යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේනට කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ රිය ගාලේ පහරදීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන වාර්තා ඇතුළත් ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව කෝම්පඤ්ඤවීදිය පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිට යොමු කළ ලිපිගොනු අංකය ඊළඟ නඩුදිනයේ අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජෙරත්න මහතා නඩුව මාර්තු 11 දිනට කල් තැබීය.
සැකකාර මාලක සිල්වා, රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනා අද අධිකරණයේ පෙනී සිටියහ.
පසුගිය සැප්තැම්බර් 9 වැනි දා මේ පහර දීම සිදුවිය.
මේජර් චන්දන ප්‍රදීප් සූරසේනගේ පැමිණිල්ල අනුව ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පහරකෑමට ලක්වූ මේජර්වරයා පසුව දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ මාලක සිල්වා සහ රොහාන් විජේරත්න තමාට පහර නුදුන් බවයි.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැති පුත් නඩුවට නීතිපති උපදෙස් පතයි
තිලක් Monday, 28 January 2013 04:08 PM
අන්තිමට මේජර් එයා එයාටම ගැහුවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයිද දන්නෙ නැහැ. (නි)
එසාම් Monday, 28 January 2013 01:28 PM
පුද්ගලයා කවුද කියල බලන්න එපා, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
රොෂාන් Monday, 28 January 2013 07:11 PM
අර වීර සෙබලුන් මේවා දන්නවා නම් වළෙන් නැගිටලා හරි එයි. (නි)
ලලිත් - කටාර් Monday, 28 January 2013 01:32 PM
කොයිඑකටත් කල්පනාවෙන්. (නි)
සිල්වා Monday, 28 January 2013 01:32 PM
හමුදා නිලධාරියෙකුටවත් කොන්ද කෙළින් තියාගෙන දැන් කාලේ තීරණයක් ගන්න බැහැනේ. (නි)
නිශාර්ඩ් Wednesday, 30 January 2013 02:45 PM
අනේ මන්දා (දී)
සිතාර Monday, 28 January 2013 01:36 PM
බලමු අවුරුදු කීයක් යාවිද කියලා (ස)
ඉන්දික Monday, 28 January 2013 02:04 PM
මාලකව අමාරුවේ දාන්න කරපු වැඩක්. ෂුවර්. පවු අහිංසක මාලක. ඊයෙත් පන්සල් ඇවිත් හිටියා මං දැක්කා. (නි)
වරුණ Monday, 28 January 2013 02:18 PM
ගැහුවේ නැ කියලා කිව්වමත් ඇයි නඩු ?? ඇයි නීතිපති උපදෙස් ?? (ස)