ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය පළමු දිනය වන අද (17) එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජෙහාන් මුබාරක්ගේ වයඹ පිල කඩුලු 5 කින් මලින්ද වර්ණපුරගේ බස්නාහිර පිල පරාජය කිරීමට සමත් විය.
වයඹ පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ යොවුන් පිතිකරු ඇන්ජලෝ පෙරේරා පන්දු 66 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය.
බස්නාහිර පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 255
(තිලකරත්න සම්පත් 49, මහේල උඩවත්ත 63, රුමේෂ් බුද්ධික 33, සචිත‍්‍ර සේරසිංහ 14, ඉෂාන් ජයරත්න නොදැවී 33, කනිෂ්ක ඇල්විටිගොඩ නොදැවී 15, නුවන් ප‍්‍රදීප් 59/2, චතුර රන්දුණු 52/4)
වයඹ පිල ඕවර 41.5 කදී කඩුලු 5 ට 257
(ඩිල්ෂාන් මුණවිර 14, නිරෝෂන් දිල්වැල්ල 11, ජෙහාන් මුබාරක් 51, චාමර කපුගෙදර 11, ෆර්විස් මහරුෆ් 11, ඇන්ජලෝ පෙරේරා නොදැවී 100, කෝසල කුලසේකර නොදැවී 45, කනිෂ්ක ඇල්විටිගොඩ 38/2)
ඇන්ජලෝ ශතකය රැස්කිරීමෙන් පසු....

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ කොල්ලෝ තමයි වැඩ කාරයෝ. (නි)
මැච් පැරදුනත් මුභාරක්ටනම් තැනක් තියෙනවා (ස)
කවද හරි ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන කොල්ලෙක් . අද කිව්වා කියලා මතක තියාගන්න (ස)
හොඳ නවකයෝ බිහි වෙලා ඉන්නවා අපිට , දක්ෂයන් තොරාගෙන ක්‍රිකට් සංචිතය අලුත් කරමු (ස)