අළුත්කඩේ උසාවි සංකීර්ණයේ කළු කොඩි ඔසවා අද කළු සිකුරාදා වශයෙන් නීතීඥවරුන් විසින් නම්කරන ලදැයි දැනගන්නට ඇත. නීතීඥවරු අදත් වැඩ වර්ජනය කරති. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු වරිය එම තනතුරෙන් නෙරපා හළ යුතුයැයි කියැවෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද දෙවැනි දිනටත් විවාදයට ගෙන පස්වරු 6.30 ට ඡන්දය විමසා එය සම්මත කැර ගැනීමට නියමිතය. එසේ සම්මත කරගන්නා යෝජනාව මහින්ද රාජපක්ෂ ජනපතිට ඉදිරිපත් කැරේ. ඉන් පසුව එය ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ බලය ජනපති සතුය. බොහෝ දුරට මෙම යෝජනාව ක්‍රියාත්මක වෙතියි දේශපාලන ආරංචිමාර්ග කියයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කැරුණේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගිනි. ඇමති අනුර ප්‍රියදර්ශන යාපා එහි සභාපති විය. විපක්ෂ මන්ත්‍රීවරු සිව්දෙනා එම කාරක සභාවෙන් ඉවත්වීමෙන් පසුව රජයේ මන්ත්‍රීවරු හත් දෙනා තීන්දුව කතානායකට භාර දුන්හ. චෝදනා පහයකින් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වරදකාරිය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනෙත් දවස් (දී)
අනේ මන්දා (දී)
කවදා මේ ප්‍රශ්න ඉවර වෙයිද (දී)
කළු සිකුරාදා ? (දී)
මෙහෙමගියොත් නම් ලංකාවම කළු වෙනවා (දී)
මොකද්ද ඒ කතාවේ තේරුම (දී)