IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආදරය කරන්නෙ කසාද බඳින්නමද?

අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ”තනූ” කියලයි. මේ තනු හෙවත් තනූජා ලංකාංගනි ජයවර්ධන රූපවාහිනී නරඹන ඔබට අමුත්තියක් නෙවෙයි. රස රිසි ගී සමග වසර 14ක් පුරාවට ආලින්දයට එන ඇය, විටෙක ප‍්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වෙනත් වැඩසටහන් ඔස්සේද හමුවන්නීය. මේ සියල්ලට අමතරව අද ඇය සිරස ටී.වී. සතියේ දින පහ සඳහා කළමනාකාරවරිය ලෙස ද කටයුතු කරන්නීය. මේ සියල්ලට සාපේක්ෂව තනූජා අප සමග පිළිසඳරකට එක් වූ අවස්ථාවකි මේ.
- තනූජා ජයවර්ධන

තනූජා අද දවසේ ගෙවන ජීවිතය කොහොමද?
ඉතාමත් සතුටින් නිදහස්ව ගෙවනවා.


කොහොමද ඒ වාතාවරණය හදාගන්නේ?
අවශ්‍ය කරදර දාගන්නේ නැතිව, රැකියාව කාර්යබහුල වුණත්, ඊට ආදරය කරමින්, රැකියාව ජීවිතය කර ගනිමින් ජීවිතය ගෙවනවා. රැකියාව කාර්යබහුල වුණත්, එයින් ලබන ආත්ම තෘප්තිය හරිම ඉහළයි.


ඇසි-දිසි ක්ෂේත‍්‍රයට සම්බන්ධව දශක එකහමාරක ආසන්න කාලයක් සිටීම ගැන කොහොමද හිතන්නෙ?
ගිය ආත්මෙ ලොකු පිනක් කරලා තියෙන්න ඇති. නමුත් ආසම කරන රැකියාවක නරතවෙලා පඩියක් ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් මම ආසම කරන රැකියාවෙ නිරතවෙලා මම වැටුපක් ලැබෙනවා. ඒත් වැටුපට වඩා මම ආදරය කරන්නේ ඒ වෘත්තියටයි. මම ආස කරන්නෙ නිර්මාණශීලීත්වය අතරින් දන්න දේ කරලා ජීවිතය ගෙවාගන්නයි.


ඔබ නිර්මාණශීලියි කියලා කිව්වා. ඔබ නිර්මාණශීලීද?
ඔව්, එහෙම නොවුනා නම් අද මෙතැන මේ විදියට යම්කිසි ස්ථාවරයක සිටින්න බැහැ. අනිවාර්යයෙන්ම ඇසි දිසි මාධ්‍යයේදී නිර්මාණශීලී විය යුතුමයි. නැතිනම් පැවැත්මක් නැහැ. එහෙම වුණොත් විතරයි කෝටි දෙකකට ආසන්න ජනතාවක් අතරේ, එකෙකු වෙන්න පුළුවන්.


දැන් අලූත් තනතුරක්? මොකද හිතන්නේ?
පසුගිය වසර හතක කාලයේදී Y-FM නාළිකාවේ සිට මම මට හැකි උපරිමය කළා. ඒ විෂයය මට අලූත් දෙයක් වුණා. සරසවියකින් ලැබිය නොහැකි තරමට දැණුම ලබා ගත්තා. දැන් මම සිරස ටී.වී. සතියේ දින පහ වැඩසටහන් කළමනාකාරවරිය ලෙස කටයුතු කරනවා. ඒ අලූත්ම අභියෝගයත් සාර්ථක කර ගැනීම අරමුණයි. මම ඊට තිබෙන ආදරය-කැපවීම නිසා බොහෝ දේ කරන්න ලැබේවි කියලා හිතනවා.


රස රිසිගී ගෙනා අනෙක් හිතවතා නාරද විවාහ වුණා. ඔබ?
මම තවම එහෙම වුණේ නැහැ. (හිනා)


විවාහය ගැන ඔබගෙනුත් මිනිස්සු අහනවා නේද?
අනිවාර්යෙන්ම අහන දෙයක්. මම හිතන්නේ ඒකට මට දෙන්න තියෙන උත්තරේ. තවම මම විවාහයට සූදානම් නැහැ කියන එකයි.


