නව ලෝක රෝහලේ එම්.ආර්.අයි යන්ත්‍රයේ නළයක් පිපිරීමෙන් මියගිය බුද්ධිකා කෞෂල්‍යා රත්නායක (5) දැරියට ප්‍රතිකාර කළ විස්තර ඇඳ ඉහ පත උසාවියට බාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නවලෝක රෝහලට අද නියෝග කෙළේය.
ජනවාරි 31 සිට පෙබරවාරි 6 දක්වා කළ ප්‍රතිකාර පිළිබඳ විස්තර අඩංගු එම ඇඳ ඉහ පත් බාර දෙන ලෙස නියෝග කරන්නැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය උසදසවියෙන් ඉල්ලා සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දවසක් රෝහලක නැවතුණා පෙෂර් වැඩිවෙලා. ඇත්තමයි මේ කියන්නේ. උදේ වෙනකල් පෙෂර් බැලුවේ නැහැ මගේ. (නි)
අධිකරණය ගැන වුණත් දැන් විශ්වාස කරන්න අමාරුයි. (නි)
ඇඳ හිස පත තුලින් මෙම දැරියට ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති හැකියාව ඉතාම අල්පය. මන්ද යත්, ඇඳ හිස පත යනු වෛද්‍ය වරුන් විසින් පවත්වාගෙනයන, ඔවුන්ගේ අබිමතයට එහි ලියන හෝ නොලියන දේවල් තීරණයවන ලියවිල්ලකි. තමන් සහ තමන් සේවය කරන රෝහල ද්‍යෝෂාරෝපණයකට ලක් නොවනසේ මෙම ලියවිල්ල වෙනස් කර ඇතිබවට යමෙකුට ඇතිවන සැකය ඉතාමත් සාදාරනය. මෙම දැරියගේ දේහය පිළිබඳව පස්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූවාදැයි සැක සහිතය. එසේ නොකලානම් එයද බරපතල වරදකි. මරණය බිළිබඳ නියම තත්වය අවබෝද කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම මෙවන් සැකකටයුතු මරණයකදී අනිවාර්ය අංගයකි.(නදී)
“එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයට ළමය දීල විනාඩි දහයකින් මගේ සුදු දුව මම දැක්කේ නිල් වෙච්ච කළුම කළුවෙච්චි ලොකු බඩක් තියෙන දරදඬු සිරුරකින්,” මේ අම්මගේ කතාවෙන් තේරෙන්නේ නිර්වින්දනයේදී ස්වාසනාලයට දැමිය යුතු ටියුබය ගලනාලයට දමා ඇතිබවක්ද? බඩට ඔක්සිජන් දුන්නහම බඩ පිම්බෙනවා, ලෙඩා නිල් වෙනවා. ලෙඩාට ඇත්තෙන්ම සිද්දවෙච්ච දෙය මේ අම්මගෙන් වසන්කරලා. මම හිතනවා මේ දරුවා MRI කාමරයෙන් එලියට ගන්නකොටත් brain dead කියල. ICU එකට දාගෙන කලේ, ඔවුන්ගේ වරද වසා ගැනීමට අවශ්‍යයයි. ඔවුන් හිතන ලියකියවිලි සහ පසුබිම සකස්කර ගැනීමයි.(නදී)
දැන් වැඩක් නැහැ, ඒ ළමයා ජිවිතයෙන් වන්දි ගෙවලා ඉවරයි (දී)
ද සිල්වා, එහෙම කලාම පෙරකදෝරුවො ජීවත් වෙන්නෙ කොහොමද?(නදී)
ඒ වාර්තා වෙනස් කරන්න කාටවත් බැරිද (දී)
