මීලග ඔලිම්පික් උළෙලට සහභාගී වී ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීම තම එකම ඉලක්කය බව උගන්ඩාවේ පැවති උගන්ඩා විවෘත බැඩිම්න්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගෙන මෙරටට පැමිණි දිනුක කරුණාරත්න කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එසැනට කීය.
ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක සහ දිනුකගේ පියා වන ලූවී කරුණාරත්න යන මහත්වරුන් විසින් කටුනායනදී ඔහුව පිලිගත්හ.
තම ජයග්‍රහනය පිළිබඳව අදහස් දැක්වූ දිනුක පැවසූවේ තම සොහොයුරා වන නිලුක කරුණාරත්නට පසුගිය වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුනාසේම 2016 වසරේදී බ්‍රසීලයේ පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම තම එකම අරමුණ බවයි.
ජාත්‍යන්තර තරගාවලියකින් තමන් ලබා ගත් ප්‍රථම රන් පදක්කම මෙය බැවින් ඉතා සතුටට පත්වන බවත් 2016 ට තව දිගු කාලයක් තිඛෙන බැවින් ඒ කාලය ඇතුලත තම ඉලක්කයට ලගා විම සඳහා වූ උපරිමය කරන බවත් ඔහු කීය.
තරගාවලිය රටවල් දාහතරක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා උගන්ඩාවේ තම්පාලා නුවරදී පැවැත්විණි.
දකුනේ බලපිටියේ උපත ලද දිනුක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති අතර පසුව කොළඹ රෝයල් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
මෙම තරගාවලියේදී අවසන් පූර්ව තරගයේදී ඉතාලි ක්‍රීඩක ග්‍රේසියෝ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් දිනුක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අවසන් මහා තරගයේදී දිනුක විසින් ඉන්දීය ක්‍රීඩක සබන්කා තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට සෝබනය පෙන්නලා ලොකු කට්ට්යගේ උදව් අරන් තමා දක්ෂයි, ජ්‍යේෂ්ටයි කියලා දගලපු අක්කලාට දිලුක, දිනුක දෙසොහොයුරන් රටක් වටින සම්පත්. ඔවුන්ගේ උපරිමය රට වෙනුවෙන් ලබා ගනිමු.(නදී)
නියමයි මල්ලි, සුබපැතුම් !(ස)
මේ අපේ ගමේ කොල්ලෙක්..... සුභ පතනව දිනුක මල්ලි ඔයාට ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමිකරදෙන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල....(ස)
ඔබේ බලාපොරොත්තු එසේම ඉටුවේවායි හදවතින්ම, මුළු ශ්‍රී ලාංකීය ජනතාවම ප්‍රාර්ථනා කරමු.(ස)
ඔබේ බලාපොරොත්තු එසේම ඉටුවේවායි හදවතින්ම, මුළු ශ්‍රී ලාංකීය ජනතාවම ප්‍රාර්ථනා කරමු... (ස)
සුභ පතනවා අයියා මලෝ දෙන්නටම. අවංකව සහ කැපවීමෙන් ක්‍රීඩා කලොත් ඔයාට ඔලිම්පික් පදක්කම අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. එදාට සිරි ලක් මාතාවගේ ආශිර්වාදය ඔබට හිමි වේවි... (ස)
මම දන්නා පුතෙක් ඉන්නවා බැඩ්මින්ටන් වලින් එයාගේ වයසටත් වඩා දක්ෂතා පෙන්වන .නමුත් මේ දරුවට ආර්ථික අපහසුතා මැද්දේ තමයි මේ ගමන යන්නේ .මොහු අද්‍යාපනය ලබන්නේ පානදුර රෝයල් කොලේජ් එකේ පුළුවන් කවුරු හරි උදවු කරනවානම් මේ දරුවා රටේ හොද දක්ෂයෙක් වෙනවා .(නු)
අවංකවම මෙෙන් උණුසුම් සුභ පැතුම් අපිට ඔබ ගැන ආඩම්බරයි..!(නු)
රෝයල් විද්‍යාලයෙන්..?(නු)
නියමයි යාළුවා...ඔයත් එක්ක හිටපු ඒ පාසල් කාලය මතක් වේනවා..(ස)
නිරපරාදේ වියදම් කරන සල්ලි මෙවැනි දේවලටයි යොදවන්න ඕනෑ. (නි)
අයියයි මල්ලියි බැඩ්මින්ටන් ගහනකොට කවුද දිනන්නේ? නිලුකද දිනුකද ? (නි)
කටාර් ගුවන් තොටුපොලේදි හමුවූ ඔබට සුභ පැතුම්..!(නු)
නියමයි මල්ලි, අම්බලන්ගොඩ නම තියපන්. ඔබට අනිවාර්යයෙන්ම ඔලිම්පික් පදක්කමක් ගේන්න පුළුවන්. සුභ පැතුම්!(නදී)