සමිතා - අතුල කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටින්නීය. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය මෙලෙස ගායනයට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර යුග ගීතයක් ගයමින් ඇය මෙලෙස ගායනයට පිවිස සිටින්නීය. ලසිත ජයනෙත්ති ආරච්චිගේ පද රචනයට තනුව හා සංගීතයෙන් ප‍්‍රසන්න දිසානායක දායකවූ මෙම ගීතය කවින්ද්‍යා සමග ගයනු ලබන්නේ අමිල පෙරේරාය.
හංගාගෙන සිටියා....................
පි- හංගානෙ සිටියා මා සිතක කොනේ.jpg)
නොවෙනස් හැඟුමන් ඒ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා
ගැ- ඔය බැල්මන් මා උමතු කරාවී නොසිතනු මැනවි
පි- ඔය බැල්මන් මා උමතු කලා පිළිගනු මැනවි
ගැ- සඳ එළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
පි- මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා
හීනයෙන් පවා නම කියවනා ඔබේ
ඊයේටත් වඩා අද ආදරෙයි මා
පි- ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
සිහින් ඇස් පියන් කොහේදේ රැගෙන යයි
නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
ගැ- හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
ඔය හිත නොහඳුනවා නෙමෙයි
ජීවිතය ගැන බයයි
ආදරයේ....... නිසි අරුත තව සොයයි
පි- හංගාගෙන සිටියා මා සිතක කොනේ
එලෙසින් පද රචනය වූ එම ගීතය සම්ප‍්‍රදායික ක‍්‍රමයට අනුව නිර්මාණය නොවූවක් බව වී.එෆ්.එම්. සේවය සඳ හන් කරයි. පද රචනයෙන් දායකවූ ලසිත ජයනෙත්ති ආරච්චිගේ සහ සංගීත නිර්මාණය කළ ප‍්‍රසන්න දිසානායක පවසන්නේ මව මව සහ පියාගේ උරුමය ලද නමුත්, කවින්ධ්‍යා තමාගේ ගායන හැකියාව අපූරුවට ඉස්මතු කළ අවස්ථාව මෙය බවය. ඇය ගායනයට සුවිශේෂී හැකියාවක් ඇති ශිල්පිණියක වන බව ඔවුන් ඉඳුරාම පවසන දෙයකි. මෙම ගීතය අද සිට වී එෆ්. එම්. රේඩියෝ විකාශයට පමණක් සීමා නොවී, දිවයිනේ සියලූම එෆ්.එම්. නාලිකා ඔස්සේ ප‍්‍රචාරය කෙරේ. මෙලෙසින් ගායන ක්‍ෂේත‍්‍රයේ ආ මේ භද්‍ර යෞවනයේ හැඩකාරිය කවින්ධ්‍යා සමග අපි පුංචි පිළිසඳරකට එක්වීමු.
කවින්ධ්‍යා සම්පුර්ණ නම කියමුද?
කවින්ද්‍යා දේවින්දි අධිකාරි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?
සාමාන්‍ය පෙළ විභාගය ලියලා දැන් එහි ප‍්‍රතිඵල අපේක්‍ෂාවෙන් ඉන්නේ.
කොහොමද විභාගය හොඳට ලිව්වද?
ඔව්. අධ්‍යාපනයට මුල්තැන දෙන්න ඕනෑ.
විභාගය සමත්වෙලා, ඊට පස්සේ මොනවගේ ඉලක්කයක්ද තියන්නෙ.?
කවදාහරි ගුවන්සේවිකාවක වීම අරමුණයි.
කවින්ධ්‍යාගේ වයස කීයද?
අවුරුදු 16යි.
ඔබ වැඩිපුර අහන්න ආස බටහිර ගීත නේද?
ඔව් ජස්ටින් බීබර් සහ රිහෑනා ඇතුළු බොහෝ අයගේ ගීත අහන්න කැමතියි.
ඔයා බටහිර ගීත ගයන්නත් දක්‍ෂයි කියා ආරංචියි.
බොහෝ වෙලාවට නිදහසක් ලැබුණාම බටහිර ගීත ගයනවා.
කවින්ධ්‍යා ඔයාට ඔයා ගැන හිතෙන්නේ කොහොමද?
ගොඩක් සතුටුයි. මම ගොඩක් හොඳයි කියලා හිතෙනවා.
ජීවිතේ ගෙවන්න ඕනෑ කොහොම කියලද හිතෙන්නෙ?
සතුටින් හැකි විදියට නැති බැරි අයටත් උදව් කරමින්.
ඔයාගේ අම්මා සමිතා කියන්නේ ඔයා ඕනෑම දෙයකට මුහුණදෙන්න තරම් ධෛර්යවන්ත යුවතියක් කියලයි ඒ කතාව ඇත්තද?
ඔව්, හොඳ දේ කරන්න හොඳ දේ ඉගෙන ගන්න වගේම හැමෝටම ගරු කරන්න කැමැතියි.
මේ ගීතය සඳහා රූප රචනා කරලද තියෙන්නෙ?
තවම මම පාසල් අධ්‍යාපනය ලබන නිසා ඊට අවසර නැහැ. අවස්ථාව ආවාම එය නිර්මානය වේවි.
ඔයාගේ හඬ මොන ආරයකට හුරුද?
ලස්සන කටහඬක් තියෙන්නේ කියලා අම්මියි. මල්ලියි නම් කීවා.
ඔයා වයසට යන එකට අම්මා අකමැතිලූ නේ?
ඒක නම් ඇත්ත.. එයා ආස. සැමදාම මම මේ වයසෙ ඉන්නවටයි. මොකද කවදහරි මම විවාහ වෙලා එයාගෙන් වෙන්වෙලා යන එක උහුලගන්න බැරිලූ. අම්මගේ ශක්තිය මමයි. මල්ලියිලූ.
කොහොමද ජීවිතේ ගත කරන විදිය?
විවේකයක් ලැබුණාම ලෝකයේ කොහේ හරි රටකට ගිහින් එහි සංචාරය කරමින් විස්තර දැනගන්න කැමතියි.
අන්තිමට කියන්නෙ ඔයා සතු විශේෂිත හැකියාව මොකද්ද.
සෑම දෙයකටම උපේක්‍ෂාවෙන් මුහුණදීම. වෛර නොකිරීම.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නංගි, ඇදුම් ගැන මීට වැඩිය ටිකක් සැළකිළිමත් වෙන්න. (නි)
මම නම් අතුලට කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. (නි)
අම්මා වගේ වෙන්න. එතකොට හොඳයි... (නි)
දෙමවුපියන්ගේ වැරදි වලට දරුවන්ට බණින්න එපා. (නි) (නි)
ඇයි මල්ලිගේ ඡායාරූප නැත‍්තේ? (නි)
අනේ දෙමාපිය උණුසුම, රැකවරණය නැති අහිංසක ළමයි....(ස)
මොකක්ද පුතේ පිට මනුස්සයෙක් එක්ක ඉන්දැද්දී ඔයා ඔය ඇදලා ඉන්න ඇදුම? (නි)
දෙමව්පියන්ගේ වැරදි වලට දරුවන්ට නිගරු වෙන විදිහේ අදහස් දැමීමෙන් වළකින්න. වැරදි නොකරන මිනිසුන් ලෝකේ කොහෙවත් නැහැ. අම්මා තාත්තා අනුකරණය නොකර ඔබේ හඬින් ගීත ලොවට පිවිසෙන්න. ඔබට ජය....!!!!!! (නි)
මම ඇයට සුභපතනවා විතරයි චමින්ද.(නදී)
අම්මා වගේ වෙන්න.. එතකොට හොඳයි... (ස)
මේ පුංචි සිත්වල සැංගිච්ච කොච්චර දුකක් ඇද්ද? (නි)
ඔබ සියලු දෙනාටම ජයවේවා (දී)
ගුවන් සේවිකාවක් වෙන්න පොඩිකාලේ ඉදන් අරමුණු තියාගන්න ඕනේ නැහැ. අධ්‍යාපන සුදුසුකමි ටිකයි අවශ්‍ය උසයි තිබිබා නම් ඇති. දැනට ඉන්න ගුවන් සේවිකාවොත් පොඩි කලෙ ඉද්න එහෙම අරමුණු තියාගෙන හිටියා කියලා කියන්න අමාරුයි. අම්මගෙයි තාත්තගෙයි අදුනන අය ඉන්න නිසා ඒක අමාරු වෙන්නේ නැහැ.(නදී)
අදහස් දාන අයට කවුරුත් බනින්න අවශ්‍ය නැහැ. (නි)
හැමෝම ඇදුම ගැන කතාකරන්නේ. මොකක්ද තියෙන වරද?(නදී)
නංගී, ඔයාට හොද ප්‍රතිචාර ලැබී තියෙනවා. හැබැයි ඒවායේ හොද දේවල් ගන්න. ඔයා තාම පොඩි ළමයෙක්. හොදට ඉගෙන ගන්න.(නදී)
ජස්ටින් බීබර්ට මමත් කැමතියි. එයාගේ හාඩි රොක් දෙකක් ලගදී එනවා.(නදී)
ඔබට වරදින්නේ නැහැ (දී)
හරිම ලස්සන සිංදුවක්. (නි)
දෙමව්පියන් මොන වැරදි කළත් දරුවන්ට ජීවීතේ ඉටු දෙවියන් වෙන්නෙ අම්මයි තාත්තයි. ඒ වගේම දරුවන් මොන වැරදි කළත් දෙමව්පියන්ගේ එකම ආත්මය දරුවන්. ඒක විශ්ව සනාථන දහමක්.ජීවිතේ හඩා වැටෙන මොහොතක තමන්ට තමන්ගෙ දෙමව්පියන් මිසක එමෙන්ම තමන්ට තමන්ගෙ දරුවන් මිසක ලොවේ වෙනකෙකු නැහැ. (නි)
සමිතා, ඔයාගේ දුව පුංචි කාලේ ඔයාලා කියපු "සද තරු මල්" සිංදුව තමයි මගේ ප්‍රියතම සිංදුව. (නි)
ඔබට සුබ අනාගතයක් (දී)
ඔයා ගැන නොහිතා හොද පුරවැසියෙක් වෙන්න.(නදී)
සුබ පැතුම් (ස)
සමිතාට අම්මා, තාත්තාගේ ආභාෂය ලැබුණු එකේ දියණියට ඒක නොලැබී තියේවියැයි? (නි)
මේ දුව හරිම හොද දුවෙක්. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
යන්න ඉදිරියට ඔබට සදා ජය ! ඔබගේ අම්මා ඉතාමත් ගුණගරුක නිහතමානී අයෙක්. ඔබට සුභ අනාගතයක්... (ස)
ඔයාගේ කටහඩ ගොඩක් හොදයි. මම ගොඩක් කැමතියි. (නි)
ඇත්තටම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ. අම්මා තාත්තා වගේ වෙන්නේ නැතිව හොඳට ඉන්න... (ස)
සුභ පැතුම් ඔබට! (නි)
වෙන දේවල් අපිට වැඩක් නැහැ. ඒත් සමිතා ජනතාව ඉදිරියට ආවේ ශරීරය වැහෙන්න ඇදුම් ඇදලා. ඒත් දුව නම්... අනේ මන්දා? (නි)
නංගී ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඩක් ලස්සනයි. සුභ පැතුම්.(නදී)
සුභ පැතුම්! (නි)
ඔබට දිගු ගමනක් යාමට ශක්තිය, වාසනාව ලැබේවා! (නි)
ඔබට ජය නංගී! (නි)
අම්මා කියන්නේ මාරම ලස්සන කෙනෙත්. ඔන්න ඔයත් ලස්සනයි.(නදී)
දුවේ ඔබට ජයපතමි. පරිස්සමින් ඔය ගමන යන්න.(නදී)
ඔයා කවුරු වගේවත් වෙන්න එපා නංගි. (නි)
ඔබට සුභ අනාගතයක්.(නදී)
තාත්තිගෙ හැඩයි අම්මිගෙ හඩයි... ලස්සනයි දුව. ඔයාට සුභ අනාගතයක්. (නි)
නෙවිල් ඔයා ළමයින්ට නරක මාර්ග පෙන්නන්න එපා. අම්මා වගේ උනොත් හොඳට තියේවි.. (ස)
ආශා, ඔයත් සමිත් වගේ කෙනෙක්ද? නිකන් ඇහුවේ. තරහා ගන්න ඕනෑ නැහැ. (නි)
මගේ කැමතිම ගායිකාව ඔයාගේ අම්මා. ඔයත් අම්මා වගේම ගොඩක් දක්ෂයි. (නි)
