දක්‍ෂණ අධිවේගී මාර්ගයේ බාල කාපට් ඇතිරීම නිසා අනතුරක් වළක්වා ගත නොහැකි වී යැයි කියමින් අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පවරන බව තිඹිරිගස්යායේ සරත් සුබසිංහ මහතා කියයි. ඔහුගේ කාරය දින කිහිපයකට කලින් අනතුරකට ලක්විය. කාරය මුදා ගැනීම සඳහා රුපියල් එක් ලක්‍ෂ පන්දාහක දඩයක් ගෙවූ බවද ඔහු කීය. ”පාරේ වතුර, තැන් තැන්වල තාරද උඩට ඉස්සිලා. කාපට් තට්ටුව බාලයි” යනුවෙන් සුබසිංහ මහතා කීය. දක්ක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ හා මෙහෙයුම් කළමනාකරු ඞී.කේ. රණතුංග මහතා මෙසේ කියයි. ජපාන තාක්‍ෂණය අනුවයි මේ පාර හැදුවේ. නිසි ප‍්‍රමිතියක් ඇතැයි සිතනවා. සුබසිංහ මහතාගේ ප‍්‍රකාශය ගැන කිසිත් කිව නොහැකියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නටන්න බැරි අයට පොළොව ඇදයිලු. (නි)
ඔය නඩුව දිගටම කිවුවොත් හොදයි. නිකන් හරියන්නෙ නැති වැඩ නවත්තො පලක් ඇති වැඩක් කරන්න. (නි)
ඒක ඇත්ත සමහර තැන්වල වතුර පිරිලා.. ඒක අනතුරුවලට මග පෙන්වීමක්.. කොහොම උනත් රියදුරනුත් මීට වැඩිය සැළකිලිමත් විය යුතුයි..!(නු)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
ඔබතුමා දැන් මෙහෙම කිවුවට තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ, එහෙම දෙයක් වුණේ නැහැ කියලා. (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
අධිවේගී මාර්ගය මම හැම සතියෙම පාවිච්චි කරනවා.. මමත් දැකලා තියෙනවා වතුර පිරිච්ච තැන්.. පොඩි ගැස්සීමකුත් තියෙනවා.. සමහර විට පාර ටිකක් බැහැලා වෙන්න පුළුවං.. හැබැයි ජපානයේ යූ.එස්.ඒ. වල අධිවේගී මාර්ග එහෙම වෙලා නැහැ.. මම ඒ අධිවේගී මාර්ගවලත් රිය පදවලා තියෙනවා..!(නු)
පාරත් ඉතාම කණගාටුදායක තත්වයක තමයි තියෙන්නේ. කවදා හොද පාරක් හැදේද? දඩ ගන්න නම් මේ විදිය අනර්ඝයි. සල්ලි ගරන්න යෙදු උප්පරවැට්යියක්දැයි බලන්න මේ හොද අවස්ථාවක්. කුරුදුගහ ඉදලා ගල්ල පැත්තට පාර අන්තිමයි. (නි)
ආණ්ඩුවට විරුද්ධ සියල්ලන්ටම ආණ්ඩුවේ සියලු වැඩ පෙනෙන්නේ ප්‍රමිතියක් නැති විදියටයි. (නි)
ඇත්ත තමයි. මම නිතර ගැලනිගම - කොට්ටාව යන කෙනෙක්. ගාල්ලටත් දෙතුන් පාරක් ගිහින් තියෙනවා. මේ පාරේ 100 ට වඩා වේගයෙන් යන්න හොඳ නැහැ. පාරේ 100 ට ගියත් රැළි ගතිය හොඳට දැනෙනවා. ඒකෙන් තේරෙනවා පාර ප්‍රමිතියට නැහැ කියලා. සද්ද දාන කට්ටිය එක වතාවක්වත් හොඳ වාහනයක් 100 වේගයෙන් එලවාගෙන ඔය පාරේ ගිහින් නැහැ කියලයි මට හිතෙන්නේ. වැස්ස වෙලාවට පාරේ වතුර රැඳෙනවා. ඒ වෙලාවට 100 ට යන්න බැහැ කියලා දැනෙනවා. හයිවේ එකක එහෙම වෙන්න බැහැ. වේග සීමාවක් සඳහන් කරලා තියෙන්නේ ඕනෑ වෙලාවක ඒ වේගයෙන් යන්නයි. වැස්ස වෙලාවට හෙමින් යන්නයි නැති වෙලාවට හයියෙන් යන්නයි කියලා වේග සීමා වෙනස් කරන්න බැහැ. පාරක වේග සීමාව කියන්නේ වාහනවලට අනතුරක් නොවී යන්න පුළුවන් හොඳම වේගයටයි. ඒක උපරිම වේගයවත් අවම වේගයවත් නෙමෙයි. ආරක්ෂාකාරී හොඳම වේගය. කවුරු හරි ඉදිරිපත් වෙන එක ගැන සතුටුයි. ජය වේවා! (නි)
ජපානේ මේ වගේ පස් පුරවපු අධිවේගීමාර්ග ඇත්තේම නැත (ස)
ලංකාවටම එකයි. (නි)
ශ්රී ලංකාවම එකයි. (නි)
