
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී අද (09) පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින අක්තපත්ර භාර දීමෙන් අනතුරුව වෙයි හුආෂියැන්ග් මහතා ශ්රී ලංකාවේ චීන තානාපති ලෙස රාජකාරී ආරම්භ කළේය.
මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට සාම්ප්රදායික චීන සිතුවම් ඇතුලත් ග්රන්ථයක් ද පිරිනමා තිබේ.
එම අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd