පසුගියදා රුසියාවට කඩා වැටුණු උල්කාපාතය අතර මගදී පිටසක්වල යානාවක ප්‍රහාරයකට ලක් වූ බව රුසියා මාධ්‍ය පවසයි. උල්කාපාතය පොළොව කරා පැමිණි වේගය එමගින් අඩාල වූ බවත් ප්‍රමාණයද කුඩා වෙමින් පොළොවට පතිත වීමේදී සිදුවූ ආලාභහානි අවම වූ බවත් එම මාධ්‍ය කියයි.
ඇතැම් මාධ්‍ය කියනුයේ මෙම වීඩියෝව පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව දන්නවද දන්නෙ නැහැ? (නි)
100% ඇත්ත (දී)
මොකක් නමුත් යම් දෙයක් වෙලා තිබෙනවා. (නි)
මේක නම් පිළිගන්න අමාරුයි තමයි..!(නු)
මේක මානසික රෝගයක්ද? අපේ ලොකු විද්වතෙක් කිව්වෙත් එහෙමනේ(නදී)
පිටසක්වල යානයක කෑල්ලක්ද දන්නේ නැහැ (දී)
මට නම් කියන්න තියෙන්නේ මේක මේ මිනිසුන්ගේ මනෝ විකාරයක් කියලා. මොකද එහෙම දේවල් වලට මීට වඩා බොහෝම ප්‍රබල විද්‍යාත්මක ශාක්ෂි තියෙන්න ඕනෑ. (නි)
ඔය පිටසක්වල යානාව සහ උල්කාපාතය ප්‍රබන්ධයක්ද? (නදී)
කැරකෙන වස්තුවක් පිපිරිම තුළින් වේගයෙන් ඈත්ව යනවා පෙනෙනවා තමයි. (නි)
මෙය උල්කාපාතයක් නොවේ වැටුණ කෑලි කෝ මේවා.(නදී)
මේක හසන්ත මහත්තයාගෙන් ඇහුවොත් නරකද? (ත)
අනේ ඔව් අනේ. විලකට වැටුනයින් බේරුනා.(නදී)
උල්කාපාතේ කෑලි හම්බ වෙලා තියෙනවා. ඒත් ඔය පිටසක්වල කථාව නම් මනස්ගාතයක්. (නි)
කාටද කියන්න පුළුවන් බොරු කියලා (දී)
මේ ලෝකේ කාලෙන් කාලෙන නොයෙකුත් දේවල් සිදු වෙනවා. සාමාන්‍යයෙන් බහුතරය ස්වභාවික සිදුවීම්. ඒත් කලාතුරකින් අසාමාන්‍ය සිදුවීම් සිදු වෙනවා. එත් කාලෙක සිට සාමාන්‍ය සිදුවීම් වලට වඩා අසාමාන්‍ය සිදු වීම් සිදු වෙනවා වැඩියි. මෙහි කුමක් හෝ වක්‍ර දෙයක් ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒක මොකක්ද කියලා එක විටම තීරණය කර ගන්න තරමක් අමාරුයි. සමහර විට මේ සියල්ලම සැලසුම් සහගත සූක්ෂම කුමන්ත්‍රණයක කොටසක්ම වෙන්න පුලුවනි. සමහර විට සත්‍යයක් ද විය හැකියි. මට මෙහි දී අපුරු කතාවක් මතක් වෙනවා. එක්තරා ගමක කසිප්පු පෙරන මිනිස්සු වගයක් තමන්ගේ එම ව්‍යාපාරය ගමේ අනික් අයගෙන් හොර රහසේ කර ගෙන යන්න යොදා ගත්තේ අපූරු උපක්‍රමයක්. මොකක්ද රෑට ගමේ නිකරුනේ ඇවිදින්න එපා මොකද මෝහීනිගේ අවතාරේ ඒ කසිප්පු පෙරත ස්ථානය කිට්ටුව රෑට සැරිසරනවා කියලා ගමේ ප්‍රචාරය කලා. දැන් ගමේ කිසිම කෙනෙක් රෑට ඒ ස්ථානය කිට්ටුවට එන්නේ නැහැ. කසිප්පු ජාවාරම් කාරයන්ගේ කල්ල මරේ. මොකද හිතේ හැටියට නිදහසේ තමන්ගේ වැඩ ටික ජයටම කරගන්න පුලුවන් නිසා. මේ පිට සක්වල කතා පිටුපසත් මෙවැනි කාරණාවක් ජාත්‍යාන්තරව වුනත් තිබෙනවාද කියලා මට හිතෙනවා. මොකද ලෝකයේ බලවත් රටවල් විවිධ විදිහේ පර්යේෂණ සිදු කරනවා. සමහර පර්යේෂණ මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි දේවල්. ඒවා වෙනත් අයගේ අවධානයෙන් බැහැරව සිදුකරන්න මේ රටවල් පුදුම උත්සාහයක් ගන්නවා. නිදසුනක් ලෙස රසායනික අවි අත්හදා බැලීම්, ජීව අවි නිෂ්පාදනය වැනි දේවල්. මේවා