බිරිය ආගමට හරවා ගත්තැයි ක‍්‍රිස්තියානි ශුභාරංචි සේවයේ දේවගැතිවරයකු ඝාතනය කළ ග්‍රාමාරක්ෂකයකුට නැගෙනහිර පළාත් බද මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා මරණ දඬුවම නියම කළේය.
පූජකවරයාගේ බිරිය ශිරෝමී එදිරිසිංහ මහත්මියට තුවාල සිදුකිරීම හා මිනී මැරීමට තැත් කළැයි ඔහුට වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඩුවම්ද නියම විය.
රුපියල් 5000 ක දඩයක්ද නිමය කළ අතර නොගෙවන්නේනම් මාස 12 ක සිරදඩුවමක් නියම විය.
වසන්ත බුද්ධික තුෂාර නානායක්කාර නම් ග්‍රාමාරක්ෂකට මරණ දඩුවම නියම විය.
2008 වසරේ පෙබරවාරි මස 07 දින අම්පාර නිවසකදී සැම්සන් නීල් එදිරසිංහ (36) දේවගැතිවරයාගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටියේය.
චෝදනා ලබා සිටි ව්‍යාපාරිකයා ද විභාගය අතරතුරදී නඩුවෙන් නිදහස් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු කිරීම සහ මාරු කරවීම එකක් නොව දෙකක්. (නි)
අපේ මුතුන් මිත්තෝ ජීවිතය පූජා කරල තමයි බෞද්ධාගම මෙතෙක් ආරක්ෂා කර ගත්තෙ. ඒක විනාශ කරන්න තවත් ඉඩ දෙන්න බැහැ. ආගම් ඇදහීමයි,වංචා සහගතව පෙළඹවීමයි දෙකක්. ඔහුට ඉක්මනින් නිදහස ලැබේවා කියල පතනවා. (නි)
ආචාර්යතුමා දන්න තරම තමයි ඔය. සමහර මූලධර්මවාදී ආගම් කල්ලි ඉන්නවා, ඒවායේ දරුවන්ට දෙමව්පියන්ටවත් වඳින්න තහනම්. ක්‍රිඩා තරඟයකට සහභාගි වන්න තහනම්. ලෙඩකට බේත් ගන්න තහනම්. මේවත් ආගම් ද? මේවා ආගම් විකෘති කරමින් විදෙස් මුදල් වලින් යැපෙන වංචාකාරයො කරන දේව විරෝධී වැඩ. ආගම් වලට මිනිස්සු බලෙන් ගන්න හෝ මුදල් නිසා බඳවා ගන්න තහනම්, නිදහසේ අදහන්න තහනමක් නැතුවාට. නමුත් පිළිතුර මිනිමැරීම නම් නොවේ. (නි)
ආචාර්යතුමා අදහස් දක්වා තිබෙන්නේ මේ ලෝකේ ආගම් ගැන මෙලෝ හසරක් නොදැන බව පේනවා. (නි)
නම ශුභාරංචි සේවය වුණාට ජනතාවට දෙන පණිවිඩය නම් අන්තිමයි. මේ ගැන ජනමාධ්‍ය තුළින් ජනතාව දැනුවත් නොවීම තුළින් සමාජයේ අකටයුතුකම් නම් දිගින් දිගටම සිදු වෙනවා. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් සඳහන් කර ඇති කරණු සත්‍යයයි. කිසිදු හේතුවක් නිසා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම අනුමත කළ නොහැක. එසේම බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් ආගම් වලට හැරවීමේ ව්‍යාපාරයන්ද අන්තවාදී ආගමික ව්‍යාප්තවාදයද සමාජයේ බේදයන් උත්සන්න කිරීමට හේතුවන බැවින් රාජ්‍ය මැදිහත්වීමෙන් මෙවැනි කටයුතු පාලනයක් සිදුකිරීම යෙහෙකි. (නි)