ඔයාගේ අම්මා ගොඩක් සංවේදී කෙනෙක්. තාත්තිගේ හැඩ.. අම්මගේ හඩ... (නි)
මම ඔබට සුභ පතනවා (දී)
දෙමවුපියන්ට දරුවන් තරම් වෙන කවුරුත් වටින්නේ නැහැ. (නි)
සන්තෝසයි දුවේ ඔබ ගැන (දී)
ආඩම්බරයි දුවේ ඔබ ගැන (දී)
දුවේ ඔබට සුභ අනාගතයක් (දී)
අමිම වගේම වෙන ලකුනු පේනවා.(නදී)
නංගි, ඔයාගේ අනාගතයට සුභ පැතුම්! (නි)
ඔක්කෝටම ඉස්සෙල්ලා හොදින් ඉගෙනගන්න.(නදී)
ජය වේවා !! අපි ආසයි ඔයාගේ හඩට (ස)
සජීව, ඇය හොදට ඉගෙනගනියි. ඔයාට මොකද ඔච්චර අනුකම්පාවක්. (නදී)
කවුරු මොනවා කිවුවත් තමන්ට පුලුවන් උපරිමයෙන් හරි දේ කරන්න උත්සාහ කරන්න නංගා. (නි)
හොද ළමයෙක් වෙන්න දුවේ. (නි)
හොදට ඉගෙන ගෙන සමාජයට වැඩදායී කෙනෙක් වෙන්න. මම සුභ පතනවා.(නදී)
අනේ මන්දා මේ මිනිස්සුන්ට පිස්සුද? මේ පොඩි ළමයෙකුට ලියලා තියෙන කුහක කතා. ඔයාට සුබ අනාගතයක් දුවේ. හොදින් ඉගෙන ගන්න, විශේෂයෙන් මේ කුහක සමාජයේ ඔලුව බේරගෙන ඉන්න හැටි. ඔයාට ජය! (නි)
අනේ අක්කේ ඔයා නම් අම්මා වගේ මහත් වෙන්න එපා .(නදී)
අම්මා වගේම වෙන්න. (නි)
හොදට ඇග වැහෙන්න ඇඳගෙන ඕනෑම වැඩක් කළාට කමක් නැහැ, අපේ මේ ගොඩක් අයට. අනේ මෙහෙමත් කතා? මේ ළමයගෙ හැකියාව අගේ කරනවා වෙනුවට ලියන කතා? ඔයාග කට හඩ ලස්සනයි දුව සුබ පැතුම්..! (නි)
සුභ පැතුම් නංගී! ඔයත් අම්මා වගේම වෙන්න. :) (නි)
ඔබට ජය! (නි)
දුවේ නුබට සුභ පැතුම් (දී)
දෙමවුපියන්ට මොනවා කිවුවත් පොඩි ළමයෙක්ට මෙහෙම කතා කරන්නෙ කුහස මිනිස්සු. (නි)
හොදින් ඉගෙනගන්න ගමන් සිංදු කියන්න නංගි. ඔයාට සුභ අනාගතයක්! (නි)
ඔබට සුභපැතුම් අපෙන් (දී)
තාත්තගේ ශක්තිය කවුද එතකොට? (නි)
අනේ දරුවෝ, ඇදුම් ගැන සැළකිළිමත් වෙන්න. (නි)
ඔයා කා වගේවත් වෙන්න එපා. තමන්ගේ අනන්‍යතාවය ගැන විශ්වාසයෙන් යන ගමන යන්න. තමන්ගේ ආත්ම විශ්වාසය තමන්ම පහළට දාගෙන වැඩ කළොත් ???? තමයි දුවේ. ඔයාට සුබ පැතුම් මගෙනුත්. (නි)
මේ උතුම් වූ වැලන්ටයින් මාසයේ ශුද්ධ වූ වැලන්ටයින් මුනිවරයාගේ ආශිර්වාදය ඔබට ලැබේවා! (නි)
හරිම අපූැුවට ලස්සන කටහඩකින් ඔයා ගයනවා. සුභ පැතුම්! (නි)
ඔයා කොහොමත් අම්මා වගේම පෙනුමයි. (නි)
අපි ලංකාවේ නිසා පුලුවන් තරම් බටහිර ගිතම ඇසිය යුතුයි. (නි)
අවුරුදු 16ක ළමයෙක් එක්ක විවාහය ගැන කතා කරන්න එපා. (නි)
අර අන්තිම පොටෝ එකේ ඉන්න කෙනා කවිද?(නදී)