වලට අනවශ්‍ය අවධානයක් ඇති වෙයි කියලා සියළු දේවල් පිටසක්වලට බැර කරලා මෙවැනි අමුතු කතා පැතිරවීම මඟින් හදිසියේවත් මිනිසුන් එවැනි පර්යේෂණ කටයුත්තක් දැක්කත් ඒකත් පිටසක්වල වැඩක් කියලා බේරෙන්න එතකොට මේ අයට හොඳ ඉඩ ප්‍රස්තාවක් හිමි වන නිසා මෙහෙම පිටසක්වල ගැන එක එක් විකාර කතා වුවමනාවෙන්ම ප්‍රචාරය කරලා හරිනවද කියලා මට හිතෙනවා. මොකද මේ රැසියාව, ඇමරිකාව වගේ රටවල් නිතරව මානව වර්ගයාගේ අයහපත් පැත්ත පිළිබඳව ත් පර්යේෂණ සිදු කරන නිසා. නීතිමය පැත්තෙන් තහනම් වන මානව ක්ලෝනීකරණය හරහා මානව පිටපත් තැනීමේ කටයුතු හා ජීව අවි වර්ගය නිෂ්පාදනය හා ඒවා අත්හදා බැළීම සඳහා ඒවාටම වෙන්වූ ස්ථාන පවත්වාගෙන යමින් මොවුන් කටයුතු කරනවා වෙන්න පුලුවන්. එවැනි ප්‍රදේශවලට සාමාන්‍ය මහජනතාවගේ පැමිණීම වැළෑක්විම සඳහා ඔවුන් විසින්ම මෙවැනි පිටසක්වල කතා පතුරවනවා වෙන්න පුලුවනි. මොකද ඉස්සෙල්ලා කසිප්පු සිද්දියේදී වගේ එවැනි තැනක් දැක්කත් මිනිසුන් හිතන්නේ ඒවා පිටසක්වල ජීවින්ගේ වැඩ කියලානේ. එතකොට ඒ රටවල රජයෙන් සිදු කරන මෙවැනි නීති විරෝධී පර්යේෂණ පිළිබඳව මිනිසුන් අවධානයක් නොදවීමට ඒක හේතුවක් කියලා එයාලා හිතනවා.(නදී)
සහතික ඇත්ත (දී)
කව්ද දන්නේ මඩවල එයාලාම ඈරිය ඈන්ටික් සෑටල්යිට් එකකම වෑදිලා ඒකෙ කෑලිද කියලා.සමහර අය ලෑජ්ජාවට කියන්නේ නෑනේ.(නදී)
තවත් උල්කාෂ්ම කැබැල්ලක් එහි ගැටී එය මගදී විනාශ වු බව නම් පේනවා. මොන මොන මනස්ගාත ඔඵවට දැම්මත් අපි බුද්ධිමත්ව සිටිය යුතුයි.(නදී)
මේ රුසියානු අවි වල බලය නොවේද? (නි)
ඇයි නාසා ආයතනය මේ ගැන මුකුත් කියන්නේ නැත්තේ? (නි)
ඒ කියන්නේ පිටසක්වල ජීවීන් රුසියාවේ හානිය අවම කරන්න උදව් උනා ? (ස)
මේ පිළිබඳ ඔළුුන් පමණක් නොව ශ්‍රී ලාංකික අප ද දහස් වාරයක් සිතා බැලිය යුතුයි. (ස)
පිටසක්වළ යානය පිළිබඳ පුවත රුසියාවේ මාධ්‍ය ගොතපු බොරුවක් (ස)
ඇත්ත....... (දී)
"ඇතැම් මාධ්‍ය" මොනවද ඒ? (නි)
ගොඩක් අය පිස්සු කියයි. එහෙත් ඔය රුසියාවේ තියෙනවා මරණයේ නිම්නය කියලා එකක්. ඒකේ පොළොවේ යට පිටසක්වල කොළනියක් තියෙනවලු. ඒක හුගක් පිටිසරව තියෙන හින්දා පර්යේෂණ කරනවා අඩුයි. ඒ වගේම ඒ පළාතේ විකිරණ හින්දා යන අය ඉක්මනට අසනීප වෙලා මැරෙනවලු. යම් පිටසක්වල කොට්ඨාශයක් ඔය ප්‍රදේශයේ පොළව යට සිට පෘතුවියට එන තර්ජන නවත්වන්න ක්‍රියා කරනවලු. එහෙම නැත්නම් ස්වයංක්‍රීය උපකරණ සවි කරලලු. ඔන්න මම නෙමයි කියන්නේ. මේක පර්යේෂකයෝ කියන එකක්. (නි)
අපේ පෘතුවියට ඉතා ආසන්නයේ පිටසක්වල ජීවින්ගේ ජනාවාසයක් පිහිටුවාගෙන තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ අය වෙනත් ග්‍රහලෝකයට යන්න අවශ්‍ය මධ්‍යස්ථානයක් විදියට භාවිතා කරන බව විශ්වාස කරනවා. අන්තර්ජාලයේ වැඩි විස්තර ඇත. (නි)
දැන් ස්වීඩනයෙනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. (නි)
මට නම් ඒ තරම්ම විස්වාස නැහැ (දී)