ශ්රී ලංකාවේ ප්‍රථම පාසල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කොළඹ ආනන් විද්‍යාලයේදී අද විවෘත විය.
‘පාසලෙන් වැඩ ලොවට‘ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත්, අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇරැඹූ මේ මධ්‍යස්ථානය මෝටර් රථ කාර්මික දැනුම න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව උගන්වයි.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු යන ආරාධිතයෝ මෙම මධ්‍යස්ථානය විවෘත කළහ.
වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් එස් ආර් පී රත්නායක හා ආනන්ද විදුහල්පති එම් එල් ඩී ධර්මසිරි යන මත්වරු අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් තියෙන තැනටමයි කොසුත් කිවුවලු. (නි)
දුෂ්කර පාසැල් වල සිසුන්ටත් ලැබෙයි නේද?(නදී)
ඇයි ආනන්දෙ සිසුන්ට විතරක් කාර්මික දැනුම? දුප්පත් නැති බැරි ළමයි ඉන්න පළාතකට මේක ලබාදුන්නා නම් මොකද වෙන්නේ?මේවා කවදාවත් වෙනස්කරන්න බැහැ . කොළඹට කිරි අපිට කැකිරි.(නදී)
මොකද බන්දුල ඇමතිතුමාගේ නම දාලා නැත්තේ. කොළඹට කිරි, ගමට කැකිරි.(නදී)
ඕවා ඉතින් ලොකු මිනිසුන්ගේ ළමයින්ට හොඳයි.(ස)
මොන තැනකින් හරි ආරම්භ කළ එක ගැන සතුටු වෙමු. ඊට පස්සේ බලමු අනිත් තැන්වලට ව්‍යාප්ත කරන්න. මේ සඳහා භෞතික සම්පත් තිබීමත් වැදගත්. මේ වැඩ සඳහා මගේ සුභ පැතුම් ! (ස)
එතකොට ආනන්දෙ සිසුන්ට විතරද ඔය දැනුම ලබා ගන්න පුළුවන්. අනෙක් පාසැල් නල අයටත් ඒක ඉගෙනගන්න පුළුවන්ද? (නදී)
මේ වැඩේ ඉතාමත් අනර්ගයි. පාසල් විශයක් කරලා ගම්බද පාසැල් දක්වා ව්‍යාප්ත කලා නම් වටිනවා.(ස)
නියමයි. විදුහල්පතිතුමනි! පාසැලේ හිටපු සියලු විදුහල්පතිවරුන් විවිධ විදියට දරුවන්ගේ අනාගතය ගැන හිතපු අය.(නදී)