
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට ජනවරම ලැබුණේ අනුන්ගේ හොරකම් අල්ලා තමන්ගේ හොරකම් වහන්න දැයි හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.
ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය දකින විට ජනතාවට එවැනි සාධාරණ ප්‍රශ්නයක් මතුවන බවද සේනාරත්න මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා:-
අනුර දිසානායක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් කළා. මේ රටේ තියෙන නොයෙකුත් ප්‍රශ්න ගැන කතා කළා. කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.බොහොම හොඳයි. අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවාට කවුරුවත් විරුද්ධ නෑ. දූෂිතයින්ට සහ වංචනිකයින්ට දඬුවම් ලබාදීම පිළිබඳ පොදු ජන අපේක්ෂාවට වත්මන් ආණ්ඩුව පණ පොවනවා. ලැබුණු ජනවරමේ හරය අනුව මේ රාජ්‍ය ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කරන බව කියනවා.
දැන් අපි අහන්නේ මේ ජනවරම ලැබුණේ, හිටපු කට්ටියගේ හොරකම්, මිනීමැරුම් අල්ලලා තමන්ට හොරකම් කරන්න ද?තමන්ට මිනීමරන්නද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර දවසෙ හිටියෙ කම්බ හොරු. දන් ඉන්නෙ ඩිජිටල් හොරු.
සිල්ව අං එනවද බලන්න ඔලුව අතගාල
වැලිකඩ යන්න කල් හරි හොර දෙටුවො