සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළඳපොල හෝ යම් දෙයක් සඳහා ආයෝජනය කරන විට ඒ පිළිබඳව එම අරමුදලේ සාමාජිකයින් පුළුල්ව දැනුම්වත් කරන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද (15) විවෘත අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.
අගවිනිසුරු මේ බව කියා සිටියේ සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොළ යෙදවීමට එරෙහිව වෘත්තීය සමිති 11 ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. අගවිනිසුරු පීරිස්, කේ. ශ්‍රී පවන්, පී.ඒ. රත්නායක යන ත‍්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
වැඩිදුර විභාගය අනවශ්‍ය බවත් කී ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප‍්‍රභා කළේය.
සේවක අර්ථ සාධක අරමුදල් නීතිවිරෝධී ලෙස කොටස් වෙළෙඳපොළේ ආයෝජනය සඳහා යෙදවීම සාපරාධි ක‍්‍රියාවක් සේ සලකා ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති 11 එක්ව මෙම පෙත්සම ගොනු කළේය.
මහ බැංකු අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල, කම්කරු කොමසාරිස්, භාණ්ඩාගාර ලේකම්, විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව, ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි. ඉතාමත් සාධාරණ තීන්දුවක්.. (ස)
නීතිය සැමට එකසේ..!(නු)
මොන නඩුවක් දැම්මත් මීට වඩා දෙයක් අද කාලේ හැටියට බලාපොරොත්තු වෙන්න අමාරුයි. (නි)
ඔයාලට ඕවට විදවන්න වෙන්නේ ඊලග ආත්මෙදියි.(නදී)
හිටපු අගවිනිසුරුවරිය ගෙදර යවන්න උද්ඝෝෂණය කරපු අය කෝ..!(නු)
දැන් ඔය ආයෝජනයෙන් අපිට ලාබෙන් කොටසක් එනවද? එහෙම එනවනම් කමක් නැහැ.(නදී)
පුහුල් හොරා කරෙන් දැනේ.(නදී)
මේ තීරණය අපි කළින් දන්නවා.. (නු)
තීන්දුව දෙන්න පෙර අපට තේරෙනවා තීන්දුව මොකද්ද කියලා..!(නු)
ගොඩක් හොදයි.. ඇත්තටම සාධාරණ තීන්දුවක්.. ඔබතුමාට බුදුසරණයි..!(නු)
පාරෙ පස් කාලා සහයෝගය දුන්න අයටනම් පස්ම තමයි කන්න වෙන්නෙ..!(නු)
සිසිරගේ කතාව ඇත්ත තමයි. (නි)
මේවා ඉතින් අපි අපිම ඉල්ලගෙන කාපුවානේ. (නි)
මෙන්න තවත් ප්‍රතිඵලයක් මොනවදෝ කෑවනම් විඳවපන් කීවලු (ස)
දැන් වැඩක් නැහැ මොන පෙත්සම් අත්සන් කළත් ඕවා ඔක්කොම කුණු කූඩෙට(ස)
කොහොමද අපේ අධිකරණය දැන් හොඳයි නේ....(ස)
දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)
අර්ථ සාධකේ, මොකක්ද ඒ කියලා ඇහුවේ නැති එක පුදුමයි. (ස)
සුභ අනාගතයක් අපිට! (නි)
ලෝක බැංකුව ණය දීම නැවැත්තුව එක පුදුම වෙන්න දෙයක් නැහැ..!(නු)
ඔබතුමා නිවැරදියි. එක දෙයයි පොඩි අඩුවකට තියෙන්නේ. (නි)
ඔය මුදල් භාණ්ඩාගාර බිල්පත් වල හෝ රාජ්‍ය බැංකු වල තැන්පත් කළා නම් හොද නැද්ද? (නි)
ඔන්න අගවිනිසුරු තුමා කළගුණ සලකන්න පටන් අරගෙන වගේ.(ස)
දැන් ඉතින් ඕන නඩුවක් ගොඩ.ඔක්කොම ටික ඉතින් හාමදුරුවන්ගෙනේ.(ස)
අපිට බය අපේ ැර්ථසාධකයටත් ඔය ටික වේයිද දන්නේ නෑ...(ස)
ඔය තියෙන්නේ අධිකරණයේ පරාමාධිපත්‍යය. (නි)