ඔබ විවාහය ගැන හිතන්නේ කොහොමද?
පේ‍්‍රමය විවාහයෙන් කෙළවර විය යුතුද?
මම සම්ප‍්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි. පේ‍්‍රමයෙන් ආදරයෙන් වෙළී ඉඳලා ඊට පස්සේ විවාහ වෙච්චි බොහෝ ජීවිත දිහා අද ආපසු හැරී බලද්දි වෙලාවකට එය මට ප‍්‍රශ්නයක්. විවාහය කියන්නේ කෙනෙකු මතු ආරක්ෂාව සඳහා කළ දෙයක් ද කියලා හිතෙනවා. මාව බලාගන්න, මාව ආරක්ෂා කරගන්න, මම තනිවේවිද? ඔන්න ඔය වගේ දේවල් නිසාද විවාහය කරන්න  ඕනෑ? දෙන්නෙක් එකට ජීවත්වීම පහසු දෙයක් නොවෙයි.


රස රිසි ගී වැනි සරල වින්දනාත්මක වැඩසටහන් අතරේ ඔබ ප‍්‍රවෘත්ති නිවේදනත් කරනවා. ඒ ගැන ඔබගේ පුද්ගලික අදහස මොකක්ද?
යම් විදියක දේශපාලනයක් මටත් ඇති. ඒ නිසා මම ප‍්‍රවෘත්ති වාර්තාකරණයට ආසයි. විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහන්වලදී අලූත් අභියෝගාත්මක දේ කරන්න ආසයි.


”චූටි”  ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සරලව ජීවත්වන බොහෝම ආදරණීය කෙනෙක්.


ඒ ආදරණීය ජීවිතයේ හැඩතල ගෙවීයන්නේ මොන විදියටද?
ආදරණීය ජීවිතේ බලාපොරොත්තු සුන් වූ අවස්ථා තියෙනවා. මගේ රැකියාව කාර්ය බහුල නිසා ආදරයද? රැකියාවද? කියන චෝදනාව එල්ලවෙලා තියෙනවා. එහිදී දුක උරුම වෙලා තියෙනවා. ඒත් රැකියාව කළොත් සියයට-සීයයක් රැකියාව අපව බලා ගනිවී. අසතුටින් ජීවත් වීමට වඩා ආදරය හිතේ තියාගෙන ජීවත්වීම වැදගත්.


මේතාක් කාලයක් රස රිසි ගී ගෙනා ඔබ, ඔබගේ ජීවිතයේ රිසිගීතය මොකද්ද?
රනිදු ගයන ”අම්මේ ඔබ මගේ රැජිනයි”
ඔබට ගයන්න බැරිද
හැපි බර්ත් ඬේ ටූ යූ පුළුවන්


රඟපාන්න
අවස්ථා ලැබුණා. මගේ හිතේ ඊට අකමැත්තකුත් නැහැ. මගේ වගේ චරිත අවශ්‍ය තැන්වලදි ඒ අවස්ථා ලැබී තිබෙනවා. නමුත් දැනට මේ දේ කිරීම හැර රඟපෑම ගැන මම දුරට හිතලා නැහැ.


ඔබ චිත‍්‍ර අඳින්න හරිම ආසයි නේද?
බොහෝ දුරට. ඒ දක්ෂතාවය තියෙනවා.  ඕනෑම කෙනෙක් දිහා බලාගෙන එය රූපයට නගන්න පුළුවන්. සිංදු කවි එහෙමත් ලියන්න පුළුවන් ඒ විදියට කළ නිර්මාණ එකතු කරලත් තියෙනවා.

 

 

 



අදහස් (0)

ආදරය කරන්නෙ කසාද බඳින්නමද?

ච්න්දන Thursday, 07 February 2013 04:08 AM

ඔබ සහ නාරද දෙදෙනා තරම් අව්‍යාජව වැඩසටහන් ඉදිරිපත් කරන දෙදෙනෙක් මම දැක නැහැ.(නදී)

:       0       0

රවීන් Friday, 08 February 2013 12:59 PM

මතුපිටින් බැලුවට එයා කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 02:08 PM

කොල්ලෙක් බූට් එකක්වත් තිබ්බද නංගියෝ? (නි)

:       0       0

ආෂා Wednesday, 13 February 2013 02:13 PM

අපි, ඔයා විවාහ වෙලා කියලා ලිපි දැක්කනේ තනූජා ..... නමුත් ඔයා බොහෝ දක්ෂයි..... (ස)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 February 2013 02:30 PM

ගරැ කළ යුතු පවුලකින් එන ඔබත් බොහොම පිවිතුරු කෙනෙක්. ඔබට සුබ පතනවා. තෙරුවන් සරණයි..! (ස)

:       0       0

නීලා Sunday, 17 February 2013 02:06 PM

පිටිගල, මේක ලිබරල් ලෝකයක්. ආදරය කරන්නේ කසාද බදින්නම නෙමෙයි. ඔයාගේ වයස කීයද?(නදී)

