අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි.
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති
නීතීඥ පෙළපාළියට දිගටම අවහිර
2013 ජනවාරි මස 10 10:58:03 ( තිළිණි ද සිල්වා , දසුන් රාජපක්ෂ )
අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට ද රැස්ව සිටිති. දෝෂාභියේගියෝගයට එරෙහිව අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව කරා යාමට නීතීඥවරු උත්සාහ කළහ.
නීතීඥ පෙළපාලියට ඉඩ දෙන්නැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු දේෂාභියෝගයට පක්ෂ පිරිසෙන් ඉල්ලා සිටියහ.
එහි ප්‍රතිඵලය වූයේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් පමණි.
අලුත්කඩේ පිරිසකට පොලු පහර
2013 ජනවාරි මස 10 10:33:20 | පාරුක් තාජුඞීන්
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.
පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.
තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.
යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ
2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා
දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.
විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.
එස් ටී එෆ් පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.
දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි
2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම හිනස්සන ලොකෙන්ම කොන් වෙච්ච රටක් වෙන්න වේවිද දන් නෑ මේ වෙන දේවල් නිසා අපිට.....(නු)
මොනවා කරන්නද (දී)
අපේ වැඩ වලට අපිට වග කියන්න පුළුවන් (දී)
ඇමරිකාවට රිසානා ගැන කනස්සල්ලක් නැද්ද? (ස)
ඇමරිකාවේ මොනවා හරි උනොත් අපේ අයට ඊට එහා දෙයක් නෑ (ස)
සිරිපාල හරි. (නි)
කට්ටියක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න හදන අතරේ තව කට්ටියක් ප්‍රජාතන්ත්‍රවාදය විනාශකරන්න හදනවා. (නි)
ඇමරිකාව කිවුව ගමන් හොස්ස පුම්බන අපේ කට්ටියට අපේ රටේ වෙන අපරාධ ගැන නම් වගේ වගක් නැහැ. (නි)
ගීතා, අනිල්, අසේල, නෙරන්ජන්, ඔබලා හරි. ඇමෙරිකාව මිනිසුන් මරාදමා එය වැරදීමක් හෝ සාධාරණ මරණයක් යැයි කියා බොරු ප්‍රකාශ නිකුත් කරනවා. (නි)
ඇමරිකාවවත් මේවට මැදිහත් වෙනවානම් හොඳයි කියලා දැන් හිතෙනවා (ස)
අපි බලා බන්නම් අපේ වැඩ (දී)
කලබල වෙන්න එපා (දී)
ඇමෙරිකාව වගේ රටක් නොතිබුනානම් තම තමුන්ට ඕනි විදියට වැඩ කරන්න තිබුණා (ස)
බළලා මල්ලෙන් එලියට පැනලද ?(ස)
ඇමරිකාව සම්බන්ධ වුණොත් නම් රට ආයෙමත් ඉවරයි. (නි)
ඔබේ වැඩක් ඔබ බලා ගන්න (දී)
රටේ ජනතාව විදිහට නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඕනෑම කෙනෙකුට අපි සහයෝගය දෙනවා. ඒක ඇමෙරිකාව ද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. (නි)
ඇමරිකාවට??(නු)
ඇමරිකාවට අපි ගැන විතරමද දුක. ඇයි එයාලා නිසා දුක් විඳින වියට්නාමය ඇෆ්ගනිස්තානය ඉරාකය පලස්තීනය ලෙබනනය වගෙ රටවල් ගැන කාටද දුක.
ලෝකෙම කම්පා උන රිසානා ඝාතනය කිරිම ගැන ඇමරිකාව කනස්සල්ල පල කලාද?දැං තමයි බළලා මල්ලෙන් එලියට පැනල තියෙන්නෙ..(නු)
ඇමෙරිකාව ප්‍රකාෂ නිකුත් කරන්නේ අන්දයෝ අලියගේ හැටි කිව්වා වගේ තමයි (ස)
ඕකනේ බැරි (දී)
ඇමරිකාවේ ප්‍රශ්න වලට ආපි ඇගිලි ගහන්නේ නැහැනේ (දී)