2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත්ව පසුව ආණ්ඩුවට එක්වී දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන සියලුම මන්ත්‍රීවරුනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කැර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මේ තීරණයට එළඹ ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව ප්‍රකාරව එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සහ අරමුණු යටතේ සම්පාදිත විධිවිධාන අනුවය.
ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගනු ලැබූ ඒකමතික තීරණය මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ‘ඉරි තුනේ නියෝගය‘ මගින් දැනුම්දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ වන විටත් පියවර ගෙන තිබේ.
ඒ නුව ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම්, බෂීර් සේගුදාවුඩ්, ෂරීෆ් තවුෆික්, මොහොමඩ් හරිස්, එම් කේ මොහොමඩ්, ෆයිසාල්, එම් ෆාරුක් , මොහොමඩ් තම්බි හසන් අලි සහ අස්ලම් මොහොමඩ් සලීම් මොහොමඩ් යන මහත්වරුන්ට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ වන විටත් දැනුම් දී ඇත.
ඊට අමතරව අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල් කාදර් සහ අර්ල් ගුණසේකර අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රභා ගණේෂන්, උපේක්ෂා ස්වර්ණමාලි, පී දිගම්බරන්, ශ්‍රී රංගා, මනූෂ නානායක්කාර සහ නිමල් විජේසිංහ මහත්වරුනට ද දෝෂාභියෝගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන්නැයි දැණුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් නම් වැඩේ හොදයි. ඒත් හෙණ්ඩුව ශක්තිමත් කියලා හොදටම ෂුවර්ද? (නි)
මුලින් කිවුවේ ඡන්දයට සහ විවාදයට නොගිහින් එය වර්ජනය කරනවා කියලා නේද? ඒක එහෙම වුණා නම් මේ ගැන ආණ්ඩු පක්ෂය තනියම මොන තීන්දුව ගත්තත් ලෝකය හමුවේ එහි වලංගුභාවය අභියෝගයට ලක්වෙන්න තිබුණා. දැන් ආණ්ඩු පක්ෂයේ තීරණයට වලංගුභාවයක් හදලා දෙන්න විවාදයට සහභාගී වී දැනදැනම පරාද වෙන්න යනවා නම් අපි මොනවා කරන්නද? (නි)
එයාලා ටික එළවලාම දාන්න. (නි)
එසේ කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක් වෙන්නේ නැද්ද? (නි)
ඇන්ජිලා මාලු කෑවා නම් දුක විදවපන් බළලෝ කිවුවලු. (නි)
රනිල් මහත්තයාගේ තැනට සුදුසු නුවණ අපි අගය කරනවා. (නි)
පක්ෂයක් උනාම ඔක්කොම එක මතයක ඉන්න ඕනේ (දී)
හෙන්ඩුව ගත්තාට වැඩක් නැහැ (දී)
මමනම් කියන්නේ එජාපය හරි (දී)
ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් නැද්ද එසේ කරන්න (දී)
නියම තීරණයක් (ස)
එතකොට ජනපතිවරණයට අලියා මාරු කරපු අයටත් හෙණ්ඩුව ගනීද? (නි)
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු හැමෝම අධිකරණයට ගෙනිහින් කොහොමහරි අයින් කරලා පිරිසිදු අයම පත් කරන්න රනිල් මහත්තයෝ. (නි)
මමනම් කියන්නේ පක්ෂයක් උනාම එක දෙයක් කරන්න ඕනේ (දී)
සදාචාර පටහැනි (දී)
විකාර (දී)
පරක්කු වෙලාහරි යු.එන්.පි.යට නුවණ පහළවීම ගැන සතුටුයි. අවුව තියෙන වෙලාවේ රෙදි ටික වේලාගත යුතුය. සල්ලි අරගෙන අහිංසක ඡන්දදායකයින් දුන් ඡන්දය විකුණා වාසි බලාගෙන පක්ෂ මාරුකළ සියලු දෙනාටම නීතියෙන් දඬුවම් දිය යුතුය. (නි)
වැඩේ සාධාරණයි (දී)
වැඩක් වෙන්නේ නැහැ (දී)
වැඩේ නම් ලස්සනයි. බලාගෙන ඉදිමුකෝ ඊළගට වෙන්නේ මොකක්ද කියලා. (නි)
සදාචාර පටහැනි ඒ වැඩේ (දී)