්කා එකෙන් ගුවන් යානා යොදවන්න පුලුවන්නම් ගොඩක් හොදයි මොකද මත්තල කියන්නෙ රටේ මැද නෙවේ නෙ. නැතිනම් හෙලිකොප්ටර් සේවාවක් වත් යොදවන්න වෙයි. නැතිනම් වෙන්නෙ රට ඉන්දලා පැය කීපයකින් මත්තලට, මත්තල ඉදල දවස් ගානක් යයි ගෙදර යන්න. රට ඉදල එන අයගෙ ආරක්සාවටත් ඒක හොදයි.(නදී)
කටුනායක මත්තල ගුවන් බස් සේවයක් දැම්මමොත් හොද නැද්ද? (නි)
බැරිද ජෙඩා ගුවන්තොටුපොළටත් ඇවිත් යන්න.(නදී)
මේවා පෙන්නන්න තියෙන්නේ ඇමරිකාවේ අයට නෙමෙයි. මේවා හදන්න සල්ලි එවන මැදපෙරදිග දුක්විදින ශ්‍රමිතයන්ට.(නදී)
අපිත් ආසයි රට දියුණුවෙනවා නම්.. නමුත් මේකට කියන්නේ, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, බොහොම කණගාටුයි (ස)
වෙනත් රටවල අය ගෙන්වන්න කලින් අපේ රටේ මිනිස්සුන්ට එන්න කිවුවා නම් කොච්චර සතුටු වෙයිද එයාලා? (නි)
නිරංජන්, කෝට් ප්‍රකෝටි ගනනින් ණය ගෙවන්න වෙන්නෙත් මතු පරපුරට තමයි.(නදී)
තව කීයක් හරි වියදම් කරලා කටුනායක සහ මත්තල (අනාගතෙදි ) ගුවන් තොටුපලවල සේවයේ යොදවන නෝනා මහත්තුරුන්ට තනතුරු වල උෂ්ණය අඩු වෙන්න බෙහෙත් අරන් දෙන්න බැරි වෙයි ද? ඒ උදවියගෙන් සැළකුමක් ලබන්න නම් සුදු හමක් තියෙන්නම ඕනෑ. (නි)
අනේ ගාල්ල පැත්තෙන් එන්නකෝ. (නි)
මේකත් චීනෙටමයැ ඇතතො..!(නු)
කවුද දැන් මෙම කාර්යයන් භාරව සිටින්නේ? (නි)
හම්බන්තොට ප්‍රදේශය දියුණු වීම ගැන අපට සතුටුයි (ස)
කොයි එකටත් ගුවන් යානා දෙකතුනක් බානකල් ඉවසලා ඉන්නකෝ. (නි)
දැන් ඉතින් ඕකට ගුවන් යානා ගෙන්වන්න හදලා තියෙන සැළසුම මොකක්ද දන්නෙ නැහැ. (නි)
දැන්නම් අපි කටුනායකින් බැහැලා පැය භාගයකින් ගෙදරට යනවා. ඒත් ලබන අවුරුද්ද වෙද්දී ඒ තත්ත්වය කොහොම වෙනස් වේවිද දන්නෙ නැහැ. (නි)
ලංකාවට සුභ පතනවා..!(නු)
කසුන් ඩුබායි .මගේ යාළුවොත් ඔය වගෙල් කිව්වා ඩුබායි වල ඉන්නකොට.. ලංකාවට ගිහිං මාසයෙන් ඉන්නකොට මොලේ පෑදිලා හැමෝටම බනිනවා...!(නු)
සුභ ගමන්.!(නු)
තව දවස් 21 තියෙන්නේ (දී)
අඩි වේගී මාර්ගයත් හැදිලා තිබුන නං ලේසියෙන් උත්සවයට එන්න තිබුනා.(ස)
මේක ඉතාම හොද වැඩක්. මේක මගේ යෝජනාවක්. බැරිද මත්තල ඉදලා ඇමරිකාව, ලංඩන්, ස්වීඩන්, රුසියාව, චීනය, යුක්රේන් වලට සෘජු ගුවන් ගමන් යොදවන්න. ඒක සංචාරන කර්මාන්තයට හොදයි.(නදී)
ඩුබායි වලට එද්දී ඕක පිරිලා තියෙයි. අපිට පාපුවරුවේ තමයි යන්න වෙන්නේ. (නි)
ආපහු යන්න ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගන්නේ එහෙම නැහැ නේද? (නි)
අපි මොකටද මත්තල යන්නේ. මෙච්චර මහන්දියෙන් එන අපිව මත්තල ඉදලා කොළඹට බස්වලින් ගේනවා. මොන කෙංගෙඩියක්ද මේ. අනේ මේ අපිව කටුනායකින් බස්සවන්න.(නදී)
ඒ ගුවන් යානය එමිරේට්ස් එකක්ද? (නි)
අදහස් පළකර ඇති සමහර අයගේ සාමාන්‍ය දැනීම බොහොම දුර්වලයි, සමහර අය මදපෙරෙදිග යන අය දුක් විදින බවත් බටහිර වැඩ කරන අය සුර සැප විදින බවත් සිතාගෙන ඉන්නවා , ඒ බටහිර රටවල ජීවත්වීම ගැන නොදන්නා කමයි. කව්රු කොහෙට වැඩට ගියත් සැප හෝ දුක විදින්නේ තමන්ගේ හැකියාව සහ උගත්කම අනුව බව මතක තියාගන්න. මදපෙරදිග යන උගත් පුහුණු ශ්‍රමිකයන් උසස් පඩි ලබමින් සැප දිවියක් ගෙවනවා, බටහිරත් එහෙමයි. අඩු අධයාපනයක් සහිත අය මැදපෙරදිග දුක් විදිනවා , ඇමරිකාවෙත් පෙට්රෝල් ෂෙඩ් වල, කඩවල්වල වැඩ කරමින් දුක් විදිනවා. නමුත් අපි මේක දකින්න පුරුදුවෙලා ඉන්නේ වැරදි විදිහට. අනික ඇමෙරිකාවේ ඉන්න කෙනෙකුට අධික වියදමක් දරන්න ඕන, සෞඛ්‍ය පහසුකම් අධික මිලක් ගෙවා ගන්න ඕන, ලංකාවේ වගේ නිකන් ඉස්පිරිතාල, ඉස්කෝල නැහැ, බොහෝ අය රැකියා දෙකක් උදේ සහ හවස කරමින් වියදම ගැට ගහ ගන්නවා, පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් පාරට වැටෙනවා. ඒ මදිවට වසරකටම නිවාඩු ඇත්තේ සති දෙකයි, ලංකාවට එන්න ඩොලර් 1300 අවම වශෙයෙන් යනවා, එන්න දවස් දෙකක් යනවා, ඉතා දුෂ්කරයි. මැදපෙරදිග අයට ටිකට් වැඩකරන තැන වලින් දෙනවා, මාසයක් නිවාඩු, පැය 5න් ලංකාවේ! මේවා ගැන හිතන්න ඕන, කරන නොදැන බැනගෙන බැනගෙන යන්න කලින්.(නදී)
සන්තෝසයි..සන්තෝසයි..(දී)
වැඩේ නම් හරිම ලස්සනට කරලා තියෙනවා. (නි)