ලෝ පුරා රටවල් 125ක පමණ සාමාජිකයන් සිටින බව කියන අන්තර් ජාල දැන්වීම් වෙබ් අඩවියක සාමාජිකයන් බඳවා ගනිමින් ඔවුන්ගේ මුදල් රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන ශ්‍රී ලංකා නියෝජිතයෝ සිවු දෙනෙක් පිළියන්දල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් කොට්ටාව හා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. දැන්වීම් පළ කැරෙන එම වෙබ් අඩවියේ දැන්වීම් බැලීමෙන් ආකර්ශනීය කොමිස් ගෙවන බව කියමින් සාමාජිකයන් බඳවා ගන්නා බවත් එක් අයකුගෙන් අවමය ඇමරිකා ඩොලර් 500ක් හෙවත් රුපියල් 66,000 අය කරන බවත් එහෙත් තමන් රුපියල් 175000 බැගින් ගෙවූ බවත් කාන්තාවෝ 15 දෙනෙක් පොලිසියට පැමිණිලි කළහ. පොරොන්දු වූ පරිදි කිසිම ප්‍රතිලාභයක් පමණක් නොව සාමාජික මුදලද නොගෙවූ නිසා පොලිසිය පැමිණිලි කළ බව ව්‍යාපාරික කාන්තාවක පොලිසිය පැමිණිලි කළාය. ‘මෙය හරියට පිරමිඩ සූත්තරයක් මගේ කොමිස් ලැබෙන්නේ මා තවත් සාමාජිකයකු බඳවා ගත්තොත් පමණයි. නමුත් මා තව කෙනකු අමාරුවේ දාන්නේ නෑ‘ යනුවෙන් ඇය කීවාය. ඇතැම් කාන්තාවන් සිය රන් අභරණ උගස් කර සාමාජික මුදල් ගෙවා ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයෙන් මුදල් කියලා පත්තර වල බොරු දැන්වීම් දාන කට්ටියටත් මෙහෙම දේවල් කරන්න බැරිද (නි)
අපේ මෝඩ මිනිස්සු ඉන්නකල් මේ වගේ ආරංචි දිගටම අහන්න ලැබෙයි. (නි)
මිනිස්සුන්ව රවට්ටනවා කියන එකේ සීමාවක් නැහැ (දී)
මේක ඇත්ත කතාවක්. අහු වෙන්න එපා (දී)
මම නිදහස් මිනිසෙක්. අනිත් රවටල් ගැනත් අපි නිදහසේ සිතමු. (ස)
අයියෝ සල්ලි! (නි)
අයියෝ සල්ලි
ජයවේවා
දුක් මහන්සී වී හම්බකරන රුපියලත් රත්තරන් , නිකන් හම්බකරන්න ගියොත් ඔහොම තමයි (ස)
කොහොමද ඒ
මේකෙ වැරැද්ද ආයතනයේ නෙමෙයි.මේ ගැන කිසි දැනුමක් නැතුව සම්බන්ධ වෙන අයගේ.ඔය කියන සාමාජිකත්වය මමත් සල්ලි දීල අරන් තියෙනවා.ඒ උනාට අද වෙනකන් කාවවත් සම්බන්ධ කරල නෑ,.මගේම නොනාගේ නමට තව එකක් ගත්ත ලගදි.මෙච්චර කාලයක් මේකෙ බැංකු ක්‍රමවේදයක් තිබ්බෙ නෑ.අද ඉදන් තමයි ඒක පටන් ගන්නේ.එතකන් ඉවසන්න දන්නේ නෑනේ.ඉවසන්න දන්නේ නෑ නෙමේ එහෙම එකක් එනව කියලාවත් දන්නේ නැතුව ඇති.ඇයි ඉතින් සල්ලි ගෙව්වට ඉන්ටර්නෙට් ලොග් වෙන්නවත් දන් නෑනේ.(ස)
මෙවන් විනාශ නවත්තන්න ඕනේ
තණ්හාය ජායතී සෝකෝ...., මිනිස්සුන්ට ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් ක‍්‍රම තියනවා කිව්වොත් බෙල්ලෙ තියන මාලෙත් උකස් කරලා සල්ලි වියදම් කරනවා හරිම මෝඩයි.. මට පේන්නෙ මේ ඔක්කොම හොර ජාවාරම්. අහුවෙන්න එපා මේවට.....(ස)
අපි මේ අන්තර්ජාලේ අන්තර්ජාලේ කිය කියා කෑගැහුව්වට අන්තරජාලේ යන්තම්වත් පරිහරණය කරන්න දන්නේ නැති කී දෙනෙක් අපේ රටේ ඉන්නවද දන්න අය කරන වැරදි ගැන හොයනවාට වඩා නොදන්න අයට හරියට කරන්න ඉගැන්විමේ පියවරක් ගත්තානම් නේද වටින්නේ (වි)
නොදන්න දේවල් නොකර හිටියා නම් නේද හොඳ? (නි)
අහක තියන අං තට්ටු ඔලුවෙන් තියා ගන්නවා කියන්නේ ඕකට තමා. (නි)
අන්තර්ජාල සල්ලි, ඊ-මනී කිය කියා පත්තර වල මහ ලොකුවට දැන්වීම් දාන අයව අල්ලාගත යුතුයි. (නි)
මොඩ කමට ඔහෝම වෙලා මදි (අ)
එක වෙබ් අඩවියක් තියෙනවා. ඒකේ 1 ගිණුමක් හදාගන්න රු 70000 ක් ගෙවන්න ඕනෑ. සතියකට දැන්වීම් 15ක් ලැබෙනවා. ඒ දැන්වීම් බැලුවහම 15ට 8000 ගානේ මාසෙකට රු 24000ක් හොයාගනන් පුලුවන් කියනවා. මේකත් පිරමීඩ ක්‍රමයට තමයි යන්නේ. ලංකාවේ හුගක් අය මේකට අහුවෙලා ඉන්නේ. (නි)
මේක රත්නපුර පැත්තෙත් හරිම ප්‍රසිද්ධයි. (නි)
අන්තර්ජාලය දැන් අන්තර් ජංජාලයක් වෙලා වගෙයි. (නි)
සල්ලි වැඩිය තියෙන අය තමයි අහුවෙන්නේ. (නි)
පරිප්පු කියන දේ දැන හෝ නොදැන වැඩිපුරම කන්නේ හා කවාගන්නේ ගැහැණු උදවියයි. (නි)
මට දැනෙන්නේ සතුටක්. මොකද මම මේ ගැන මාස හයකට කලින් ඉදන් දැනගෙන හිටියා. :) (නි)
හිමාලි, එහෙනම් ඔයා උගන්වනවද රටේ මිනිස්සුන්ට? (නි)
දැන් ගෑණුනගේ මොලේ හැදි මිටේ තරමට කිටිටුයි ගෙදර ඉදන් සල්ලි හොයන්න හදනවා(වි)