ඉදලා,,, ඉදලා,,, කොලා වැඩක් (දී)
මේ පාදිලිතුමාට දුන්න දඩුවම එයාගෙම දෙයියොන්ගෙ කැමැත්ත නිසා මාත් කැමතියි ඒකට. (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, පවුල් අවුල් කරලා මනුස්සයෙක් මීනී මරුවෙක් කරපු බඩගොස්ත්රවාදී පුජකයා හරිම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඇති නේද ? මෙතන තියෙන්නේ ගැහැණුන්ගේ මෝඩකම පිළිබද ප්‍රශ්නයක් විතරයි. උසාවියට ඕනෑම මිනී මැරුමක් එකසමාන වුණාට, සාධාරණව හිතුවොත් මේක මිනිහෙකුට ඇතිවෙන බරපතල ප්‍රශ්නයක්. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ වගේ ඩොලර් කාක්කන්ට නම් එහෙම පෙනෙන එකක් නැහැ. (නි)
ලෝකයේ ඕනෑ ආගමකට යන්න ඕනෑම ආගමක් අදහන්න අයිතියක් තියෙනවා කියන ගොන් මත දරන අය 1848 ට කලින් හිටියා නම් අනේ අපි සිංහල බෞද්ධ නෙමෙයි එහෙනම්. අනේ මේ වගේ නිවටයින් අපේ කරුමෙට මේ ලක්දෙරණේ ඉපදුනානෙ. (නි)
කොරන්න වැඩක් නතුවද ඔහොම කලේ (දී)
ආචාර්ය සුජිත්ගේ අදහස් හා දැක්ම අගෙයි. ජාල ලෝකයේ සමහර බලගතු රටවලට අවනත නොවුණොත් පවතින්න බැහැ. හිතාගන්න බැරි කකුල් මාට්ටු දානවා. හැබැයි ආගම් වලට හැරවීම සුජිත් මහතාණෙනි, වෙනමම විෂයයක්. එය අපේ රටේ සිදුවෙන අසෝබන වැඩක්. මිනිස්සු මරලා ඊට පිළියම් හොයන්න බැහැ. මේ යුරෝපයේ පල්ලි වැහිලා. සීයට අනූගානකට වඩා ඉන්නේ ආගමක් නැති අය. නමුත් ශික්ෂණය අති ඉහළයි. අපේ බොරු පම්පෝරිය විතරයි. (නි)
අපේ ආචාර්ය මහත්තයා හුග කාලෙකට පස්සේ ගොඩබැහැලා වගෙයි. (නි)
සුජිත්, ඔබ හරි වෙන්න පුලුවන්. මෙහි අප දකින්නේ අවසාන කොටස වන මිනීමැරුම පමණයි. ඇතුළත සිදුව ඇති දේ මීට වඩා දරාගත නොහැකි වීමට පුලුවන්. (නි)
ඉක්මන් කෝපය කියන්නේ ඕකට තමයි. නැහැ කිසි බේරිල්ලක් (දී)
ආචාර්යතුමාගේ ලිපිය ලංකාදීපයේ ලිපියට වඩා දිගයිනේ. (නි)
ජාතිවාදයකින් දිනාපු රටක් කොහේවත් නැහැ. දිනන්නත් බැහැ. (නි)
තමන් කැමති ආගමක් ඇදහීම,තමන් කැමති ආගමකට මාරු වීම සහා වෙනත් ආගමකට හරවා ගැනීම කියන්නේ දෙකක් (ස)
ජීවා ඔබ හරි (ස)
මොකද මේ හුගක් අය මිනීමරන එක හරිය කියලා කියන්නේ. (නි)
මොනවා කළත් ආගමේ අය නම් බෞද්ධාගමට හැරෙන්නෙ නැහැනේ. (නි)
