උඩවලව ජාතික වනෝද්යා නයේ හම්බෙගමුව අරඹෙකෙම අක්කර දෙකක කංසා වගාවක් වටලා ටී 56 ගිනි අවියක් හා පතුරොම් තුවක්කුවක් සොයා ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
උඩවලව ජාතික වනෝද්‍යාන බාරකරු එච් පී ජයමාන්න මහතා ඇතුළු හත් දෙනෙක් එම වැටළීමට ගියහ.
අත්අඩංගුවට පත් වූ සිව් දෙනකු අතරේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනකු හා හම්බෙගමුවේ වැසියන් දෙදෙනකු සිටි බව වනජීවී නිලධරයෝ කියති.
පොලීසිය කියනුයේ තමන් ද කංසා හේන් වැටලීමට ගිය බවයි.
එහෙත් එවැනි වැටලීමකට පොලීසිය යන බව තමනට නොදැන්වීයැයි වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
වනජීවී නිලධාරීන් 22 වැනිදා කැලෑවට ඇතුළුවී අද (23) උදෑසන වනෝද්යාකනයට අයත් හම්ඛෙගමුව අරඹෙකෙම ප්‍රදේශයේ සෝදිසියක නිරත වෙද්දී ගල්තලාවක කංසා වේලමින් තිබු තැනක සිව් දෙනෙකු දුටු බවත්ල ඔවුන් අත ටී 56 ගිනි අවියක් දල පතරොම් තුවක්කුවක් ද තුබූ බවත් වනජීවී නිලධරයෝ කියති.
ගිනි අවි අතැතිව සිටි දෙදෙනා වනජීවි නිලධාරීන්ට ඒවා එල්ල කළ බවත්ල ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවත්ල සැකකරුවන් පරීකෂා කිරිමේදී එක් අයෙකුගේ සාක්කුවක පතරොමක් තිබූ බවත් ඔවුහු පවසති.
පානදුර වලානේ දුෂණ මර්දන ඒකකයේ දෙදෙනකු සහ හම්ඛෙගමුවේ දෙදෙනකු ලෙ ඔවුන් හඳුනාගත් බවත් වනජීවී නිලධරයෝ පවසති.
පොලීසිය කියනුයේ එක් පොලිස් කණ්ඩායමක් එක් කංසා හේනක් වටලා එතැන සිවු දෙනෙකු නවත්වාල සෙසු පිරිස තවත් හේනක් වැටලීමට ගිය අවස්ථාවේ වනජිවී නිලධාරීන් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා අල්ලන්න පොලිසියට අවසරගන්න ඔන නම් ,ගංජා වැවුවෙ වනජීවී එකෙන් අවසර අරගෙනද,....?
කපුවා මමයි - දේවාලය ඔබෙයි... (නි)
ජීවන්, කුමාර, දුලාජ් මම ඔබලාගේ දැක්ම සමග එකගයි.. මොකද මේ කැලෑ නිලධාරීන් අඩි හත අටක් උස ගංජා වැවෙනකම් නිදාගෙනද ඉන්නෙ..!(නු)
ගංජා අල්ලන්න එන පොලිසියෙ අය අත්අඩංගුවට ගෙන, වනජීවී එකෙන් ගංජා වගාකරන අය ආරක්ෂා කරනවද....? (නි)
මේවා ලොකු කරලා වගා කරනකල් වන ජීවී නිළධාරීන් ඉදලා තියෙන්නේ හිමාල වනයේද? (නි)
මෙය ද සත්‍යය? (නි)
වන නිලධාරියෙකුගේ අවසරයක් නැතුව වනාන්තරයට ඇතුළුවීමත් දඩුවම් ලැබිය හැකි වරදක්. (නි)
නියමෙටම ගැළපෙන මාතෘකාව... (නි)
PC ලා දෙන්නෙක් අතුරුදහන් වුණා කිව්වෙත් මේ වෙලාවෙමද ?(ස)
වළානේ රාළහාමිලා ගැන අපිට ආඩම්බරයි. ගංජා හේන් අඩි 8ක් වැවෙනකල් වනජීවී එක නිදිද? (නි)
ඊයේ එක විදියක් ...අද වෙන විදියක් (ස)
මට හිතෙන්නෙ වන ජීවී අයට සැළකුවා මදිද දන්නෙ නැහැ. (නි)
සුදු පාට ඇදගත්ත නිළධාරීනුත් ඔය ටික කරනවා නම් කාකි පාට ඇදගත්තු අපි කළහම මොකද වෙන්නේ කියලා හිතන්න ඇති. (නි)
තොරතුරු සත්‍යනම් ඔවුන් සේවයෙන් පහකරන්න (ස)
පොලීසියේ සිටිනා දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට මීට වඩා කාර්‍යක්ෂම විය යුතුයි (ස)
හෙඩිම දැක්කම එකපාරට හිතුනේ රටේ වෙන ආයතන ගැන ලිපියක් කියලා. (ස)
වැටලීම වළානෙන් අනේ රාළහාමිට මොකද වුණේ... (නි)
වන ඡිවි නිළධරින් 23 වැටළීම කළේ වලාන නිළධාරින් එන නිසාද? (නි)
පොලිසියට ගංඡා අල්ලන්න බැරිද? (නි)
මෙපමණ ගංඡා වගා කළේ වන ඡිවි නිළධාරීන්ගේ අවසර අරන්ද? (නි)
වලානෙ නිළධාරීන් පානදුර ඉදලා ගියාමද උඩවලව වන ජීවී නිළධාරීන්ට තමන්ගෙ රාජකාරිය මතක් වෙලා තියෙන්නෙ? අක්කර දෙකක කංසා වගාවක් දවස් දෙකෙන් වවන්න පුලුවන් ද? (නි)
මමත් පොලිස් නිලධාරියෙක්. ඒත් කවුරු වැරැද්ද කළත් වැරැද්ද වැරැද්දමයි. මේ අයට උපරිම දඩුවම් ලබාදීමට වගකිවයුතු පාර්ෂවයන් කටයුතු කළයුතුයි. මීට වැඩිය ලොකු අපරාධ කරන තව උසස් නිලධාරින් හැම ආයතනයකම ඉන්නවා. ඒ අයවත් නිතියේ රැහැනට හසුකරගන්න පුලුවන් නම් අපිට ආසියාවේ ආශ්චර්යය කරා යන එක මහලොකු දෙයක් නෙමෙයි. (නි)
ගංජා වගා කිරිමටත් වන ජීවී නිළධාරීන් අවසර ගත්තාද? (නි)
වැඩේ නම්ප කැතයි තමයි ඒත් හෙඩිම එක ගැලපෙන්නෙක් නැහැ (ස)
හෙඩිමට වඩා පුවත වෙනස්නේ (ස)
එතකොට මෙතන කපුවා කවුද ? දෙවොල මොකද්ද ?? (ස)
පොලිස් නිළධාරින් ගිහින් තියෙන්නේ ලිඛිත අවසරයක් ඇතුවයි. (නි)
මේවට කියන්න නම් දේවල් ගොඩක තියෙනවා. කමක් නැහැ. අපි හිතින් විතරක් හිතමු. (නි)
"කෝසතාපල්වරු පොලිසියේ නම කැත කරති" කියලා දැම්මා නම් නරකද? (නි)
වන ජීවී නිළධාරීන් දැනුවත් කරලා, ගංජා අල්ලන්න යනවා කියන්නෙ, හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. වළානේ රාළහාමිලා ගැන අපිට කවදත් ආඩම්බරයි. (නි)