ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය පළමු දිනය වන අද (17) එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජෙහාන් මුබාරක්ගේ වයඹ පිල කඩුලු 5 කින් මලින්ද වර්ණපුරගේ බස්නාහිර පිල පරාජය කිරීමට සමත් විය.
වයඹ පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ යොවුන් පිතිකරු ඇන්ජලෝ පෙරේරා පන්දු 66 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය.
බස්නාහිර පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 255
(තිලකරත්න සම්පත් 49, මහේල උඩවත්ත 63, රුමේෂ් බුද්ධික 33, සචිත‍්‍ර සේරසිංහ 14, ඉෂාන් ජයරත්න නොදැවී 33, කනිෂ්ක ඇල්විටිගොඩ නොදැවී 15, නුවන් ප‍්‍රදීප් 59/2, චතුර රන්දුණු 52/4)
වයඹ පිල ඕවර 41.5 කදී කඩුලු 5 ට 257
(ඩිල්ෂාන් මුණවිර 14, නිරෝෂන් දිල්වැල්ල 11, ජෙහාන් මුබාරක් 51, චාමර කපුගෙදර 11, ෆර්විස් මහරුෆ් 11, ඇන්ජලෝ පෙරේරා නොදැවී 100, කෝසල කුලසේකර නොදැවී 45, කනිෂ්ක ඇල්විටිගොඩ 38/2)
ඇන්ජලෝ ශතකය රැස්කිරීමෙන් පසු....
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇන්ජලෝගේ (100*) ශතකයෙන් වයඹට කඩුලූ 5 ක පහසු ජයක්
චමිලා Thursday, 17 January 2013 11:21 PM
වයඹ කොල්ලෝ තමයි වැඩ කාරයෝ. (නි)
වරුණ Friday, 18 January 2013 08:02 AM
මැච් පැරදුනත් මුභාරක්ටනම් තැනක් තියෙනවා (ස)
විමුක්ති Thursday, 17 January 2013 07:35 PM
කවද හරි ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන කොල්ලෙක් . අද කිව්වා කියලා මතක තියාගන්න (ස)
සිල්වා Thursday, 17 January 2013 09:05 PM
හොඳ නවකයෝ බිහි වෙලා ඉන්නවා අපිට , දක්ෂයන් තොරාගෙන ක්‍රිකට් සංචිතය අලුත් කරමු (ස)