කොළඹ ක‍්‍රිකට් සමාජ (සී. සී. සී.) ක‍්‍රිකට් පාසල අටවැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න් පහළ ආරාධිත ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වන අතර මේ මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් අද (10) කොළඹ අවට ක‍්‍රීඩාංගණ නවයකදී තරග 15 ක් පැවැත්වෙන අතර 20 වැනිදා දක්වා සෑම දිනකදීම තරග පැවැත්වේ. අවසන් මහා තරගය මේ මස 20 වැනිදා පෙරවරු 9.30 සිට සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු වටයේ තරග කණ්ඩායම් හයක් බැගින් වන කාණ්ඩ අටක් යටතේ ලීග් ක‍්‍රමයට පැවැත්වේ. පළමු වටයේ තරගයක ඉනිමක් ඕවර 30 ක් වන අතර සම්පූර්ණ තරගාවලියේදී තරග 136 ක් පැවැත්වීමට නියමිතය.
යාපනය, අනුරාධපුර සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල කණ්ඩායම් ඇතුුළු දේශිය කණ්ඩායම් 38 සහ ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, මැලේසියාව සහ මාලදිවයින යන රටවල්වල කණ්ඩායම් 10 ක් සමගින් මෙහිදී ශූරතාව සඳහා කණ්ඩායම් 48 ක් තරග කරයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd