IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය හෙට සිට

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය හෙට (17) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් වයඹ පිල සහ බස්නාහිර පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ද, උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල සහ කඳුරට/ඌව ඒකාබද්ධ පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී ද තරග පැවැත්වේ.
මලින්ද වර්ණපුර (බස්නාහිර), තිළිණ කණ්ඩම්බි (කඳුරට/ඌව), කෞෂල්‍ය වීරරත්න (උතුර/නැගෙනහිර), චාමර සිල්වා (රුහුණ) සහ ජෙහාන් මුබාරක් (වයඹ) යන ක‍්‍රීඩකයන් පළාත් කණ්ඩායම්වල නායකයන් ලෙස නම් කර තිබේ.
එස්. එස්. සී. පිල නියෝජනය කරන තුන් ඉරියව් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අන්තර් සමාජ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියෙන් ඉවත් කර තිබේ.   
පළාත් කණ්ඩායම්:
බස්නාහිර පළාත් කණ්ඩායම :
මලින්ද වර්ණපුර (නායක), මහේල උඩවත්ත (උප නායක), රොමේෂ් බුද්ධික, රොෂේන් සිල්වා, තිලකරත්න සම්පත්, කිත්රුවන් විතානගේ, සචිත‍්‍ර සේනානායක, රිෂාන් කාවිංග, ෂෙහාන් ප‍්‍රනාන්දු, තිළිණ තුෂාර, කනිස්ක ඇල්විටිගොඩ, චතුරංග කුමාර, ඉෂාන් ජයරත්න, සජීව වීරකෝන් සහ සීකුගේ ප‍්‍රසන්න
අතිරේක ක‍්‍රීඩකයෝ: මංජුල සොයිසා, අක්ෂු ප‍්‍රනාන්දු, එන්. ඒකනායක සහ අෂේන් සිල්වා
කඳුරට/ඌව ඒකාබද්ධ කණ්ඩායම :
තිළිණ කන්ඩම්බි (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), සචිත‍්‍ර සේනානායක, ඩිල්හාන් කුරේ, භානුක රාජපක්‍ෂ, කෞෂාල් සිල්වා, තිලාන් සමරවීර, දුලංජන් මෙන්ඩිස්, දුලීක තිස්සකුට්ටිගේ, රාජු ගයාෂාන්, තරංග පරණවිතාන, චරිත් ජයම්පති, කසුන් මධුසංඛ, ධම්මික ප‍්‍රසාද් හෝ අමිල් ප‍්‍රසාද් සහ දිල්හාර ප‍්‍රනාන්දු
අතිරේක ක‍්‍රීඩකයෝ: ආර්. වීරසිංහ, දසුන් ශානක, යොහාන් කුමාර සහ දේශාන් ඩයස්
උතුර/නැගෙනහිර ඒකාබද්ධ කණ්ඩායම :
කෞෂල්‍ය වීරරත්න (නායක), සමීර සොයිසා, මාලිංග බණ්ඩාර, උදාර ජයසුන්දර, මයිකල් වැන්ඩොට්, ඇන්ඩි සොලමන්ස්, ගිහාන් රූපසිංහ, මිලින්ද සිරිවර්ධන, ශාලික කරුණානායක, නිලංක පේ‍්‍රමරත්න, අරෝෂ් ජනෝද, සාලිය සමන්, මධුර ලක්මාල්, මාලන් මධුසංඛ සහ මධුක ලියනපතිරණ
අතිරේක ක‍්‍රීඩකයෝ: ඉයන් ඩැනියල්, ආර්. ඉලේපෙරුම, සහන් විජේරත්න සහ පී වඩුගේ
රුහුණු පළාත් කණ්ඩායම :
චාමර සිල්වා (නායක), ඉන්දික සේරම් (උප නායක), ඩිල්රුවන් පෙරේරා, ජනක ගුණරත්න, අෂාන් ප‍්‍රියංජන්, ගීත් කුමාර, සචිත් පතිරණ, මාලිංග පුෂ්පකුමාර, දිල්හාර ලොකුහෙට්ටිගේ, විමුක්ති පෙරේරා, ඉසුරු උදාන, සනිත ද මෙල්, නිසල තාරක, ගයාන් මනීෂාන් සහ ෂෙහාන් ජයසූරිය
අතිරේක ක‍්‍රීඩකයෝ: ලසිත් ප‍්‍රනාන්දු, උමේෂ් කරුණාරත්න, යොහාන් ද සිල්වා සහ ඉෂාන් මුතාලිප්
වයඹ පළාත් කණ්ඩායම :
ජෙහාන් මුබාරක් (නායක), චාමර කපුගෙදර (උප නායක), ඩිල්ෂාන් මුණවීර, නිරෝෂන් දික්වැල්ල, ෆර්විස් මහරුෆ්, කෝසල කුලසේකර, රමිත් රඹුක්වැල්ල, ප‍්‍රමෝද් ගුණසිංහ, ඇන්ජලෝ පෙරේරා, සුරාජ් රන්දීව්, තරිඳු කෞෂාල්, සී. රන්දුණු, තරංග ලක්‍ෂිත, නුවන් ප‍්‍රදීප් සහ විශ්ව ප‍්‍රනාන්දු
අතිරේක ක‍්‍රීඩකයෝ: දුෂ්මන්ත සමීර, සොහාන් බොරලැස්ස, එස්. දුෂාන්ත සහ සඳුන් වීරක්කොඩි

තරග කාලසටහන
- 17 වැනිදා
වයඹ පිල සහ බස්නාහිර පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී
උතුර/නැගෙනහිර පිල සහ කඳුරට/ඌව පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
- 19 වැනිදා
රුහුණ පිල සහ උතුර/නැගෙනහිර පිල අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
බස්නාහිර පිල සහ කඳුරට/ඌව පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
- 21 වැනිදා
වයඹ පිල සහ රුහුණ පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගනයේදී
බස්නාහිර පිල සහ උතුර/නැගෙනහිර පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
- 23 වැනිදා
උතුර/නැගෙනහිර පිල සහ වයඹ පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී
රුහුණ සහ කඳුරට/ඌව පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
- 25 වැනිදා
බස්නාහිර පිල සහ රුහුණ පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී
කඳුරට/ඌව පිල සහ වයඹ පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
- 27 වැනිදා
පළමු අවසන් පූර්ව තරගය එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී
- 28 වැනිදා
දෙවැනි අවසන් පූර්ව තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී
- 30 වැනිදා
අවසන් මහ තරගය එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී

 



අදහස් (0)

අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site