IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලියා මාරුකළ මන්ත්‍රීන්ට එරෙහිව එජාපය හෙණ්ඩුව ගනී

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත්ව පසුව ආණ්ඩුවට එක්වී දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන  සියලුම මන්ත්‍රීවරුනට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කැර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ තීරණයට එළඹ ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව ප්‍රකාරව එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සහ අරමුණු යටතේ සම්පාදිත විධිවිධාන අනුවය.

ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගනු ලැබූ ඒකමතික තීරණය මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ‘ඉරි තුනේ නියෝගය‘ මගින් දැනුම්දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ වන විටත් පියවර ගෙන තිබේ.

ඒ නුව ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම්, බෂීර් සේගුදාවුඩ්, ෂරීෆ් තවුෆික්, මොහොමඩ් හරිස්, එම් කේ මොහොමඩ්, ෆයිසාල්, එම් ෆාරුක් , මොහොමඩ් තම්බි හසන් අලි සහ අස්ලම් මොහොමඩ් සලීම් මොහොමඩ් යන මහත්වරුන්ට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ වන විටත් දැනුම් දී ඇත.

ඊට අමතරව අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල් කාදර් සහ අර්ල් ගුණසේකර අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රභා ගණේෂන්, උපේක්ෂා ස්වර්ණමාලි, පී දිගම්බරන්, ශ්‍රී රංගා, මනූෂ නානායක්කාර සහ නිමල් විජේසිංහ මහත්වරුනට ද දෝෂාභියෝගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන්නැයි දැණුම් දී තිබේ.



අදහස් (0)

අලියා මාරුකළ මන්ත්‍රීන්ට එරෙහිව එජාපය හෙණ්ඩුව ගනී

සුනිල් Wednesday, 09 January 2013 08:03 PM

පුලුවන් නම් වැඩේ හොදයි. ඒත් හෙණ්ඩුව ශක්තිමත් කියලා හොදටම ෂුවර්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 09 January 2013 08:16 PM

මුලින් කිවුවේ ඡන්දයට සහ විවාදයට නොගිහින් එය වර්ජනය කරනවා කියලා නේද? ඒක එහෙම වුණා නම් මේ ගැන ආණ්ඩු පක්ෂය තනියම මොන තීන්දුව ගත්තත් ලෝකය හමුවේ එහි වලංගුභාවය අභියෝගයට ලක්වෙන්න තිබුණා. දැන් ආණ්ඩු පක්ෂයේ තීරණයට වලංගුභාවයක් හදලා දෙන්න විවාදයට සහභාගී වී දැනදැනම පරාද වෙන්න යනවා නම් අපි මොනවා කරන්නද? (නි)

:       0       0

රංජිත් Wednesday, 09 January 2013 08:42 PM

එයාලා ටික එළවලාම දාන්න. (නි)

:       0       0

නන්දලාල් Thursday, 10 January 2013 08:09 AM

එසේ කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

අජිත් Thursday, 10 January 2013 08:12 AM

ඇන්ජිලා මාලු කෑවා නම් දුක විදවපන් බළලෝ කිවුවලු. (නි)

:       0       0

හසිත Thursday, 10 January 2013 08:27 AM

රනිල් මහත්තයාගේ තැනට සුදුසු නුවණ අපි අගය කරනවා. (නි)

:       0       0

ෆාරුක් Wednesday, 09 January 2013 05:14 PM

පක්ෂයක් උනාම ඔක්කොම එක මතයක ඉන්න ඕනේ (දී)

:       0       0

උපුල් Wednesday, 09 January 2013 09:26 PM

හෙන්ඩුව ගත්තාට වැඩක් නැහැ (දී)

:       0       0

සදුන් Wednesday, 09 January 2013 09:28 PM

මමනම් කියන්නේ එජාපය හරි (දී)

:       0       0

ලාල් Wednesday, 09 January 2013 05:25 PM

ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් නැද්ද එසේ කරන්න (දී)

:       0       0

චම්පා Thursday, 10 January 2013 09:13 AM

නියම තීරණයක් (ස)

:       0       0

නිරන්ජන් Wednesday, 09 January 2013 05:32 PM

එතකොට ජනපතිවරණයට අලියා මාරු කරපු අයටත් හෙණ්ඩුව ගනීද? (නි)

:       0       0

රවි Thursday, 10 January 2013 09:15 AM

ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු හැමෝම අධිකරණයට ගෙනිහින් කොහොමහරි අයින් කරලා පිරිසිදු අයම පත් කරන්න රනිල් මහත්තයෝ. (නි)

:       0       0

ජනක Wednesday, 09 January 2013 10:16 PM

මමනම් කියන්නේ පක්ෂයක් උනාම එක දෙයක් කරන්න ඕනේ (දී)

:       0       0

ප්‍රියා Wednesday, 09 January 2013 05:40 PM

සදාචාර පටහැනි (දී)

:       0       0

සකු Thursday, 10 January 2013 09:28 AM

විකාර (දී)

:       0       0

Jina Wednesday, 09 January 2013 10:40 PM

පරක්කු වෙලාහරි යු.එන්.පි.යට නුවණ පහළවීම ගැන සතුටුයි. අවුව තියෙන වෙලාවේ රෙදි ටික වේලාගත යුතුය. සල්ලි අරගෙන අහිංසක ඡන්දදායකයින් දුන් ඡන්දය විකුණා වාසි බලාගෙන පක්ෂ මාරුකළ සියලු දෙනාටම නීතියෙන් දඬුවම් දිය යුතුය. (නි)

:       0       0

ආනන්ද Wednesday, 09 January 2013 05:53 PM

වැඩේ සාධාරණයි (දී)

:       0       0

තිස්ස Wednesday, 09 January 2013 06:18 PM

වැඩක් වෙන්නේ නැහැ (දී)

:       0       0

රෝහිත Wednesday, 09 January 2013 06:22 PM

වැඩේ නම් ලස්සනයි. බලාගෙන ඉදිමුකෝ ඊළගට වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

සුමනා Thursday, 10 January 2013 10:48 AM

සදාචාර පටහැනි ඒ වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site