ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා යළි කැදැවූයේ කාලයක් තිස්සේ ලැබුණු පැමිණිලි පරීක්ෂා කර ලබා ගත් වාර්තා අනුව බව විදේශ නියෝජ්‍ය ඇමති නියොමාල් පෙරේරා මහතා දුරකතන සාකච්ඡාවකදී පැවසීය.
ප්‍රශ්නය- ඔහුට එරෙහිව රෝමයේ තානාපති කාර්යාලයය ඉදිරිපට උද්ඝෝෂණයක් පවත්වා දින දෙකකට පසු ඔහු නැවත කැදවන ලිපිය යවා තිබෙනවා. ඔහු කැදැවූයේ ඒ උද්ඝෝෂණය නිසා ද?
උත්තරය- කොහෙත්ම නැහැ. පසුගිය කාලයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් තානාපති කාර්යාලයේ නොයෙක් අඩුපාඩුකම් පෙන්නුවා. ලංකාදීප ඔන්ලයින් වෙබ් අඩවියත් එවැනි අඩුපාඩු පෙන්වා දුන්නා. තානාපති කාර්යාලයයේ වැඩ කාර්යක්ෂම නැතැයි ඒවායින් කියැවුණා. ඔහු කැදැවිය යුතු යැයි තීරණය කළේ සති කිහිපයකට කළින්.
ප්‍රශ්නය- ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්, ඉතාලි රජයේ ලියාපදිංචි ආයතන මගින් තානාපති කාර්යාලයයෙන් තමන්ගේ වැඩකටයුතු කර ගැනීමට පුරුදුව සිටියා. තුන්වැනි පාර්ශ්වයක් මගින් කරගත් ඒ වැඩ දැන් නතර කර තිබෙනවා. ඔවුන් ගෙනෙන ලියැවිලි තානාපති කාර්යාලය දැන් බාර ගන්නේ නෑ. ඒ ඇයි?
උත්තරය- එම නියෝජිතයනට ඉදිරියේදී අන්තර් ජාලයෙන් තානාපති කාර්යාලයයට ලියැවිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනවා. එය නතර කළ බව ඇත්ත. එපමණක් නොව ජංගම සේවා ද නැවත අරඹනවා. මීට පෙර වසර කිහිපයකට පෙර වසරකට එවැනි සේවා 12ක් නැත්නම් 15ක් පැවැත්වුවා.
ප්‍රශ්නය- අසිත පෙරේරා මහතා අපට කිව්වේ ජංගම සේවා නතර කළේ විදේශ අමාත්‍යංශ උපදෙස් අනුව බවයි.
උත්තරය- කොහෙත්ම නැහැ. අප කිව්වේ තුන්වැනි පාර්ශ්වයේ ලියැවිලි බාර නොගන්නා ලෙසයි.
තානාපති අසිත පෙරේරා මහතා ද රෝමයේ සිට ලංකාදීප ‘එසැණ‘ සමග දුරකතනයෙන් කතා කළේය.
ප්‍රශ්නය- ඔබ ඉක්මණින්ම ශ්‍රී ලංකාවට යනවා ද?
උත්තරය - මගේ බඩුබාහිරාදිය ලංකාවට යවා කොළඹට යනවා. ටික දිනක් ගතවේවි. මම මාස තුනක් කල් ගත හැකියි. හැබැයි මාස තුනක් ඉන්නේ නැහැ.
ප්‍රශ්නය - ඔබ ලංකාවට ගිහින් යළි තානාපති සේවයට යනවාද? නැත්නම් දේශපාලනයට එනවාද?
