දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.
පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.
තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.
යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ
2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා
දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.
විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.
එස් ටී එෆ් පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.
දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි
2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අහිංසක මහජනතාව තමයි අමාරුවෙ වැටෙන්නෙ
අපි හැමදාම දිනුවේ අයුක්තියෙන්. මේක අපේ පුරුද්ද. අපි නිකම් රෙදි ඇඳගෙන ඉන්නේ ශීලාචාර බව අනුන්ට පෙන්නන්න විතරයි. (නි)
පොලු පහරවල් කන්නෙත්, ගුටි කන්නෙත් හැමදාම අහිංසකයෝ. (නි)
ලැජ්ජයි (දී)
දැක්කානේ. ඕක තමයි අපි කියුවේ (දී)
සාධාරණයක් ඉෂ්ට කරන්න (දී)
ඕකටනේ ගියේ (දී)
ලුම්බිනී හරි.දෝශාභියෝගෙ කියන වචනෙ තේරුම දන්නෙ කීදෙනෙක්ද දන්නෙ නෑ .මොලේ තියෙන ඇත්තො දන්නව මොකද වෙන්නෙ කියල.රටේ අධ්‍යාපනය ආර්ථිකය ජීවන වියදම දැනෙනතරම් වෙනස්වෙනකොට මිනිස්සු හරියට නොදන්න නොදැනෙන දෙයකට මෙහෙම එයිද.හිමිට හිතන්නකො මොකද වෙන්නෙ කියල (ස)
අපි මේ ඉවසුව හොඳටම ඇති. දැන් තීරණයක් ගනිමු (ස)
පුළුවන්නම් තව මොකක් හරි විනාසයක් කරගන්න තමයි කට්ටිය මේ හදන්නේ (ස)