අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ”තනූ” කියලයි. මේ තනු හෙවත් තනූජා ලංකාංගනි ජයවර්ධන රූපවාහිනී නරඹන ඔබට අමුත්තියක් නෙවෙයි. රස රිසි ගී සමග වසර 14ක් පුරාවට ආලින්දයට එන ඇය, විටෙක ප‍්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වෙනත් වැඩසටහන් ඔස්සේද හමුවන්නීය. මේ සියල්ලට අමතරව අද ඇය සිරස ටී.වී. සතියේ දින පහ සඳහා කළමනාකාරවරිය ලෙස ද කටයුතු කරන්නීය. මේ සියල්ලට සාපේක්ෂව තනූජා අප සමග පිළිසඳරකට එක් වූ අවස්ථාවකි මේ.
- තනූජා ජයවර්ධන
තනූජා අද දවසේ ගෙවන ජීවිතය කොහොමද?
ඉතාමත් සතුටින් නිදහස්ව ගෙවනවා.
කොහොමද ඒ වාතාවරණය හදාගන්නේ?
අවශ්‍ය කරදර දාගන්නේ නැතිව, රැකියාව කාර්යබහුල වුණත්, ඊට ආදරය කරමින්, රැකියාව ජීවිතය කර ගනිමින් ජීවිතය ගෙවනවා. රැකියාව කාර්යබහුල වුණත්, එයින් ලබන ආත්ම තෘප්තිය හරිම ඉහළයි.
ඇසි-දිසි ක්ෂේත‍්‍රයට සම්බන්ධව දශක එකහමාරක ආසන්න කාලයක් සිටීම ගැන කොහොමද හිතන්නෙ?
ගිය ආත්මෙ ලොකු පිනක් කරලා තියෙන්න ඇති. නමුත් ආසම කරන රැකියාවක නරතවෙලා පඩියක් ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් මම ආසම කරන රැකියාවෙ නිරතවෙලා මම වැටුපක් ලැබෙනවා. ඒත් වැටුපට වඩා මම ආදරය කරන්නේ ඒ වෘත්තියටයි. මම ආස කරන්නෙ නිර්මාණශීලීත්වය අතරින් දන්න දේ කරලා ජීවිතය ගෙවාගන්නයි.
ඔබ නිර්මාණශීලියි කියලා කිව්වා. ඔබ නිර්මාණශීලීද?
ඔව්, එහෙම නොවුනා නම් අද මෙතැන මේ විදියට යම්කිසි ස්ථාවරයක සිටින්න බැහැ. අනිවාර්යයෙන්ම ඇසි දිසි මාධ්‍යයේදී නිර්මාණශීලී විය යුතුමයි. නැතිනම් පැවැත්මක් නැහැ. එහෙම වුණොත් විතරයි කෝටි දෙකකට ආසන්න ජනතාවක් අතරේ, එකෙකු වෙන්න පුළුවන්.
දැන් අලූත් තනතුරක්? මොකද හිතන්නේ?
පසුගිය වසර හතක කාලයේදී Y-FM නාළිකාවේ සිට මම මට හැකි උපරිමය කළා. ඒ විෂයය මට අලූත් දෙයක් වුණා. සරසවියකින් ලැබිය නොහැකි තරමට දැණුම ලබා ගත්තා. දැන් මම සිරස ටී.වී. සතියේ දින පහ වැඩසටහන් කළමනාකාරවරිය ලෙස කටයුතු කරනවා. ඒ අලූත්ම අභියෝගයත් සාර්ථක කර ගැනීම අරමුණයි. මම ඊට තිබෙන ආදරය-කැපවීම නිසා බොහෝ දේ කරන්න ලැබේවි කියලා හිතනවා.
රස රිසිගී ගෙනා අනෙක් හිතවතා නාරද විවාහ වුණා. ඔබ?
මම තවම එහෙම වුණේ නැහැ. (හිනා)
විවාහය ගැන ඔබගෙනුත් මිනිස්සු අහනවා නේද?
අනිවාර්යෙන්ම අහන දෙයක්. මම හිතන්නේ ඒකට මට දෙන්න තියෙන උත්තරේ. තවම මම විවාහයට සූදානම් නැහැ කියන එකයි.
ඔබ විවාහය ගැන හිතන්නේ කොහොමද?
පේ‍්‍රමය විවාහයෙන් කෙළවර විය යුතුද?
මම සම්ප‍්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි. පේ‍්‍රමයෙන් ආදරයෙන් වෙළී ඉඳලා ඊට පස්සේ විවාහ වෙච්චි බොහෝ ජීවිත දිහා අද ආපසු හැරී බලද්දි වෙලාවකට එය මට ප‍්‍රශ්නයක්. විවාහය කියන්නේ කෙනෙකු මතු ආරක්ෂාව සඳහා කළ දෙයක් ද කියලා හිතෙනවා. මාව බලාගන්න, මාව ආරක්ෂා කරගන්න, මම තනිවේවිද? ඔන්න ඔය වගේ දේවල් නිසාද විවාහය කරන්න ඕනෑ? දෙන්නෙක් එකට ජීවත්වීම පහසු දෙයක් නොවෙයි.