මේක බුද්ධාගමේ විනාශයද? මහානායක හිමිවරුනේ, මේ ගැන හොයලා බලන්න. (නි)
ආගම කියන්නෙ මොකක්ද? ආත්මය ගලවා ගැනීමේ මාර්ගය. මේකට හොඳම මග තමයි බුදු දහම. (නි)
ඕනෑම කෙනෙකුට තවත් කෙනෙක්ව මරන්න පුලුවන්. හැබැයි නීතියෙන් දඩුවම් විදින්නත් වෙනවා. (නි)
මොනවා වුණත් කාටවත් බැහැ නාවවත් මරන්න. (නි)
එම පුද්ගලයාගේ පක්ෂය කුමක්දැයි සොයා බලන්න. සමාව දිය හැකිද යන්න සළසා බැලිය යුතුයි. (නි)
හොදට හිටපු පවුල කඩාබිද දමපු එකට නම් සමාවක් දෙන්න බැහැ කොහොත්ම. අමු අමුවේ හම ගහන්නයි තිබුණේ, මරන්නේ නැතුව. (නි)
එල්ලුම් ගහට ගියත් කමක් නැහැ, එතුමා තම යුතුකම නිවැරදිව ඉටුකරලා තියෙනවා. (නි)
අචාර්ය සුජිත් මහතාට , ඔබ පිළිබඳ මට ආකාර 2 කට සිතන්න පුළුවන් . 1) ඔබට කිසි උපාධියක් තියා උසස් පෙළවත් සමත් නොවූ පුද්ගලයෙක් . 2) ආචාර්ය උපාධියක් ඈත. නමුත් මිනිස්සු ඔබගේ මහන්තත්ත්වකම නිසා සත පහකට ගණන් නොගන්න පුද්ගලයෙකි . ඉහත එක හේතුවක් නිසා මෙහි බර වචන වලින් අදහස් දක්වමින් අවධානය දිනා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. (නි)
ගෑනිගෙ වෙනස්වීම දරාගන්න බැරි නිසාත් ගෑනිව මරන්න බැරිකමට දේවගැතිවරයව මරන්න ඇති. තිස්ස,කතරගම, අම්පාර, මොනරාගල වැනි දුෂ්කර පැතිවල අන්‍යාගමිකයන්ගේ බලපෑම් අධිකයි. (නි)
හැම ආචාර්ය කෙනෙක්ම පණ්ඩිතකම් කියන්නේ තමන්ට ඒ දේ වෙනකල් විතරයි. (නි)
තමන්ගේ කැමැත්තෙන් ආගමට ගියහම පූජකයාව මරලා හරියනවද? (නි)
ජීවා, ඔබ නිවැරදියි. (නි)
මොනවා වුණත් ව්‍යාපාරිකයා පවු. එයාට පොඩ්ඩක් හිතන්න තිබුණා. (නි)
හරි ආගමක්, දැක්මක් තියෙන මනුස්සයාට තමන්ගේ ආගම අනෙක් හැමදේටම වැඩිය ලොකුයි. (නි)
ආගමට බලෙන් හරවාගත් පුද්ගලයාට ලැබුණු දඩුවම ගැන මට සතුටුයි. නමුත් මරණ දඩුවම ලබන්නට නියමිත පුද්ගලයා ගැන දුකයි. (නි)
පූජකයාට වුණ දේ මම හිතන විදියට නම් හරි. (නි)
ආරංචිය නම් එච්චර සුභ නැහැ. (නි)
ඉතා හොද දඩුවමක්. සම්පුර්ණයෙන් ම එකග වෙනවා. ලංකාවේ නීතිය මේ තත්ත්වය ට ගෙන්න ඕනා. (ස)
රත්නපාල මේ ඔක්කොගේම කියුම් වලට වඩා ඔබගේ අදහස ඉතා පැහැදිලියි ඒය තමයි ඇත්ත. (ස)
පවුලක් විනාශ කළ එක කෙසේවෙතත් නිසි දඩුවම් නම් ලැබිලා තිබෙනවා. (නි)
එතකොට යසට තිබ්බ පවුලත් අනාථ කරලා, මිනිහෙක් මීනිමරුවෙක් කරපු පූජකයා ගැන මොකද කියන්නේ? දෙවියන් සරණ ගියාට තෑග්ග වෙන්න ඇති හම්බ වුණේ. (නි)
