කලක් එංගලන්තයේ ජීවත් වූ යුවළක් සිය අතදරුවාද සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී වෙනිවැල්කොළ අසලදී කාරය අනතුරකට ලක්වී පියා පමණක් සුළු තුවාල ලැබීය. අත දරුවාත් මවත් තුවාල නොලබා බේරුණි.
වාහනයට බරපතල හානි සිදුවුවත් එහි සිටි අයගේ ජීවිත බේරී ඇත්තේ ආසන පටි පැළඳ සිටි නිසා යැයි පොලිසිය කියයි.
අද උදේ හයේ සිට සවස් වන විට මෙම මාර්ගයේ අනතුරු හතරක් සිදුවිය. එහෙත් කිසිවකුටත් තුවාල නොවීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මෙහෙම හැපුණහම තුවාල වෙන්නෙ නෑහැ තමයි, බෙල්ට් දැම්මත් නැතත්... (නි)
මේකට කීයක බිලක් ගෙවන්න වේවිද දන්නේ නෑ (ස)
සීට් බෙල්ට් දැම්මහම හිනාවෙන කාලයකුත් තිබුණා. දැන් එහෙම නැහැ. (නි)
මොනවා උනත් පොලීසිය තමයි වැරදියට පේන්නේ අන්තිමට ......................(ස)
ඕක තමයි කියන්නේ අපි කට කැඩෙනකල්. (නි)
සරල සිද්ධියක්නේ (ස)
වෙනිවැල්කොළ ගාවදී මෙහෙම වුණා නම් කොස්කොළ, දෙල්කොළ එහෙම තිබුණා නම් කොහොම වෙයිද? (නි)
ඇත්තටම ආසනපටි නිසාද.... නැත්නම් වාහනය නවීන තාක්ෂණයෙන් හදපු නිසාද.....(නු)
පටි තද කරගනිපු එක හොදයි..!(නු)
මුල් පින්තූරෙ ඉන්න රාළහාමි මොකද අර නිකං….? (ස)
රියදුරන් සැම අකමැතිම සීට් බෙල්ට් එකේ වටිනාකමයි ඒ. (නි)
ආසන පටිවල ආරක්ෂාව මෙන්ම වාසනාවත් තිබිලා. (නි)
පොලිස් මාමලාගෙද? (නි)
මෙ අයගේ මුහුණ මිරිකල අරක්කු බෝතලයක් බෝතලයක් ගන්න පුළුවන් (අ)
නියමයි
ඒක නිසා තමයි දියුණු රටවල්වල ආසන පටි පැලදීම අනිවාර්‍ය කරලා තියෙන්නේ.. අපි තාම කොහෙද කියලා අපිවත් දන්නේ නෑ (ස)
අන්න ඒකතමයි කියන්නේ ආසන පටි පළදින්න කියලා. (නි)
පටි තද කරගැනීම කෝකටත් හොදයි. (නි)
එන්ගලන්තයේ වගේ නෙමෙයි මෙහේ පාරවල්. (නි)
ඕක ජීවිත හානියක් වෙන්න තරම් ලොකු එකක් නෙමෙයි. ලොකුවට කැඩිලා පෙනෙන්නේ. ඔය කාර් හදල තියෙන්නේ අනතුරකදී ශක්තිය උරාගන්නා ලෙසට. අපරාදේ කාර් එක. ඕකක් කෝටි දෙකක් විතර වෙනවා. (නි)
බොහෝ අය වාහනවල සීට් බෙල්ට්,යතුරුපැදිවල හෙල්මට් පළදින්නේ පොලීසියෙන් බේරෙන්න. නමුත් මේවා තියෙන්නේ ගමන් කරන අයගේ ආරක්ෂාවට කියලා දන්නේ කීයෙන් කී දෙනාද? (නි)
එංගලන්තයෙ හයි වේ වගේ නෙමෙයි මෙහෙ හයි වේ, හොඳේ .... (නි)