ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් අනතුරුව තරගය අත්හැරදැමීම පිළිබඳව විරෝධය දක්වමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පවසයි.
ශ්‍රී ලංකාව පළමු තරග තුන අවසන් වන විට 2-1 ක් ලෙස පෙරමුණේ සිටි අතර ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවේ නම් 3-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීමේ අවස්ථාව තිබුණි. සිවුවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ. වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන ශ්‍රී ලංකා පිල ඕවර 3.2 කදී කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.
වර්ෂාවෙන් පසුව තරගය අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කිරීමෙන්, තරගාවලිය පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහීලිය බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට විරෝධය පළ කරමින් එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ හිටපු ඉන්දීය වේග පන්දුයවන ක‍්‍රීඩක ජවගල් ශ්‍රීනාත් මහතාට ලිපියක් යොමු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පැවැසුවේ පෝල් රයිෆල් සහ මැරේස් එරස්මස් යන මහත්වරු සමඟ සාකච්ඡ කිරීමෙන් අනතුරුව ක‍්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොමැතිවීමෙන් තරගය අත්හැර දැමීමට තීරණය කළ බවයි. ඉතාමත් දියුණු පහසුකම් ඇති සිඞ්නි ක‍්‍රීඩාංගණයේ තරගය පැවැත්වීමට නොහැකි යැයි පවසමින් අතහැර දැමීම පිළිබඳව තමන් මවිතයට පත්වන බව ද මහේල පවසයි.
‘‘මීට මාස තුනකට පමණ පෙර වාර්ෂාව පැවතුනක් අපි නවසීලන්ත තරගාවලිය සම්පූර්ණයෙන්ම පැවැත්වුවා. ඒ වගේම දිගින් දිගටම වර්ෂාව ඇද හැලූණත් ලෝක කුසලානයේදී පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදීත් තරග පැවැත්වුවා’’ යැයි මහේල පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කිවුවත් කළත් කැන්ගරුවන් සිංහයින්ට බයයි. (නි)
බය වෙන්න එපා කොල්ලෝ, අපි දිනනවා. (නි)
හෙට එක කොහොම හරි දිනලා ඖෂ්ට්‍රලියාවේදී තරගාවලි දෙකක් දිනපු ලෝකේ එකම කණ්ඩායම අපි වෙමු . ඔබට ජය .(නු)
ඕස්ට්‍රේලියාව අපට නිකන් නෝන්ඩි වුණා (අ)
අපි සිංහයෝ කියලා එයලට අමතකවෙලා. (නි)
නියමයි මහේල, ඒත් අපේ ක්‍රිකට් ආයතනයෙන් පරිස්සම් වෙන්න. ඔයාට ප්‍රශ්නයක් ඇති කරයිද දන්නේ නෑ (ස)
ඔබ ගැන ආඩම්බරයි. අපි ඇත්තෙන්ම කොටින් නොව සිංහයින්ය. (නි)
ඔන්න නියම දිනුම ...(ස)
මහේල හරි (දී)
ඔවුන්ට කියන්න "ලෝක කුසලානයේදී මුණගැහෙමු" කියලා. (නි)
ඔහොම යන් මහේල. අතාරින්න එපා. ඔබට ජය! (නි)
ඕස්ට්‍රේලියාවේ අයත් කැමැත්තෙන් හිටියේ මැච් එක ගහන්න. වැරැද්ද එයාලා අතේ නෙමෙයි. (නි)
අපි කොහොමහරි අනික් තරගය දිනාගනිමු. (නි)
මහේල ගැන ආඩම්බරයි. (නි)
සුද්දන්ගේ පපුව හොද නැහැ. (නි)
අපේ තරගයට ජය නියතයි මහේල. (නි)
සදරුවන්, කට පියාගෙන ඉන්න. (නි)
කැන්ගරුවෝ බය වුණා අපේ කොල්ලොන්ට (ස)
අපි අවසාන තරගය දිනනවා (ස)
මේ අය බයවුණේ අපිට (අ)
ඔබ හරි මහේල. (නි)
වැඩිය කෑගහන්න එපා. ඊළගට කියයි බෝල දමලා ගහනවා කියලා. (නි)
ඔවුන්ගේ බය අපේ ජයයි. (නි)
අනෙක් තරගය පැරදුණොත් තරගාවලිය සමයි. අපේ අයගේ ෆයිනල් ගැන දන්න නිසා වැස්ස එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මහේල, ඔබ නියම සිංහයෙක්. (නි)
ඔය සේරම කෙණෙහිලිකම් අපිටම තමයි. (නි)
මහේල වගේ කොන්ද පණ තියන නායකයෝ තමයි අපට ඕනෑ. නියමයි මහියා... (නි)
ශ්‍රීනාත් බයවුණේ අපිට (ස)
කැන්ගරුවෝ කොහොමත් බයයි සිංහයන්ට (ත)
කමක් නැහැ මහේල. අපි අනිත් තරගයවත් දිනලා අපි කවුද කියලා පෙන්නමු. (නි)
ඔබ හරි මහේල. (නි)
මහේල ඔබ සිංහයෙක්..!(නු)
මහේල ඔබ නියම සිංහයෙයක්. ඊළග තරය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා..!(නු)
මැච් එක නවත්වන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. හයියෙන් වැස්සෙත් නෑ. (අ)