:       0       0

බෙනී පෙරේරා Wednesday, 13 February 2013 02:41 PM

ඔයා බදින්නෙ නැත්තෙ පිරිමින්ට කැමති නැති නිසාද (ස)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 08:29 PM

නැතිව ඇති (දී)

:       0       0

ඕපාත Friday, 08 February 2013 05:42 AM

හරි හොදයි, ඔබ වැඩ සටහන නියමෙට ඉදිරිපත් කරනවා.(නදී)

:       0       0

දීපාල් Saturday, 09 February 2013 09:21 PM

මේක පුරුද්දකට ගනීද දන්නෙ නැහැ අපේ අය.!(නු)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 10:07 AM

කවදාවත් කොල්ලගේ අතින්වත් අල්ලල නැති කෙල්ලෙක්.(නදී)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 10:09 AM

කවදාවත් කොල්ලෙක්ගේ අතින්‍වත් අල්ලලා නැති කෙල්ලෙක් ...(ස)

:       0       0

සඳනි Friday, 08 February 2013 03:22 PM

කෙනෙක් නිදහස් කෙනෙක් වීම ලොකු සැහැල්ලුවක් කියලයි මම හිතන්නේ (ස)

:       0       0

ඉරේෂා කුමාරි Saturday, 09 February 2013 11:40 AM

ඔයා හොඳයි, සරලයි ඒත් ගැඹුරැයි, හයිකු කවියක් වගේ.(ස)

:       0       0

මධූ Tuesday, 26 February 2013 04:10 PM

ඔයා හරිම සරල, ටිකක් කථා කරන කෙල්ලෙක්.. මම ඔයාට ගොඩක් කැමතියි අක්කී.. (ස)

:       0       0

නාරද Tuesday, 12 February 2013 03:40 PM

මම තාමත් ඔයාට කැමතියි.(නදී)

:       0       0

අජිත් Thursday, 07 February 2013 04:39 PM

තනූජා ඔබට යහපත් අනාගතයක් සිකුරුයි (ස)

:       0       0

සුජිත් Thursday, 07 February 2013 04:44 PM

ඔයා දක්ෂයි. දැන් ඔයාගේ වයස කීයද? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 12 February 2013 03:54 PM

ආදරෙන් පරාඩ් වෙලා වගේ (දී)

:       0       0

නාරද Thursday, 14 February 2013 02:28 PM

අද ආදරවන්තයින්ගේ දවස, මගේ සුභ පැතුම් ඔයාට... දිසානායක ඔයා හරි...(ස)

:       0       0

අනුර Sunday, 10 February 2013 01:18 AM

ඔබ හරිම නිහතමාණී සරල චරිතයක්...වාසනාවන්ත අනාගතයක් ඔබට! (නි)

:       0       0

ගාල්ලගේ Monday, 18 February 2013 06:16 PM

ඔබ අහිංසකයි. නිහතමානීයි. (නි)

:       0       0

මධූ Thursday, 07 February 2013 11:06 AM

ඔයා හරිම කියුට් අනේ !! අපි ඔයාට ගොඩක් කැමතියි (ස)

:       0       0

සිල්වා Sunday, 17 February 2013 08:05 AM

ඇත්තටම ඕනේ නැහැ. විවාහයෙන් අවසන් නොවන ආදරයක් තිබේනම් මමත් හිතනවා ඒ ආදරේ වැඩි සුන්දරත්වයක් තිබේ කියා. හැබැයි අපේ සබ්‍යයත්වයට නොගැලපෙන එකයි ප්‍රශ්නේ. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ කියනවනෙ . ආදරෙටත් එහෙම නිසා විවාහෙන් අවසන් නොවන ආදරෙ ඒ අයුරින්ම වැඩි කාලයක් තියේවි. (නදී

:       0       0

හෙට්ටිආරචිචි Monday, 11 February 2013 04:09 PM

මගේ ජනප්‍රියම නිවේදිකාව ඔයා. ඔයාට මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

ප්‍රියා Sunday, 24 February 2013 10:51 AM

මම නම් හිතන්නේ මේ ප්‍රශ්නය සදාචාරයක් ඇති ගැහැණු ළමයෙක් විසින් නොඇසිය යුතු ප්‍රශ්නයක් ලෙසයි. (නි)

:       0       0

සුභද්‍රා Thursday, 07 February 2013 11:43 AM

මමයි මගේ මහත්තයයි ඔයාට හරිම ආදරෙයි. අපේ දුවට තනුජා කියලා නම දැම්මේ 1998 දි . අද අපි තුන් දෙනාම ඔයාට සුබ පතනවා (ස)