ව්‍යාපාරිකයගේ බිරිඳට මොකද වෙන්නේ ? එයාගේ අනුවන ක්‍රියාව නිසා නේද මේ හැම දේම සිද්ධ වුණේ ?? (ස)
හර්ශන, ඔබ අහන දෙයට මේ රටේ එක් කෙනෙකුටවත් දෙන්න උත්තර නැහැ. මොකද කොන්ද පණ නැතිකමයි ඊට මූලික හේතුව. (නි)
අර බල සේනාවයි, ජාතිවාදී අදහස් දාන කට්ටියයි නිදිද? (නි)
http://quran.com/9/5 (නි)
තමන් කැමති ඕනෑම ආගමකට යන්න, ආගම මාරු කරන්න, වෙනත් ආගමක් වැළඳ ගන්න ඕනෑම කෙනෙකුට මානුෂික අයිතිවාසිකමක් තියෙනවා. ලොකේ කොයි ආගම මඟිනුත් පොදුවේ සිදුවෙන්නේ මනුෂ්‍යත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය යහ ගුණධර්ම කියාදීම. ඒ නිසා මිනිසුන් කොයි ආගමේ ප්‍රතිපත්ති පිළිපැද්දත් සිදු වන්නේ මනුෂ්‍යත්වය වර්ධනය වීම. ඉතින් ඒ තත්වය පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොකොට මෙලෙස ආගම පදනම් කරගෙන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකිය. එසේම එය කිසිසේත් සමාව නොදිය හැකි බරපතල වරදක් බව නිසැකය. මෙවැනි ඝාතකයාට උපරීම දඬුවම ලබා දිය යුත්තේ රට ගිනි තබා යළිත් වරක් මෙරට කළු ජූලියක් වැනි වර්ගවාදී ජාතිවාදි ගෝත්‍රවාදී අරගල නිර්මාණය කොට රට අගාධයකට ඇද ගෙන යාමට බලා සිටින කුරිරු ලේ පිපාසතයින් ස්වල්පයක් බිහිව තිබෙන බව සමාජය තුළ ඉකුත් දින කිහිපයක සිට විද්‍යාමාන වූ බැවින් එවැනි දේ වල නිරත වන තවත් මෙවැනි අන්තවාදී පිරිස්වලට එය මහඟු ආදර්ශයක් විය හැකි බැවිනි. (නි)
කියන දේ හරිනම් කවුරු කිවුවත් පිළිගන්න ඕනෑ. ආචාර්ය සුජිත් කියන දේ හරි. (නි)
අහලා තියන විදියට නම් ආචාර්ය කියලා නිතර කියා ගන්නේ, කිය කියා යන්නේ මානසික ලෙඩ්ඩු. (නි)
මිනීමැරුම සාධාරණිකරණය කළ නොහැක. පවුල් ජීවිතය විනාශ කළ හෙයින් දිට්ඨ ධම්ම වේදනීය ඵල විපාකය පූජකයාට ද , මිනීමැරුමට එම පුරුෂයාට ද දඩුවම් ලැබී ඇත. බුදු බණ එක් අංශු මාත්‍රයකින් හෝ වෙනස් කළ නොහැක. (නි)
මෙවැනිම සිදුවීමක් මටත් සිදුවුණා. (නි)
ආගමක් ජාතියක් කියන්නේ තමන්ගේ ස්ව කැමැත්තෙන් පිළිපදින දෙයක්. ලංකාවේ නීතිය අනුව ඒ අයිතිය හැම කෙනෙකුට දීලා තියෙනවා. අඩුම වශයෙන් තම ස්වාමි පුරුෂයාටවත් තම බිරිදගේ ආගම ජාතිය ගැන බල කිරීමේ අයිතියක් කොහෙත්ම නැහැ. මෙතන අදහස් දරන සමහරු බොරු පුහු ආටෝප ඔලුවේ තියාගෙන , යථාර්තය තේරුම් නොගෙන කතා කරනවා. ඒක අපි වෙනස් කළ යුතුයි. එතකොට තමයි ලංකාවේ හැම කෙනෙකුටම සම තත්ත්වයක් ලැබෙන්නේ. ආචාර්යතුමාගේ අදහස් වලට සම්පුර්ණයෙන්ම එකග වෙනවා, මොකද ඒක තමයි නීතිය, ඒ විතරක් නෙමෙයි, මනුස්සකම. (නි)
තමන් කැමති ඕනෑම ආගමකට යන්න, ආගම මාරු කරන්න, වෙනත් ආගමක් වැළඳ ගන්න ඕනෑම කෙනෙකුට මානුෂික අයිතිවාසිකමක් තියෙනවා. මරන්න අයිතියක් නැහැ. (නි)
තමන් දෙයක් ලියද්දී ඉස්සරහින් ආචාර්ය කියලා දාන්නත් ඕනෑද? (නි)
පෝරකේට නියම වුණත් එයා කරලා තියෙන්නේ කෙරිය යුතුම වැඩක කියලයි මට නම් හිතෙන්නේ. (නි)
එම පවුල සැබෑ බෞද්ධ වූවානම්. බිරිය වෙන ආගමකට යන්නේවත්. සැමියා මිනි මරන්නේත් නැත. දෙදෙනාම මිත්‍යාදෘශ්ටික බව පෙනේ. (ස)
ආචාර්යතුමාගේ අදහසට මමත් එකග වෙනවා. (නි)
ලොකු ලොකු අය කරපු වැරදි වලට මෙහෙම දඩුවම් කවදාවත් ලබා දීලා තියෙනවද? (නි)
ඕනෑම දෙයක් කරන කලින් තුන් හතර පාරක් හිතන්න කියන්නේ ඕකට තමයි (දී)
සනත්ෙග් අදහස හරි. (ස)
කරපු වැඩේ හරි. ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)
පවුල් ජිවිතයක් කියන්නේ දෙදෙනා තේරුම් ගැනීමයි (දී)
ඉස්ලාම් ආගමෙන් වෙන ආගමකට ගියොත් දෙන දඩුවම ගැන සදහන් කළ නීතියක් තිබෙනවා. (නි)
ඕක තමයි ජිවිතේ (දී)
සමන් හරි. (ස)
මොනවා කරන්නද කේන්තිය නිසානේ (දී)
අන්තිමට ඔන්න ඔහොමලු උනේ (දී)
ඒ කාන්තාවගේත් වැරද්දක් තියෙනවා මමනම් කියන්නේ (දී)
ඇතුලේ හොදින් ඉන්න (දී)
මේවා අපිට හොද පාඩම් (දී)
ආගම නිසා ඇන කොටා ගන්න එපා (දී)
මේවායින් අන්තිමට වෙන්නේ තමන්ගේ බෙල්ලට තොණ්ඩුව හිරවෙලා ළග හිටපු බිරියත් නැහැ. ආගමත් නැහැ. (නි)
ලංකාවේ අයට අන්‍යආගමික කෙනෙක් බෞද්ධාගම වැළද ගැනීම මහා වීර ක්‍රියාවක්. හැබැයි ඒකේ අනෙක් පැත්ත වුණොත්? (නි)
ආශ්චර්‍යයි (ස)
තමන් කැමති ආගම අදහන්න ඔන කෙනෙකුට අයිතිය තියෙනවා හැබැයි අනිසි බලපෑම් කරල මොලවලට විසබීජ ඇතුල් කරල ආගම් වලට හරවගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.අනික නිවටයින්ට වැඩිය මේ රටට ආදරය කරණ ජාතිවාදියො වටිනවා. (ස)
සනත් මහත්තයා සමග මමත් එකග වෙමි. (නි)
ඇත්තම කිවුවොත් ලංකාවේ හුගක්ම ඉන්නේ ආගම්වාදියෝ තමයි. (නි)
ලංකාව මේ වන විට සෑම අංශයකින්ම භේදබින්න වී ඇත. (නි)
සුජිත් ආචාර්ය මහත්තයා කොහේද ගිහිල්ලා හිටියේ? (නි)
