අම්බලන්ගොඩ, හික්කඩුව, බන්දේගම, මීටියාගොඩ හා ඇල්පිටියේ පාසල් ගුරුවරියන්ගේ හා ඇඟළුම් සේවිකාවන්ගේ මාල කඩා ගත් කල්ලියක තිදෙනෙක් රන්මාල දහයක් සමග අත්අඩංගුවට ගත් බව අම්බලංගොඩ පොලීසිය කියයි.
යතුරුපැදියෙන් ගොස් කඩා ගත් ඇතැම් මාල බැංකුවලට උකස් කර ඇති බවත්, මාල විකුණා හෝ උණු කර ඇති බවත් පොලීසිය කියයි.
ඔවුන් ළඟ තිබී අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මාල ගිරා රෝගය ඔඩු දිවීම වැළැක්වීමට ජනතාව පොලිසියට සහයෝගය දැක්විය යුතුයි. (නි)
අන්න නියමයි (දී)
අම්බලන්ගොඩ පොලිසියට තුති! අපේ අක්කා කෙනෙකුගේත් මාලයක් කඩාගත්තා. (නි)
කට්ටියගෙම එක අත බැගින් කැඩුවානම් ජීවිත කාලෙටම මතක තියේවි. (නදී)
ඔවුන්ගේ දෙමවුපියන්ටත් දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මේ අයගෙන් රට බේරා දෙන්න (දී)
ඉක්මනට නිදහස් කරන්න නැත්නම් මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා පොලීසියට විරුද්ධව නඩු දාවි. (ස)
අනේ කොල්ලනේ ගස් ගෙඩි ගඩලා සල්ලි හොයාපල්ලා. අහිංසක කෙල්ලන්ගේ මාල කඩන්නේ නැතුව.(නදී)
එහෙනම් මේක "ගෲප් ඔෆ් රත්තරන්"... (නි)
මේ අය කාගෙ හරි යාළුවොද දන්නේ නැහැ. (ස)
එයාලට සුලු ගණනක් දඩ ගහලා අවවාද කරලා නිදහස් කළා නම් හරිනේ. (නි)
තව අත් බෝම්බ ඇති. ඒවත් පෙන්නන්න කියන්න.(නදී)
අල්ලා ගත්තේ ඔච්චර වුණාට තව කොච්චර නම් ඇද්ද? (නි)
හැමදාම සෙල්ලම් බැහැ. අසරණ කෙල්ලන්ගේ මාල කඩගෙන්න අයට ඔය දේවල් වෙන්න ඕනා.(නදී)
රත්තරන් දේශපාලනය නැවතත් වැඩේට බැහැලද? (නි)
මේක සාමාන්‍ය දෙයක්.(නදී)
රත්තරන් මල්ලිලා කොටුවෙලා.(නදී)
ඔය මාලකඩන අය ඉන්නේ අම්බලන්ගොඩින් තව කොළඹ පැත්තට වෙන්න නේද?(නදී)
මෙයාලට රජකාලේ දඩුවම් තමයි දෙන්න එනේ. ඒත් කවුද දෙන්නේ ? (ස)
ඔය වගේ හොරු ගොඩක් ඉන්නවා. දේශපාලනය කරන අයගේ ගෝලයෝ............ (ස)
අම්බලන්ගොඩ පොලිසියට පිච්ච මල් දෝතක්! (නි)