:       0       0

සේකර Thursday, 14 February 2013 02:55 PM

මොකාක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ (දී)

:       0       0

ජෝස් Friday, 08 February 2013 07:32 PM

තනුජා මම ගොඩක් ආදරේ කරන නිවේදිකාව්..!(නු)

:       0       0

මංගල Friday, 01 March 2013 12:18 PM

සුභ පැතුම්! (නි)

:       0       0

අනුර Wednesday, 06 February 2013 08:24 PM

හරිම ලස්සනයි. සුභ පැතුම් අක්කි. (නි)

:       0       0

sumudu Tuesday, 12 February 2013 11:36 AM

පාසල් යන කාලේ ඉඳලමයි රස රිසි ගී බලන්නේ. හරිම කැමතියි ඔයාටත්. ජයවේවා ...! (ස)

:       0       0

ශසික Wednesday, 13 February 2013 06:40 PM

ඔයා දක්ෂයි. දැන් ඔයාගේ වයස කීයද.(නදී)

:       0       0

ෂිරාන් Saturday, 02 March 2013 05:21 PM

නැත්නම් වෙන අහවල් එකකටද? (නි)

:       0       0

ප්‍රියා Wednesday, 06 February 2013 08:48 PM

මගේ බිරිදත් ඔබ වගේමයි. එහෙම කියන්නේ මම නෙමෙයි, ම‍ගේ යාලුවෝ. (නි)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:57 AM

පිටිගල, මම වැරදි නම් නාරදගෙන් අහන්න....(ස)

:       0       0

පිටිගල Tuesday, 12 February 2013 12:43 AM

'ආදරය කරන්නෙ කසාද බඳින්නමද?' නැත්නම් මොකටද? (නි)

:       0       0

පිටිගල Wednesday, 13 February 2013 07:22 PM

දිසානායක, ඔයාට පිස්සුද?(නදී)

:       0       0

සජීව Thursday, 07 February 2013 07:57 PM

ඔබ හරිම නිහතමාණී සරල චරිතයක්, ඒ සරල කමට අපි හැමෝම ඔයාට කැමතියි.(නදී)

:       0       0

යමුනා Thursday, 07 February 2013 08:38 PM

තනුජා, මම ආසම චරිතය ඔයයි.(නදී)

:       0       0

ලසන්ති Monday, 11 February 2013 01:28 PM

අක්කේ! ඔබ අප සැමට දිදුලන මිනි පහනකි.(නදී)

:       0       0

කාංචනා Sunday, 24 February 2013 12:30 PM

ආදරය අවසානය විවාහය නොවේ , ඔබ ගොඩක් දක්ෂ කෙනෙක් , මගෙන් සුභ පැතුමි අක්කා'(නදී)

:       0       0

පන්ඩුක Friday, 08 February 2013 11:23 AM

ගැහැණු කෙනෙකුගේ විස්තරයකට , නොගැලපෙන අදහස් නොදාපු එකම වාර්තාව ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත. (ස)

:       0       0

රුවීන්ද්‍ර Tuesday, 26 February 2013 08:55 PM

සුභ පැතුම් කෙල්ලේ! (නි)

:       0       0

ප්‍රබාත් Wednesday, 27 February 2013 04:41 PM

අපේ අම්මා තාත්තට, අපිට ගොඩක් ආදරෙයි. විවාහය සිදුවිය යුත්තේ ආදරයක් තුලින්.(නදී)

:       0       0

සංජීව Tuesday, 12 February 2013 04:27 AM

තවම කලුනික හම්බ වුනේ නැතෙයි?(නදී)

:       0       0

ජීවා Thursday, 07 February 2013 11:52 PM

පිස්සු කෙල්ල. අපිත් ඔයාට හරිම කැමතියි. (නි)

:       0       0

භක්ති Saturday, 09 February 2013 12:10 AM

ආදරේ කරන්න හිතෙනවා (ස)

:       0       0

ප්‍රනීතා Wednesday, 13 February 2013 10:22 PM

ඔබත් මම වගේමයි. මම ඔබට හරිම කැමතියි. (නි)

:       0       0

රත්නපුරේ මයිලා Thursday, 14 February 2013 04:39 PM

මම කැමතිම නිවේදිකාව... අපේ අම්මයි අක්කයි ඔයාට ගොඩාක් කැමතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 292 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1352 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 758 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1874 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2622 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 3854 2

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 354 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1746 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site