
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක ගොවිපොළ වගා භූමි වගා කිරීම සඳහා ගොවි ජනතාව වෙත බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති බිත්තර වී නිෂ්පාදනය, අතිරේක බෝග බීජ නිෂ්පාදනය සහ සත්ත්ව නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ගොවිපොළ 17 ක ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් එම ගොවිපොළ වල කළමනාකාරිත්වය සඳහා දීර්ඝකාලීන බදු පදනම මත හෝ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය යටතේ පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම පිණිස 2022-12-05 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, වර්තමාන රජයේ ප්‍රතිපත්තිය යටතේ, එම ගොවි පොළවල සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම, ගොවි පොළ ලාභදායී ආර්ථික ඒකක බවට පත් කිරීම, ජාතික බිත්තර වී අවශ්‍යතාව සපුරාලීම, ජාතික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දීම, ප්‍රාදේශීය තරුණ කෘෂි ව්‍යවසායකයින් කෘෂි කර්මාන්තය කෙරෙහි නැඹුරු කරවීම, ජනපදිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ආදී අරමුණු සහිතව, භුමියේ අයිතිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව පවත්වා ගනිමින් එකී ගොවිපොළ සංවර්ධන කටයුතු සඳහා මහවැලි කලාපීය බලප්‍රදේශ වල ගොවි ජනතාව සහභාගී කරවා ගැනීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් යහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* මහවැලි ගොවිපොළ වාරි බිම් බිත්තර වී නිෂ්පාදනය සඳහා මහවැලි කලාපීය බලප්‍රදේශ වල කෘෂි ව්‍යවසායකයින් වෙත කන්න බදු පදනම යටතේ වෙන්දේසි කර ගිවිසුම්ගතව ලබා දීම.
* මහවැලි ගොවිපොළෙහි සංවර්ධිත / සංවර්ධනය නොකළ නමුත් වගා කළ හැකි / ඌන සංවර්ධිත උස් බිම් අතිරේක බෝග/ අතිරේක බෝග බීජ නිෂ්පාදනය සඳහා මහවැලි කලාපීය බලප්‍රදේශ වල ගොවි ජනතාව වෙත කන්න බදු පදනම මතවෙන්දේසි කර ගිවිසුම්ගතව ලබා දීම.
* සාර්ථකව නඩත්තු නොවන, වර්ෂ 03 ක් හෝ ඊට වැඩි කාලයක් පුරාවට ලාභ උත්පාදනය නොකරන සත්ත්ව පාලන ඒකකයන් මහවැලි කලාපීය බලප්‍රදේශ වල ව්‍යවසායකයින් / ගොවින් වෙතඅවුරුදු 03 ක උපරිම කාලයකට යටත්ව විධිමත් බදු ක්‍රම වේදයකට ලබා දීම.
* ඌන සංවර්ධික ස්ථිර බෝග පවතින බිම්, වසර 05 ක් හෝ ඊට වැඩි වසර ගණනාවක් විභව අස්වැන්නක්/ ආදායමක් ලබා නොගත් ස්ථිර බෝග පවතින භුමි සුදුසු, නිවැරැදි මිනුම් අනුව කට්ටි කර, භූමියේ වටිනාකම, බෝගයේ විභව අස්වැන්න හා ලබා ගත හැකි උපරිම ආදායමට අනුව එම ඉඩම් කට්ටියක වටිනාකම තීරණය කිරීමෙන් පසු විධිමත් බදු ක්‍රමයක් ඔස්සේ අදාළ මහවැලි කලාපීය ගොවි ප්‍රජාව වෙත වගාව සඳහා පමණක් කෙටිකාලීනව ලබා දීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd