අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීන් විසින් 1987.7.2 වැනිදා ඝාතනය කැරුණු භික්ෂූන්වහන්සේ තිස්දෙනම ගමන් කළ ලංගම බසය රථය කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂණය කිරීමට යයි.
බදුල්ල කැප්පෙටිපොළ ඩිපෝව සතු තිබූ අංක 60-3599 දරණ එම බසය දොඹකරයක ආධාරයෙන් අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබීය. කාර්මික දෝෂයක් නිසා දැන් එම බසය ධාවනයෙන් ඉවත් කැර තිබේ.
1987 ජුලි දෙවැනි දා උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු හිමිවරුන් බස් රථයෙන් අම්පාරේ සිට මහනුවරට ගමන් කරද්දී අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීහු පහර දුන්හ.
එම ප්‍රහාරයේදී භික්ෂූන් වහන්සේ තිස් දෙනමක් අපවත් වූහ.
අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ඩලස් අලහප්පෙරුම සහ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම බසය අරන්තලා පුද බිමට ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට පන්සලුත් කටු ගෙවල් වේවිද? (නි)
මේවාවත් දාලා කටුගෙයි අඩුපාඩු පුරවන එක හොදයි. (නි)
මේවා කරවපු අයත් කටුගෙටම යවන්නයි තියෙන්නේ..!(නු)
රටකට ගිය කලක්. මේවට වගකිව යුත්තෝ දැන් කොහෙද ඉන්නේ ??? (ස)
මේ අපරාද කරපු අය අද කොතැනද ??? රටකට ගිය කලක් (ස)
71 ,89 දි බස් පුච්චපු, මිනී මරපු ඈයොත් ඔය යහතින් ඉන්නෙ කිසිම දඩුවමක් නැතුව. (නි)
මිහිරි මතක (දී)
කටු ගෙට යන්න එපා. ඕකත් හොරකම් කරාවි (ස)
මේ ප්‍රහාරයට වග කිවයුත්තන්ගේ ඡායාරෑපත් මේ අසලින්ම එල්ලන්න..!(නු)
අපේ අහවල් ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. (නි)
ඒ අයගේ ඇටකටුත් තියන්න ඕනෑ කටුගෙයි. (නි)
මේ සටන මෙහෙයවපු අය කවුද?(නු)
මං දන්න විදියට මේ ඝාතකයන් ටිකට නිසි දඩුවම් ලැබුණා. රූපවාහනියේ උත්තම පුජා වැඩසටහනටත් ඒ සිද්ධිය පෙන්නුවා. (නි)
මේ අපරාධය සිදුවූ දිනය රටේ හැමෝටම අමතක නොවන දිනයක් වේවා..! මේ පව කරපු අය අද කොහෙද? ස්වාමීන්වහන්සේලා සැමට නිවන් සුව.,!(නු)
මේවාට සම්බන්ධ වෙච්ච අයගෙත් ඡායාරෑපත් දාන්න..(නු)
දැන් ඉතින් ඕවා තමයි කටු ගෙට දාන්න වෙන්නේ. කෙනෙකුට හොරෙන් ගෙනියන්නත් අමාරුයිනේ. (නි)
නැවතත් ඒ වගේ සිදු වීම් ඇති නොවේවා (දී)
අපේ හාමුදුරුවන්ට නිවන් සුව..!(නු)
ඕවට වගකියන්න ඕනෑ අයට දඩුවමුත් නැතුව තවම ඉන්නේ මේ රටේම තමයි. (නි)
මෙය ජාතිවාදය ඇවිස්සීමක් හැටියටයි මම නම් දකින්නේ. (නි)
අපෝ, ආයෙත්නම් දකින්නවත් එපා (දී)
මෙම මෙහෙයුමට සහභාගීවූ අයගේ නම් ගම් ඇතිව පළ කළ යුතුයි..!(නු)
ඒ වගේ දෙයක් නම් යේ වෙන්න හිතන්න එපා (දී)
තව කටුගෙට දාන්න අය ඉන්නවා මේකත් එක්කම (ස)
පරණ අමිහිරි මතක(දී)
මේක අධිරාජ්‍යවාදීන් විසින් අටවාපු උගුලක්. (නි)
මේ අමිහිරි මතකයන් නැවත නොවේවා (දී)
කනගාටු දායක සිද්දියක් ඒක (දී)