සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය මෙන් පස් ගුණයක් විශාල චක්‍රාවාටයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය එන්.ජී.සී.6872 ලෙස නම්කැර තිබේ.
නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙතෙක් සොයාගත් විශාලතම චක්‍රාවාටය මෙය බවයි. පාවෝ නම් තාරුකා රාශියට ආලෝක වර්ෂ කෝටි 21.2 ක් ඈතින් පිහිටා ඇති මෙය හැකිළුණු සර්පිලාකාර ස්වභාවයක් ගනී. එහි සර්පිලාකාර බාහු දෙක අතර දුර ආලෝක වර්ෂ 522,000 කි. අප ජීවත්වන ක්ෂීරපථයේ විශාලත්වය ආලෝක වර්ෂ 100,000 කි. නාසා ආයනය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කැර තිබේ. මෙම චක්‍රාවාටයේ තාරුකා මණ්ඩල කෝටි ගණනක් තිබිය හැකි බවත් ඒවා අතර ජීවීන්ට සුදුසු ග්‍රහලෝක ලක්ෂ ගණනක් තිබිය හැකි බවත් තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහතුන් මල්ලිගේ අදහසට මමත් එකඟයි (ස)
ලුමිබිණි වගේ අයට අළුතින් ලෝක කෝටි ගාණක් හොයාගත්තත් සෑහීමකට පත්වෙන්නෙ නැහැ (නි)
කොහොමද හොයා ගන්නේ. මොනවාද ඒ වෙනුවෙන් කරන පරීක්ෂණ (දී)
ලාල් පොඩ්ඩක් ලිපියේ තියෙන දේ කියවලා තේරුම් අරන් අදහස් දක්වන්න (ස)
සුර්යයාගේ සිට ආලෝකය පොළවට ඒමට විනාඩි 8 තත්පර 20ක් ගතවේ. (නි)
අපිට හිතන්න බැරිද ඒ චක්‍රාවාටයේ ජීවින් නැහැ කියලා (දී)
අනන්තවූ විශ්වයේ තව කොපමණ ඇතිද මේ වගේ දේවල් (දී)
මමත් ආසම අංශයක් තමයි තාරකා විද්‍යාව (දී)
මෙන්න ආපහු පටන් ගෙන ? තියෙන ලෝකෙවත් ඉන්න බැරි එකේ තව හොයන්නේ මොකටද ? (ස)
බුදු හාමුදුරුවන්ට අනුව විශ්වය ගැන සිතීම නිෂ්පල ක්‍රියාවකි. විශ්වය අනන්තද නැද්ද? විශ්වය සදාකාලිකද නැද්ද? බුදු හාමුදුරුවන් මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු වදාළේ නිහඩව සිටීමෙනි. (නි)
කියුවත් වගේ තව කොච්ච්ච්ර ඇතිද (දී)
ලාල්, තව ටිකක් හොයලා බලලා අදහස් දැම්මොත් නේද හොද? (නි)
ලාල්, ආලෝක වර්ෂ කෝටි 212 ක්... (දී)
දේව නිරිමාණවාදයේ එල්ලිලා ඉන්න අයට මේවා වහ කදුරු වගේ. http://www.youtube.com/watch?v=nagL4AWh-ng (ස)
තව ඇති හොයන්න (දී)
2012 ලෝක විනාසය වගේ 2013ටත් මොකක් හරි කතාවක් හදන්න ද හදන්නේ? (ස)
ලාල් ඔයාටනම් හොඳ දැනුමක් තියෙනවා වගේ (අ)
බුදු හාමුදුරුවෝ වසර 2500 කට පෙර සොයා ගත්ත දේවල් මෙයාලා දැන් හොයා ගන්නේ (ස)
මේ ලොව මැවුවේ දෙවියන් විසිනුයි. (නි)
මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
ඒකෙ ජීවින් ඉන්නවාද දන්නේ නැහැ නේ (දී)
තව කොච්චර ඇත්ද (දී)
විශ්වය ඉතා ඉශාලයි (දී)
මේ සක් වල කොච්චර ඇතිද මේ වගේ දේවල් (දී)
මට බලන්න ආසයි ඒක (දී)
නාසා චක්‍රාවාටයක් හොයාගත්තා කියනඑක ගොඩාක් වැදගත්. ඒත් අපේ අය ඒකට රන්ඩු වෙන්නේ ඇයි ? (අ)
නියමයි (දී)
තාක්ෂනය අද ගොඩක් දියුණුයි (දී)
දැම්ම කට්ටිය කෑ ගහන්න එපා. ලෝක විනාසේ වෙනකොට අපිට එහේ යන්න පුළුවන් වේවි (ස)
ඒ චක්‍රාවාටයේ කොච්චර ජීවින් ඇතිද (දී)
ලාල් ගේ අදහස හොඳයි . නමුත් ආලෝකයේ වේගය වැරදියටයි සටහන් කරලා තියෙන්නේ. එය 1079252848.8 km/hr විය යුතුයි. (නි)
මෙම අඩවියට පිවිස බලන්න. www.nasa.gov (නි)
තව දුරටත් ඒ ගැන සොයාබලන්න (දී)
චක්‍රාවාටයකට වඩා දැන් උවමනා කරන්නේ පනින්නට හැකි ආවාටකි (ස)
මේ අවස්ථාවේ මේක නම් ඉතාම වැදගත් ආරංචියක්. මෙහෙන් යන්න තැනක් නැතුව ඉන්න එකේ මේක කොච්චර දෙයක්ද? (ස)
මෙවැනි සොයා ගැනීම් ගැන අඩු තක්සේරුවක් නොකර,දැනුමකින් අදහස් යොමු කරන්න. ආලෝක වර්ෂයක් කියන්නේ .....පැයට කිලෝ මීටර 400 ක වේගයෙන් ජෙට් ගුවන් යානයක් වසරක් නොකඩවා ගමන් ගන්නා දුරක් .... අපේ සුර්යයා ඉන්නේ ආලෝක වර්ෂ 100000ක් දුරින්නම් ? ටිකක් හිතන්න,ආලෝක වර්ෂ 522000 ක දුරින් ඇති චක්‍රවාටයක බල පරාක්‍රමයක් තුල, මොන තරම් ග්‍රහ ලෝක තිබෙන්න පුලුවන්ද කියා. (ස)
ලාල්, ඔයාට ආලෝක වර්ෂය ගැන හොද දැනුමක් තියෙනවානේ. (නි)
ඉස්සරහට තව සොයා ගනී (දී)
අම්මෝ..... මේ අනන්ත විශ්වයේ තව කොච්චර ඇතිද (දී)
ඒ චක්‍රාවාටයේ ග්‍රහ මණ්ඩල කොච්චර ඇතිද (දී)
වෙන චක්‍රාවාට කොච්චර හොයාගත්තත් අපේ පොළව ගැනවත් තාම හරියට හොයා ගෙන තියෙනවද? (නි)
මේවට යන්න ඕන නම් සිත දියුණු කරගන්න.ඒ සදහා සීල සමාධි ප්‍රඥා වඩන්න. (ස)