රස රිසි ගී වැනි සරල වින්දනාත්මක වැඩසටහන් අතරේ ඔබ ප‍්‍රවෘත්ති නිවේදනත් කරනවා. ඒ ගැන ඔබගේ පුද්ගලික අදහස මොකක්ද?
යම් විදියක දේශපාලනයක් මටත් ඇති. ඒ නිසා මම ප‍්‍රවෘත්ති වාර්තාකරණයට ආසයි. විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහන්වලදී අලූත් අභියෝගාත්මක දේ කරන්න ආසයි.
”චූටි” ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සරලව ජීවත්වන බොහෝම ආදරණීය කෙනෙක්.
ඒ ආදරණීය ජීවිතයේ හැඩතල ගෙවීයන්නේ මොන විදියටද?
ආදරණීය ජීවිතේ බලාපොරොත්තු සුන් වූ අවස්ථා තියෙනවා. මගේ රැකියාව කාර්ය බහුල නිසා ආදරයද? රැකියාවද? කියන චෝදනාව එල්ලවෙලා තියෙනවා. එහිදී දුක උරුම වෙලා තියෙනවා. ඒත් රැකියාව කළොත් සියයට-සීයයක් රැකියාව අපව බලා ගනිවී. අසතුටින් ජීවත් වීමට වඩා ආදරය හිතේ තියාගෙන ජීවත්වීම වැදගත්.
මේතාක් කාලයක් රස රිසි ගී ගෙනා ඔබ, ඔබගේ ජීවිතයේ රිසිගීතය මොකද්ද?
රනිදු ගයන ”අම්මේ ඔබ මගේ රැජිනයි”
ඔබට ගයන්න බැරිද
හැපි බර්ත් ඬේ ටූ යූ පුළුවන්
රඟපාන්න
අවස්ථා ලැබුණා. මගේ හිතේ ඊට අකමැත්තකුත් නැහැ. මගේ වගේ චරිත අවශ්‍ය තැන්වලදි ඒ අවස්ථා ලැබී තිබෙනවා. නමුත් දැනට මේ දේ කිරීම හැර රඟපෑම ගැන මම දුරට හිතලා නැහැ.
ඔබ චිත‍්‍ර අඳින්න හරිම ආසයි නේද?
බොහෝ දුරට. ඒ දක්ෂතාවය තියෙනවා. ඕනෑම කෙනෙක් දිහා බලාගෙන එය රූපයට නගන්න පුළුවන්. සිංදු කවි එහෙමත් ලියන්න පුළුවන් ඒ විදියට කළ නිර්මාණ එකතු කරලත් තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සහ නාරද දෙදෙනා තරම් අව්‍යාජව වැඩසටහන් ඉදිරිපත් කරන දෙදෙනෙක් මම දැක නැහැ.(නදී)
මතුපිටින් බැලුවට එයා කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න අමාරුයි. (නි)
කොල්ලෙක් බූට් එකක්වත් තිබ්බද නංගියෝ? (නි)
අපි, ඔයා විවාහ වෙලා කියලා ලිපි දැක්කනේ තනූජා ..... නමුත් ඔයා බොහෝ දක්ෂයි..... (ස)
ගරැ කළ යුතු පවුලකින් එන ඔබත් බොහොම පිවිතුරු කෙනෙක්. ඔබට සුබ පතනවා. තෙරුවන් සරණයි..! (ස)
පිටිගල, මේක ලිබරල් ලෝකයක්. ආදරය කරන්නේ කසාද බදින්නම නෙමෙයි. ඔයාගේ වයස කීයද?(නදී)
ඔයා බදින්නෙ නැත්තෙ පිරිමින්ට කැමති නැති නිසාද (ස)
නැතිව ඇති (දී)
හරි හොදයි, ඔබ වැඩ සටහන නියමෙට ඉදිරිපත් කරනවා.(නදී)
මේක පුරුද්දකට ගනීද දන්නෙ නැහැ අපේ අය.!(නු)
කවදාවත් කොල්ලගේ අතින්වත් අල්ලල නැති කෙල්ලෙක්.(නදී)
කවදාවත් කොල්ලෙක්ගේ අතින්‍වත් අල්ලලා නැති කෙල්ලෙක් ...(ස)
කෙනෙක් නිදහස් කෙනෙක් වීම ලොකු සැහැල්ලුවක් කියලයි මම හිතන්නේ (ස)
ඔයා හොඳයි, සරලයි ඒත් ගැඹුරැයි, හයිකු කවියක් වගේ.(ස)