රත්නපාල මහතාණනි, ඔබේ කෙටි අදහස් දැක්වීම විශිෂ්ඨයි. ඉතා කලාතුරකින් දකින්න ලැබෙන වෙනස් දැක්මක් ඔබට තියෙන්නේ. ඔබ වගේ කෙනෙකුට මේ වගේ අදහස් තීරුවකට නිතර එක්වෙන්න සිත් දේවා කියා පතමි. (නි)
මිනිසුනේ, අපි ආගම්වාදය සහ ජාතිවාදය පතුරුවලා ගැහැණුන්ව රට පටවලා වංශය කබල්ගාමු. (නි)
අාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස ඉතා නිවැරදියි. මනුෂ්‍යයා තුල බලෙන් දීමටත් බලෙන් ගැනීමටත් නොහැකි දෙකක් පවතී. එනම් විශ්වාසයෙන් යුතු ප්‍රඥාව සහ ආදරයයි. එය උල්ලංගනය කිරීමට යමෙක් උත්සාහ දරන්නේ නම් එයද මානුෂීක අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක්ම වන්නේය. (නි)
නමුත් ලෝකයේ වැඩිම ජනග්‍රහණය වෙන්නේ ක්‍රිස්තියානි. (නි)
කතා කරලා විසඳ ගන්න තිබ්බ මරන්නේ නැතිව (දී)
යුරෝපයේ ආගමික ස්ථාන වැහීගෙන යනවා කියන එකෙන් කියවෙන්නෙ නැහැ සමාජය ප්‍රපාතයට යනවා කියලා. (නි)
මොන ආගම් තිබුණත් වැඩක් නැහැ විනයක් නැත්නම්. (නි)
මැරුව එක නම් වැරදි තමා. ඒත් මේ මනුස්සයා කරපු දේ නිවැරදියි. ඔය පූජකයා හිටියා නම් තව පවුල් කීයක් අවුල් වෙයිද? ආචාරිවරු ගැන කලබල වෙන්න ඕනෑ නැහැ . ඔය වගේ කතා කියන අයට තමයි ආචාරි කියන්නේ. (නි)
හැමදෙයක්ම වගේ මේ අපරාධයත් වුණේ දෙවියන්ගේ කැමැත්තටද? (නි)
පහලගෙදර පුංචි බණ්ඩාට මොලේ තියනවා අර ආචාරියා කියාගත්ත මනුස්සයට වැඩිය. (නි)
හර්ෂණ, තමන්ගෙ බිරිය වෙන ආගමකට හැරුණොත් මිනීමරුවෙක් වෙන්න කියලා උපදෙස් දෙන්නෙ මොන ආගමේද? (නි)
ආගම ගැන කැක්කුමක් තියෙන කවුරුහරි කියනවාද ඇයි මට ඉතාලිය ලංකාවට වැඩිය ආරක්ෂාවෙන් වැඩියි කියලා හැගෙන්නේ කියලා (නි)
හොද දඩුවමක් තමයි දීලා තියෙන්නේ. (නි)
අපි අපේ ජීවිත සමග කරන සටන තව ඉගෙන ගන්නෙමු (ස)
ඇයි මිනිසුනේ මෙපමණටම අන්තවාදී වෙන්නේ? (නි)
හිරගෙවල් 100 කට යැවුවත් ,,,,, එල්ලා මැරුවත් .......... මෙවැනි පුජකයින් දුටු තැන නිසි දඩුවම් දියයුතුයි. (නි)
නියම කොල්ලෙක් ...බය වෙන්න එපා යහපත් කල් ක්‍රියාව නිසා අවුරුදු 3/4 කින් ඔයාව එලියට දාවි (ස)
අයියෝ සල්ලි (දී)
ආගම්වාදී ළිං මැඩියනේ, අන්‍ය ආගමිකයින් බුදුදහම වැළදගත් විට ඔවුන් බුදුදහමට හරවා ගත්තේ කවුදැයි අපි අසමුද? (නි)
බුද්ධාගම සුරැකීමට ඇති හොදම මග නම් බුද්ධාගම සුරැකීමයි. (නි)
තමන් කැමති ඕනෑම ආගමක් වැළඳ ගන්න ඕනෑම කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා. මීනිමරුවාට ආගමක් නැති එකයි මෙතන වරද. (නි)
