IMG-LOGO

අයියගේ අඩි පාරේ ඔලිම්පික් යනවා

 මීලග ඔලිම්පික් උළෙලට සහභාගී වී  ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීම තම  එකම ඉලක්කය බව උගන්ඩාවේ පැවති උගන්ඩා විවෘත බැඩිම්න්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගෙන  මෙරටට  පැමිණි  දිනුක කරුණාරත්න  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එසැනට කීය.

ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක  සහ  දිනුකගේ පියා වන ලූවී කරුණාරත්න යන මහත්වරුන් විසින් කටුනායනදී   ඔහුව පිලිගත්හ.
තම ජයග්‍රහනය පිළිබඳව අදහස් දැක්වූ දිනුක පැවසූවේ තම  සොහොයුරා වන නිලුක කරුණාරත්නට පසුගිය වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුනාසේම  2016 වසරේදී බ්‍රසීලයේ පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම තම එකම අරමුණ බවයි.
ජාත්‍යන්තර තරගාවලියකින් තමන්  ලබා ගත් ප්‍රථම රන් පදක්කම මෙය බැවින් ඉතා සතුටට පත්වන බවත් 2016 ට තව දිගු කාලයක් තිඛෙන බැවින්  ඒ කාලය ඇතුලත තම ඉලක්කයට ලගා විම සඳහා වූ උපරිමය කරන බවත් ඔහු කීය.
 තරගාවලිය රටවල් දාහතරක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන්  පසුගිය 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා උගන්ඩාවේ තම්පාලා නුවරදී පැවැත්විණි.  
දකුනේ බලපිටියේ උපත ලද දිනුක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති අතර පසුව කොළඹ රෝයල් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
මෙම තරගාවලියේදී අවසන් පූර්ව තරගයේදී ඉතාලි ක්‍රීඩක ග්‍රේසියෝ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් දිනුක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර  අවසන් මහා තරගයේදී දිනුක විසින් ඉන්දීය ක්‍රීඩක සබන්කා තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.

 

 



අදහස් (0)

අයියගේ අඩි පාරේ ඔලිම්පික් යනවා

වරුණ Wednesday, 27 February 2013 08:09 AM

බොරුවට සෝබනය පෙන්නලා ලොකු කට්ට්යගේ උදව් අරන් තමා දක්ෂයි, ජ්‍යේෂ්ටයි කියලා දගලපු අක්කලාට දිලුක, දිනුක දෙසොහොයුරන් රටක් වටින සම්පත්. ඔවුන්ගේ උපරිමය රට වෙනුවෙන් ලබා ගනිමු.(නදී)

:       0       0

Nimal Ravindra Thursday, 28 February 2013 10:42 AM

නියමයි මල්ලි, සුබපැතුම් !(ස)

:       0       0

සුමුදු පෙරේරා. Tuesday, 26 February 2013 04:47 PM

මේ අපේ ගමේ කොල්ලෙක්..... සුභ පතනව දිනුක මල්ලි ඔයාට ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමිකරදෙන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල....(ස)

:       0       0

සන්ජීව Wednesday, 27 February 2013 09:47 AM

ඔබේ බලාපොරොත්තු එසේම ඉටුවේවායි හදවතින්ම, මුළු ශ්‍රී ලාංකීය ජනතාවම ප්‍රාර්ථනා කරමු.(ස)

:       0       0

රන්දි Tuesday, 26 February 2013 04:56 PM

ඔබේ බලාපොරොත්තු එසේම ඉටුවේවායි හදවතින්ම, මුළු ශ්‍රී ලාංකීය ජනතාවම ප්‍රාර්ථනා කරමු... (ස)

:       0       0

සුනෙත්‍රා Wednesday, 27 February 2013 09:58 AM

සුභ පතනවා අයියා මලෝ දෙන්නටම. අවංකව සහ කැපවීමෙන් ක්‍රීඩා කලොත් ඔයාට ඔලිම්පික් පදක්කම අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. එදාට සිරි ලක් මාතාවගේ ආශිර්වාදය ඔබට හිමි වේවි... (ස)

:       0       0

මලික් Tuesday, 26 February 2013 05:43 PM

මම දන්නා පුතෙක් ඉන්නවා බැඩ්මින්ටන් වලින් එයාගේ වයසටත් වඩා දක්ෂතා පෙන්වන .නමුත් මේ දරුවට ආර්ථික අපහසුතා මැද්දේ තමයි මේ ගමන යන්නේ .මොහු අද්‍යාපනය ලබන්නේ පානදුර රෝයල් කොලේජ් එකේ පුළුවන් කවුරු හරි උදවු කරනවානම් මේ දරුවා රටේ හොද දක්ෂයෙක් වෙනවා .(නු)

:       0       0

අනුර Tuesday, 26 February 2013 06:43 PM

අවංකවම මෙෙන් උණුසුම් සුභ පැතුම් අපිට ඔබ ගැන ආඩම්බරයි..!(නු)

:       0       0

විභූති Tuesday, 26 February 2013 06:50 PM

රෝයල් විද්‍යාලයෙන්..?(නු)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 27 February 2013 04:06 PM

නියමයි යාළුවා...ඔයත් එක්ක හිටපු ඒ පාසල් කාලය මතක් වේනවා..(ස)

:       0       0

පිටිගල Tuesday, 26 February 2013 07:57 PM

නිරපරාදේ වියදම් කරන සල්ලි මෙවැනි දේවලටයි යොදවන්න ඕනෑ. (නි)

:       0       0

pahan Tuesday, 26 February 2013 08:34 PM

අයියයි මල්ලියි බැඩ්මින්ටන් ගහනකොට කවුද දිනන්නේ? නිලුකද දිනුකද ? (නි)

:       0       0

ජානක Tuesday, 26 February 2013 10:00 PM

කටාර් ගුවන් තොටුපොලේදි හමුවූ ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

දුලිප් Tuesday, 26 February 2013 11:00 PM

නියමයි මල්ලි, අම්බලන්ගොඩ නම තියපන්. ඔබට අනිවාර්යයෙන්ම ඔලිම්පික් පදක්කමක් ගේන්න පුළුවන්. සුභ පැතුම්!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site