අම්පාර නියෝජ්‍ය පොලිස්පති කීර්ති ද සිල්වා මහතා අද විශ්‍රාම ගත්තේය. ඒ වෙනුවෙන් ආචාර පෙළපපාලියක් ද පැවැත්විණි. තම පෞද්ගලික බඩුමුට්ටු ගාල්ලට රැගෙන යාම සඳහා පොලිස් වාහනයක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව ඔහු කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියනුයේ එලෙස යාමට වාහනයක් ලබා දෙන බවයි. ලී බඩු ආදිය ගෙන යාමට පොලිස් වාහන ලබා නොදෙන බවද හෙතෙම කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ඉතුරු වෙන්නෙ කළ යහපත් සේවය ගැන මතක් වෙන කොට එන හිතේ සැනසිල්ල විතරමයි. හැබැයි ඒක අනිත් හැම දේකටම වඩා වටින දෙයක්. (නි)
විශ්‍රාම වැටුප් ලැබෙනවා නේද ? (ස)
වාහනයක් කුලියට අරගෙන ගියානම් ඉවරනේ... නිකන් පත්තරෙත් මේවා දාගෙන සවුත්තු වෙන්නේ නැතුව... (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්.... (නි)
ජයකොඩි මහත්තයා හරියට හරි නීතිය හරියට කරන්න. (අ)
පෞද්ගලික බඩු මුට්ටු අතර හොර බඩු මොකවත් එහෙම තිබුණෝත් කියන ප්‍රශ්නෙ උඩ තමයි පොලිසිය වාහන දෙන්නේ නැත්තේ. නමුත් රජයෙන් ප්‍රවාහන පහසුකම් ලැබෙනවනේ ඉති තව මදිද.(අ)
අනවසර හොර ලී අදින්න රජයේ වාහන නැති බව කරුණාවෙන් සලකන්න (අ)
මෙයා හරියට කඩේ යන්න නැතිව ඇති (අ)
ලී බඩු ටික ඇමතිවරයෙකුගේ වුණා නම් නැවක් වුණත් දෙයි. (නි)
මහත්මයාණෙනි, වාහනයක් නැති එක වගේ පොඩි දේකට කළකිරෙන්න එපා. ඔබ ඔබගේ රාජකාරිය යහපත් ලෙස කළා නම් එයින් ජනතාවට වුණු සේවයේ පිනම ඇති මතු බුදු දැක නිවන් යන්න. ඒ ගැන සිතා සතුටු වන්න. ඔබට තෙරුවන් සරණයි. (නි)
නීතිය සැමට පොදුයි.!(නු)
මතක තියාගත්තොත් හොඳයි " විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන් ලෙල්ල නැති කෙසෙල් ගෙඩියක් වගේ '' කියලා (ස)
පව්. පඩියෙන්ම පමණක් ජීවත් වෙච්චි මහත්තයෙක් වෙන්න ඇති.... ඒකනේ අවුරුදු ගානක් සේවෙ කරලත් තමන්ගෙම කියල වාහනයක් වත් නැත්තෙ... (නු)
දැනට පොලීසියේ ඉන්න අයත් හොදට තේරැම් ගන්න.. අන්තිමේදී ඉතිරි වෙන්නේ මේ ටික විතරයි..!(නු)
ඉන්නකම් රජයේ දේපල පාවිච්චිකරලා යන මොහොතෙත් අකමැති කරන්නෙ?(නු)
බලේ තියෙද්දි මොලේ නැහැ.. මොලේ තියෙද්දි බලේ නැහැ..!(නු)
පොලිසියෙ මහත්තුරු ඕක හොදින්ම තේරුම් ගන්න ඕන.. විශ්‍රාම ගියාට පස්සේ අවලංගු කාසියක් වෙනව තමුන් රාජකාරිය කරපු ආකාරය අනුව.. හොදින් වැඩකළොත් සමාජයහෙරි ගෞරවය තියෙයි..!(නු)
මස් කඩේ මුදලාලිට හරි ලී මෝලෙ මුදලාලිට හරි කිව්වනම් හරිනේ..?(නු)
අනේ පව් අවසාන දවසටවත් හිත සන්තෝෂයක් නැතිව ගියා..!(නු)