හිත්පිත් තියෙන හෑමොගෙන්මයි ඉල්ලන්නෙ, මේක නම් යට ගහන්න දෙන්න එපා. එහෙම වුණොත් අර නෑතිවෙච්ච දරුවට කරන අගෞරවයක් වෙනවා. දුවේ, ඔයා ඉන්න ආත්මෙක ඉදලා හරි බලාගෙන ඉන්න, නොසැළකිල්ල නිසා ඔයාව අපි අතරින් අකාලයේ වෙන්කරපු මේ අය ඔයා වෙනුවෙන් මොකද කරන්නෙ කියලා. (නි)
මේක මහා මිනීමරු ඉස්පිරිතාලයක්නේ බලනකොට. (නි)
ඉස්පිරිතාලෙකට යන්නත් බයයි (දී)
ඇඳ හිස පත තුළින් මෙම දැරියට ඇත්ත වශයෙන්ම සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති හැකියාව ඉතාම අල්පය. මන්දයත්, ඇඳ හිස පත යනු වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යන, ඔවුන්ගේ අබිමතයට එහි ලියන හෝ නොලියන දේවල් තීරණයවන ලියවිල්ලකි. තමන් සහ තමන් සේවය කරන රෝහල දෝෂාරෝපණයකට ලක් නොවන සේ මෙම ලියවිල්ල වෙනස් කර ඇති බවට යමෙකුට ඇතිවන සැකය ඉතාමත් සාධාරනය. මෙම දැරියගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූවා දැයි සැක සහිතය. එසේ නොකළා නම් එයද බරපතල වරදකි. මරණය පිළිබඳ නියම තත්ත්වය අවබෝධ කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම මෙවන් සැකකටයුතු මරණයකදී අනිවාර්ය අංගයකි. (නි)
ඇඳ ඉහපත වෙනස්කල හැකියි. එය නැතිවුනාට, අධිකරන වෛද්‍යවරයාට කියත හැකිනේද ඒ දැරිය මියගිය දවස, වේලාව, හේතුව යනාදිය.ඉන් ඔප්පු කරත හැකි නේද වැරදිකරු කවුරුද නැතිනම් ස්වාභාවික මරනයක්ද වග. (දී)
මේ දේවල් වලට මාධ්‍යය කෑගහනකල් බලධාරීන් නිහඩයි. (නි)
බණ්ඩාර මහත්තයෝ, එම්.ආර්.අයි. කරනකොට කවුද සිහි නැති කරන්නේ? සිහි මද කිරීමක් පමණි කරන්නේ. ඒකත් කරන්නේ පොඩි ළමයි දඟලනකොට පරීක්ෂණය කරන්න බැරි නිසා. ඔය අම්මා කියලා තිබුණේනේ ඔක්සිජන් මුහුණක් ළමයට දාලා තිබුණා කියලා. ඒ කියන්නේ ෆේස් මාස්ක් එකක්. (නි)
ලොකු සල්ලි කාරයෝ හිරේ ගිය එක නඩුවක් තියෙනවා නම් මට කියන්න. එහෙම වෙන්නේ එංගලන්තෙ, එංගලන්තෙ// ලංකාවේ එහෙම වෙන්නේ නැහැ//(නදී)
මේව වෙනස් උන් නැ ඕන්....(නු)
ඇද ඉහපත ඉල්ලන්නේ දැනුයි. පිටරටවල නම් මේවාගේ මරනයක් සිදුවු වහාම පොලිසිය ඇද ඉහපත පෙිලිසිය යටතට ගන්නවා. අනතුරට හේතුව වු යන්ත්‍රය ඇති කාමරේට සීල් තබනවා. කමක් නැහැ, කමක් නැහැ. මේක ලංකාවනේ.(නදී)
ඊට කලින් එම් .ආර් .අයි යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය හොයා බලන්න .දැනටමත් එකනම් හදල ඇති .ඒක වැදගත් නඩු භාණ්ඩයක් වෙනවා මේ නඩුවේ .අනික නියමිත සේවක පිරිස නොසිටීම (වෛද්‍යවරයා විතරනේ ඉදල තියෙන්නේ )නඩුවට අදාලයි නේද?(නු)