කවුද අනේ ඔය හරවා ගැනීම් කරන්නේ? (නි)
සුජිත් නිශාන්ත හේවගේ, ඔබ කියන විදියට ආගම නාමයෙන් අරාබියේ මිනිස්සු මරන එකත් මිනිස් යහපතද? ඔබගේ ඔය අදහස් දක්වන්නේ බුදුදහම ගැන තරහින්. අපි දැකලා තියෙනවා ඔබ ලියන අදහස්. ඕවා හොදයි නොමිලේ ආචාර්ය පදවි ගන්න. ලංකාදීප කියන්නේ හොද පුවත් පතක්. වෙන වැඩක් නැති ඒවාට ලියන දේ මේකට නොලියන්න. ලෝකේ ආගම නාමයෙන් මිනිස්සු මරන්නේ සිංහල බෞද්ධයෝ නෙමෙයි. මේ වගේ හුදකලා සිද්ධියක් කොහොමද සමස්ත ක්‍රියාවලියකට නියැදියක් ලෙස ගන්නේ? (නි)
මදැයි කොලා (දී)
ආගම ගැන පැහැදිලා ගියානම් කමක්නෑ, පවුල් කඩන මිනිස්සුන්ට හොද පාඩමක්, මිත්‍යාදෘෂ්ඨික අයගෙ කථා අහල පවුල් දෙක කටම මිනිස්සු නැති උනා (ස)
මිනී මරන්න කිසිවෙකුට අයිතියක් නෑ. ඒ වගෙම කොහෙවත් නැති සැපක් පෙන්නලා මෝඩ මිනිස්සුන්ව තමන්ගෙ ආගමික කල්ලියට හරවා ගැනීමටත් කිසිම අයෙකුට අයිතියක් නෑ. මේ ආගම් කල්ලි නිසා විනාශ වෙන දුප්පත් පවුල් එමටයි. ඒ නිසා බණ කියලා වැඩක් නෑ.මේ බොරු කාරයන්ට වැට බඳින්නයි ඕන.(ස)
ඉවසුවොත් තප්පර දහයක කේන්තිය, පවතී දිවි ඇති තෙක් ශාන්තිය (දී)
ආගමක් ඇදහීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තියෙනවා (දී)
ග්‍රාම ආරක්ෂක කියන්නේ තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් වීර ක්‍රියාවක් කළ කෙනෙක්. (නි)
ඕකට කියන්නේ ක්ෂණික කෝපය (දී)
වැරද්දක් කලොත් දඩුවමක් ලැබෙන්න ඕනේ (දී)
වරදට දඩුවම (දී)
තමන්ගේ ආගම අත්හැරලා දාලා ගියා වගේම තමයි එයා වැළදගත් අලුත් ආගමත් අත්හැරලා යන්නේ. (නි)
ආචාර්යතුමා කියන ඇත්ත මේකේ ඉන්න මෝඩයින්ට තේරෙන්නෙ නැහැ. (නි)
වසන්ත, බුද්ධික, තුෂාර නානායක්කාරට සිංහල බෞද්ධයන්ගේ ගෞරවය ප්‍රණාමය! අර සෞදිකාරයන්ට එරෙහිව උද්ඝෝෂණ කරන බෞද්ධයා යැයි කියාගන්නා අය මේ උත්තමයාගේ නිදහස අරන් දෙන්න පෙළගැසෙනු! (නි)
මට මේකට මොකුත් කියන්නත් බැහැ. නොකියා ඉන්නත් බැහැ. (නි)
ජීවක, සුජිත් සහ සිතාරා එකටද ඉන්නේ? (නි)
මෙය ඉතා වැදගත් සිදුවීමකි. අන්තවාදී සමාගම් වලට අනතුරු හැගවීමකි. (නි)
තමන් තමන්ව තේරුම් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ (දී)
අපේ රට බෞද්ධ වුණත් බෞද්ධයින් ඉන්නේ අතළොස්සයි. (නි)
මනුස්ස ජීවිතය හරි හැටි තේරුම් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ (දී)