ඔයා හරිම සරල, ටිකක් කථා කරන කෙල්ලෙක්.. මම ඔයාට ගොඩක් කැමතියි අක්කී.. (ස)
මම තාමත් ඔයාට කැමතියි.(නදී)
තනූජා ඔබට යහපත් අනාගතයක් සිකුරුයි (ස)
ඔයා දක්ෂයි. දැන් ඔයාගේ වයස කීයද? (නි)
ආදරෙන් පරාඩ් වෙලා වගේ (දී)
අද ආදරවන්තයින්ගේ දවස, මගේ සුභ පැතුම් ඔයාට... දිසානායක ඔයා හරි...(ස)
ඔබ හරිම නිහතමාණී සරල චරිතයක්...වාසනාවන්ත අනාගතයක් ඔබට! (නි)
ඔබ අහිංසකයි. නිහතමානීයි. (නි)
ඔයා හරිම කියුට් අනේ !! අපි ඔයාට ගොඩක් කැමතියි (ස)
ඇත්තටම ඕනේ නැහැ. විවාහයෙන් අවසන් නොවන ආදරයක් තිබේනම් මමත් හිතනවා ඒ ආදරේ වැඩි සුන්දරත්වයක් තිබේ කියා. හැබැයි අපේ සබ්‍යයත්වයට නොගැලපෙන එකයි ප්‍රශ්නේ. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ කියනවනෙ . ආදරෙටත් එහෙම නිසා විවාහෙන් අවසන් නොවන ආදරෙ ඒ අයුරින්ම වැඩි කාලයක් තියේවි. (නදී
මගේ ජනප්‍රියම නිවේදිකාව ඔයා. ඔයාට මගේ සුභ පැතුම්.(නදී)
මම නම් හිතන්නේ මේ ප්‍රශ්නය සදාචාරයක් ඇති ගැහැණු ළමයෙක් විසින් නොඇසිය යුතු ප්‍රශ්නයක් ලෙසයි. (නි)
මමයි මගේ මහත්තයයි ඔයාට හරිම ආදරෙයි. අපේ දුවට තනුජා කියලා නම දැම්මේ 1998 දි . අද අපි තුන් දෙනාම ඔයාට සුබ පතනවා (ස)
මොකාක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ (දී)
තනුජා මම ගොඩක් ආදරේ කරන නිවේදිකාව්..!(නු)
සුභ පැතුම්! (නි)
හරිම ලස්සනයි. සුභ පැතුම් අක්කි. (නි)
පාසල් යන කාලේ ඉඳලමයි රස රිසි ගී බලන්නේ. හරිම කැමතියි ඔයාටත්. ජයවේවා ...! (ස)
ඔයා දක්ෂයි. දැන් ඔයාගේ වයස කීයද.(නදී)
නැත්නම් වෙන අහවල් එකකටද? (නි)
මගේ බිරිදත් ඔබ වගේමයි. එහෙම කියන්නේ මම නෙමෙයි, මගේ යාලුවෝ. (නි)
පිටිගල, මම වැරදි නම් නාරදගෙන් අහන්න....(ස)
'ආදරය කරන්නෙ කසාද බඳින්නමද?' නැත්නම් මොකටද? (නි)
දිසානායක, ඔයාට පිස්සුද?(නදී)
ඔබ හරිම නිහතමාණී සරල චරිතයක්, ඒ සරල කමට අපි හැමෝම ඔයාට කැමතියි.(නදී)
තනුජා, මම ආසම චරිතය ඔයයි.(නදී)
අක්කේ! ඔබ අප සැමට දිදුලන මිනි පහනකි.(නදී)
ආදරය අවසානය විවාහය නොවේ , ඔබ ගොඩක් දක්ෂ කෙනෙක් , මගෙන් සුභ පැතුමි අක්කා'(නදී)
ගැහැණු කෙනෙකුගේ විස්තරයකට , නොගැලපෙන අදහස් නොදාපු එකම වාර්තාව ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත. (ස)
සුභ පැතුම් කෙල්ලේ! (නි)
අපේ අම්මා තාත්තට, අපිට ගොඩක් ආදරෙයි. විවාහය සිදුවිය යුත්තේ ආදරයක් තුලින්.(නදී)
තවම කලුනික හම්බ වුනේ නැතෙයි?(නදී)
පිස්සු කෙල්ල. අපිත් ඔයාට හරිම කැමතියි. (නි)
ආදරේ කරන්න හිතෙනවා (ස)
ඔබත් මම වගේමයි. මම ඔබට හරිම කැමතියි. (නි)
මම කැමතිම නිවේදිකාව... අපේ අම්මයි අක්කයි ඔයාට ගොඩාක් කැමතියි. (නි)