ඒක තවම ලැබුනෙ නැද්ද?(නු)
අද තමයි රෝහලේ නම ප්‍රසිද්ධ කළේ..!(නු)
එම් ආර් අයි කරනකොට නිර්වින්දක දොස්තර කෙනෙක් ඉන්නේ නිර්වින්දනය කරන්න නෙමෙයි. සිහිමද කරන්නයි, එන්නත් කරන කොන්ට්‍රාස්ට් මීඩියා එකට අසාත්මිකතාවක් අවොත් ඒක පාලනය කරගන්නයි. පහන් ඔබ හරි. මෙතන වැරැද්ද නම් නියමිත සේවක ගණන සහභාගි නොවීම හා එක ඔක්සිජන් සැපයුමක් කැඩුණු විට පසු පෙළ (බැකප් ) සැපයුමක් සලසාගෙන නොතිබීමත් තමයි. යන්ත්‍රයේ පිපිරුමක් ගැන හිතන්න අමාරුයි. මොකද එහෙනම් බබා නිල්පාට වුණු සයනොසිස් තත්වය පැහැදිලි කරන්න බැහැ. එහෙනම් පිළිස්සුම් තුවාල හෝ වෙනත් බාහිර ලක්ෂණ පේනවා. (නි)
ඔය මතක් වෙලා තියෙන්නෙ.. ඒ උනාට මේ මරණය සම්බන්ධයෙන් රෝහලේ කවුරුවත් අත් අඩංගුවට ගෙන නැහැනේ..!(නු)
දැං නම් ඇද ඉහපත මාරුවෙලා ඇති..!(නු)
දැන් ඉතින් වෙච්චදේ උනා (දී)
ඈද ඉහපත් වර්තාව නෙමෙ පුපුරලා තිබෙන්නේ . එම යන්ත්‍රයේ තත්ව පරීක්ෂා කිරීම් වර්තා ඉලන්න. සේවකයෝ කීදේනෙක් ඉන්න ඔනද ,මොනවද තිබුන අඩුපාඩු, සොයා බෑලිය යුත්තෙ මේවා. ලමයගෙ ලෙඩේ මවට කියලා නෑද්ද? ඉතිරි ටික අපේ ආදරනීය මාධ්‍යට බාරයි. ආදරනීය කිව්වේ අපේ රටේ වෙන දේවල් විනාඩියෙන් ලෝකය පුරා ඉන්න ශ්‍රී ලාංකිකයනට දෙන්නේ ඔයාලා නිසා.(නදී)
ප්‍රසන්න, එම්.ආර්.අයි. කරනකොට සිහිනැති නොකරන බව මම දනිමි. ළදරුවෙක් පරීක්ෂණයට භාජනය කරනවිට නිශ්චලව හා සන්සුන්ව තියාගැනීම සඳහා විවිද ඖෂධ භාවිත කරයි. ඖෂධයේ වර්ගය සහ මාත්‍රාව අනුව සිහිය සහ මරණය තීරණය වනු ඇත. පුද්ගලයකුගේ සිහිය, සිහිමද බව, සිහි නැතිවීම යන අවස්ථා එකිනෙකින් සුදු කළු මෙන් පැහැදිලි මායිම් පෙන්නුම් නොකරයි. වචනයක අර්ථය වචනානුසාරයෙන්ම ගෙන ප්‍රතිචාර දැක්වීම ඔබගේ වෛද්‍ය දැනීම බාල්දු කර ගැනීමකි. තාක්ෂණික කරුණුවලට වහල් නොවී, පණ්ඩිතමානී අදහස් වලින් බැහැරව මෙම මරණය දෙස බලන කෙනෙකුට පෙනීයන කරුණ නම්, වෛද්‍යවරයාගේ වෘත්තීය නොසැලකිල්ල සහ අදක්ෂබව මෙම දැරියගේ මරණයට දැඩිව බලපා ඇතිබවයි. (නි)
කරුණාකර මේ නඩුවට ඉතා ඉක්මන් තීන්දුවක් දෙන්න..!(නු)
මේ රෝහල මේවා යටහගයිද?(නු)
මේක සිදුවෙලා තියෙන්නේ කොහොමද කියලා ජනතාවට හෙලි කරන්න.. මොකද එහෙම නොවුනොත් එම්.ආර්.අයි ස්කෑන්වලට ඉදිරිපත් වෙන්න ඉන්න රෝගීන්ගේ කුතුහලය සහ බිය ඉවත්වෙයි..!(නු)