උත්තරය - නැහැ දෙකම කරන්නේ නැහැ. තානාපතිකමක් ගන්නෙත් නැහැ. මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. දරු දෙන්නා සමග කල්ගත කරන්නයි බලාපොරොත්තුව. ඉතාලියේ සිටින ලාංකිකයන්ට මා කියන්නේ නොබෙදී එකමුතු වී රටට යමක් කරන ලෙසයි. 2006දී මා දකුණු කොරියාවේ තානාපති වුණා. 2011 දී ඉතාලියට ආවා. මට මේ ඉඩකඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමට මා හෘදයංගම ස්තුතිය පළ කරනවා. මීට වඩා යමක් කියන්න කැමති නැහැ. එවිට ප්‍රශ්න ඇතිවේවි. එහෙම කරන්න ගියොත් වැරදි හෙළි කරන්න වේවි. එසේ නොකියා ගෙදර යනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ තනතුර නැතිවෙන බව දැනගෙනත් ඔහොම ඉන්න පුලුවන්ද? (නි)
ලංකාදීප ඔන්ලයින් රට වෙනුවෙන්, ජයවේවා! වැරදිකාරයෝ ඉස්සරහට, කාට නැතත් ලංකාදීපයට බයවෙයි. ඔන්ලයින් දෙන්න අපට ඉඩක්, දෙන්නම් අපේ සහයෝගය! (නි)
රෝමයට අලුතින් එන්නේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙක් බවට ආරංචියි. (නි)
ඒ කියන්නේ කියන්න තව ගොඩක් දේවල් තියෙනවා කියන එකනේ. (නි)
අකාර්යක්ෂම තානාපති සේවයක් අවසන් කරන්නට උරදුන් ඉතාලියේ වෙසෙන ලංකික ජනතාවට , ලංකාදීප පුවත්පතට, විශේෂයෙන් චමින්ද මඩවල මාධ්‍යවේදියාට, විදේශ කටයුතු ඇමතිතුමාට , නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමාට , අතිගරු ජනාධිපතිතුමාට අපේ භක්ති ප්‍රණාමය! (නි)
අපේ සමගිය නිසයි මෙහෙම කරන්න පුලුවන් වුණේ.
අතිගරු ජනාධිපතිතුමාට,ඉතාලියේ වෙසෙන ලාංකික ජනතාවට , ලංකාදීප පුවත්පතට, විශේෂයෙන් චමින්ද මඩවල මාධ්‍යවේදියාට, විදේශ කටයුතු ඇමතිතුමාට , නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමාට, අපේ භක්ති ප්‍රණාමය! (නි)
හරි, හරි අපි දන්නවා.(නදී)
තානාපතිතුමා හොදයි. නමුත් ඔහුට ඉන්න නිළධාරීන් පාලනය කරගන්න බැහැ. (නි)
කොහොම නමුත් ගිය එක නම් ලොකු දෙයක්. (නි)
මම නම් හිතුවේ නැහැ තානාපති තුමාව නැවත කැදවයි කියලා. ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට සාධාරණය ඉෂ්ට කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. අපි දවස් 2 ක් නිමාඩු දාලා කිලෝමීටර 900 ක් යන්න ඕනේ රෝමෙට. නමුත් තානාපති කාර්යාලයේ අයට අපිව වැදගත් නැහැ. මේ වෙනුවෙන් උද්ඝෝෂනය කල ශ්‍රී ලාංකිකයින්ට ජය වේවා! (නදී)
ඔබ තුමාගෙන් අපට වූ සේවයට උත්තමාචාරය.(නදී)
අසිත පෙරේරා මහතා අවංක මහත්මයෙක් කීවොත් නිවැරදියි. පුද්ගලිකව එතුමා සමග හමුවූ වෙලාවක ජංගම සේවය ගැන අප කතා කළා නාපෝලි නගරයේ පැවැත්වීමට. නමුත් එතුමාට රටවල් කීපයක් බාරදී තිබෙන නිසා එය කළ නොහෑකි බවත් පැවසුවා. නමුත් පැලර්මෝ නගරයේ ජංගම සේවයක් පැවැත්වුවා. තානාපති කර්යාලයකට චන්ද්‍රපාල ලියනගේ වගේ මහතෙකුගේ අඩුව දැනුනෙ ඔහු ලංකාවට ගියාට පසුවයි. රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නිලධාරියෙක් . කවුරු මොනවා කිවුවත් හේමන්ත වර්ණකුලසූරිය මහතා ඉන්න කාලේ ඉතාලියෙ කොටි 31 අත්අඩංගුවට ගත්තා, ඉරිදා නිවාඩු දිනයෙ මහජන පහසුව තකා තානාපති සේවය ලබා දුන්නා. නගරවලට ඉල්ලීම පරිදි ජංගම සේවය ලබාදුන්නා. ශීතලේ ගැහෙමින් අපත් සමග අත්වල් බැදගනිමින් විශාල සේවයක් කළා. අන්න ඒ වගේ තානාපති කෙනෙක් එවන ලෙස වගකිවයුතු අංශ වලින් ඉල්ලා සිටිමි. මන්ද ඔබලා වගේම අපත් අප රටට ආදරය කරන නිසාවෙනි. (නි)
ඔයිට වඩා කථාකරන්න බැහැ. දකුණු කොරියාවේ හිටපු කාලයට කරපු දේවල් පුලුවන් නම් පෙන්නන්න. (නි)
මොනවා කියන්න බැරිද? ගොළුවා කසාය බිව්වා වගේ බලාන ඉන්නයි අපිට වෙන්නේ.(නදී)
ඒ තානාපති කාර්යාලයේ හැමදාම මොනවා හරි ප්‍රශ්න (දී)