
(අංජුල මහික වීරරත්න)
ආදායම් සංරක්ෂණ පනත යටතේ සාදන ලද ආඥාව සහ 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ සාදන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අති විශෙෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත සහ 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ සාදනු ලැබ ඇති පහත සඳහන් ආඥාව / නියමයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
*දෙමුහුන් වර්ගයේ මැන්ඩරින් පළතුරු විශේෂය සඳහා 20%ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ ආනයන තීරු බද්ද 20% හෝ කිලෝ ග්‍රෑමයට රුපියල් 60/-ක් ලෙස සංශෝධනය කිරීම සඳහා අංක 2464/15 හා 2025-11-25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ විධි විධාන යටතේ සාදන ලද අංක 05/2025 දරන ආදායම් සංරක්ෂණ ආඥාව.
*අර්තාපල් සහ බොම්බයි ළූණු ආනයනය සඳහා පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සහ දෙමුහුන් වර්ගයේ මැන්ඩරින් පළතුරු විශේෂය ආනයනයට පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට හැකි වන පරිදි අංක 2464/14 දරන 2025-11-25 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ පනවනු ලැබ ඇති නියමය.
* දිට්වා සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට පහසුකම් සැලසීම සඳහා ආපදාවෙන් නැවත යථා තත්ත්වයට පැමිණිමේ ව්‍යාපෘතිය යටතේ මෙරටට ලැබෙන පරිත්‍යාගයන් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අය නොකිරීම පිණිස අංක 2465/16 දරන 2025-12-04 දිනැති දිනැති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ පනතේ විධිවිධාන යටතේ පනවනු ලැබ ඇති නියමය.
* 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ 2025-12-31 දින දක්වා ක්‍රියාත්මකව පැවති භාණ්ඩ වර්ග 62 ක් සඳහා වූ බදු අනුප්‍රමාණයන් එලෙසම 2026-12-31 දින දක්වා පවත්වා ගැනීම සඳහා සහ රාමසාන් උත්සව සමයට පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලැබෙන රට ඉඳි වෙනුවෙන් බදු සහන ලබා දීම සඳහා අංක 2469/12 දරන 2025-12-31 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන යටතේ පනවනු ලැබ ඇති නියමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd