ශ්රී ලංකාවේ ප්‍රථම පාසල් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කොළඹ ආනන් විද්‍යාලයේදී අද විවෘත විය.
‘පාසලෙන් වැඩ ලොවට‘ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත්, අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇරැඹූ මේ මධ්‍යස්ථානය මෝටර් රථ කාර්මික දැනුම න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව උගන්වයි.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු යන ආරාධිතයෝ මෙම මධ්‍යස්ථානය විවෘත කළහ.
වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් එස් ආර් පී රත්නායක හා ආනන්ද විදුහල්පති එම් එල් ඩී ධර්මසිරි යන මත්වරු අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළහ.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආනන්ද සිසුනට කාර්මික දැනුම
විලේගොඩ Tuesday, 12 February 2013 07:21 AM
බත් තියෙන තැනටමයි කොසුත් කිවුවලු. (නි)
ප්‍රියන්ත Monday, 11 February 2013 02:51 PM
දුෂ්කර පාසැල් වල සිසුන්ටත් ලැබෙයි නේද?(නදී)
සමන් Monday, 11 February 2013 02:52 PM
ඇයි ආනන්දෙ සිසුන්ට විතරක් කාර්මික දැනුම? දුප්පත් නැති බැරි ළමයි ඉන්න පළාතකට මේක ලබාදුන්නා නම් මොකද වෙන්නේ?මේවා කවදාවත් වෙනස්කරන්න බැහැ . කොළඹට කිරි අපිට කැකිරි.(නදී)
රොෂාන් Monday, 11 February 2013 03:14 PM
මොකද බන්දුල ඇමතිතුමාගේ නම දාලා නැත්තේ. කොළඹට කිරි, ගමට කැකිරි.(නදී)
ඉසුරු Monday, 11 February 2013 03:15 PM
ඕවා ඉතින් ලොකු මිනිසුන්ගේ ළමයින්ට හොඳයි.(ස)
කුමුදු Monday, 11 February 2013 03:20 PM
මොන තැනකින් හරි ආරම්භ කළ එක ගැන සතුටු වෙමු. ඊට පස්සේ බලමු අනිත් තැන්වලට ව්‍යාප්ත කරන්න. මේ සඳහා භෞතික සම්පත් තිබීමත් වැදගත්. මේ වැඩ සඳහා මගේ සුභ පැතුම් ! (ස)
ලලිත්-කටාර් Monday, 11 February 2013 03:20 PM
එතකොට ආනන්දෙ සිසුන්ට විතරද ඔය දැනුම ලබා ගන්න පුළුවන්. අනෙක් පාසැල් නල අයටත් ඒක ඉගෙනගන්න පුළුවන්ද? (නදී)
ගාමිණී Monday, 11 February 2013 04:02 PM
මේ වැඩේ ඉතාමත් අනර්ගයි. පාසල් විශයක් කරලා ගම්බද පාසැල් දක්වා ව්‍යාප්ත කලා නම් වටිනවා.(ස)
අදිකාරි Tuesday, 12 February 2013 05:37 AM
නියමයි. විදුහල්පතිතුමනි! පාසැලේ හිටපු සියලු විදුහල්පතිවරුන් විවිධ විදියට දරුවන්ගේ අනාගතය ගැන හිතපු අය.(නදී)