සල්ලි ගෙවලා නේද පාරේ යන්නේ ?පාර නියම ප්‍රමිතියකට නැත්නම් නඩු කියන එක සාධාරණයි (ස)
නඩු කියන්න, නඩු කියන්න. කොන්ද කෙලින් තියාගන්න. නඩුවෙන් පරාද වුණත් කමක් නෑ. ඔයා තනියම හරි නඩු කියන්න (ස)
අයියෝ සල්ලි
මේ නඩු දැමීම ඉතාම පහත් ක්‍රියාවක් මිස්ටර්, රටේ හොද දෙයකට හොදයි කියන්න ඕනෑ. මම ඔය අධිවේගී මාර්ගයේ දිනපතා ගමන් කරනවා. ඇත්ත - වහිනකොට ටිකක් ලිස්සනවා තමයි. ඒකට ටිකක් හෙමින් යන්න ඕනෑ ඒ වෙලාවට (පැ.කි.මි. 60 - 80) මේ මාර්ගයේ හොද කතා කරන්න අපේ අයගෙ දිව නැමෙන්නෙ නැති එකයි දුක. මේ ගානට (රුපියල් 400 = ඇ.ඩො. 3.50) අධිවේගී මාර්ගයක යන්න දෙන එකම රට මේක වෙන්න ඇති..! (නි)
මට වැඩක් නැහැ
සම්පත් මෝඩ කතා නොකියන්න. මේක දේශපාලනික නොවී සුබසිංහ මහතා කියලා තිබෙන්නේ ඇත්ත තත්වය (ස)
මට වැඩක් නැහැ
සරත් මහත්තයා වගේ කොන්ද කෙලින් තියෙන අභියෝගයක් කරන්න පුළුවං එක සිංහලයෙක් හෝ ලංකාවෙ ඉන්නවා කියලා දැනගන්න ලැබීමත් වාසනාවක්.. ඔය අදහස් දාපු අයට මම ආරාධනා කරනවා ඩුබායි අබුඩාබි වලට ඇවිත් බන්න අධිවේගී මාර්ග කියන්නේ මොනවාටද කියලා.. චානක කියනවා වගේ පස් පුරවපු අධිවේගී මාර්ග මෙහෙත් නැහැ... අනාගත දරුවන් ණය කාරයො කරන අධිවේගී මාර්ග ගැන සමස්ථ ජනතාවටම දැන ගැනීමේ අයිතියක් තියෙනවා.. සරත් මහතාට නැවතත් ස්තුති කරමි..!(නු)
අධිවේගී මාර්ගයේ වැස්ස වෙලාවට යන කොට බයේ බෑ (ස)
කනගාටුයි
පුදුම ලැජ්ජාවක්නේ. (නි)
අනේ මන්දා (ස)
නඩුව දාපු එක හොදයි.. එතකොට හරි ප්‍රමිතියට නැතිද කියලා බලාගන්න පුළුවං.!(නු)
රුවන් හරි .... දඩ ගහන එක වැරදි... නඩුකියන එකත් හරි. දාන්න නඩුවක්, ඕනෙ තරං තියනවා ප‍්‍රායෝගික සාක්‍ෂි... (ස)
මට වැඩක් නැහැ
අධිවේගී පාරේ දාලා තියෙන කාපට් ඇතිරුම නම් බාලයි. ඔයිට වඩා සිය දහස් ගුණයක් හොඳයි තලාව පාරෙයි අනුරාධපුර - පුත්තලම් පාරෙයි දාලා තියෙන කාපට් එක. (නි)
ඔන්න කරනවානම් වැඩේ.. ඕක තමයි දැං අඩු..!(නු)
අධිවේගේ උණ පුරුකේ දාලා තිබුණත් නැහැ ඇදේ ඇරෙන්නේ ඉන්ජිනියර් නිකන් ඉඳන් බලාන ඉන්නේ කාර් වැදී යකඩ වැටත් දෙකට කැඩෙන්නේ ලොකු ලොකු දඩ ගහලා ජනතාව පෙළන්නේ මෙහෙම අධිවේගයක් ලංකාවේ පමණි තියෙන්නේ (නි)
රට ආශ්චර්යය කරා යන ගමනේ බාල වැඩ කරන්න එපා.. මාර්ග සංවර්ධනය වග කිව යුතුයි..!(නු)
ඔන්න මහත්තයෝ කියවනවානම් හොද නඩුවක්..!(නු)
මොකද්ද මේ දඩ මුදල දන්න කෙනෙක් ඉන්නවාද?(නු)
අනේ කාලේ වනේ වාසේ.!(නු)
සම්පත්, ඔබ වැනි අයට ඇත්තෙ පටු අදහස්.ඇත්ත ඇති සැටියෙන් බලන්න දැන්වත් මෝඩයෙක් නොවී, හිතන්න පුරුදුවෙන්න.අධිවේගී මාර්ගයේ මම සතියට දෙසැරයක් කොට්ටාවේ සිට ගාල්ලට යනවා.සමහර විට ඔබ අධිවේගී මාර්ගයේ පස් පාගලවත් නැතුව ඇති. (ස)
ජපන් තාක්ෂණය වුනාට හැදුවෙ ලංකවෙනේ.. (නු)
අයියෝ සල්ලි
ඒ උනාට මිනිස්සුනට වන්දී දුන්නා
මට වැඩක් නැහැ
වන්දි දෙනවත් දැකලා තියෙනවා මෙහෙම නම් නැහැ
අයියෝ සල්ලි
මමත් ඔය මාර්ගයේ වැඩකරපු කෙනෙක්.මාර්ගය හදනකොටත් ඊට පස්සෙත් ගමන්කරපු වාර ගණන අපමණයි.මම වෙන රටවල තියන අධිවේගී මාර්ගවල ගිහිල්ලත් තියෙනවා.මාර්ගය නම් අන්තර් ජාතික මට්ටමටම තියෙන ඒකෙ යන්න අපේ කට්ටිය දන්නෙ නැහැ. පිටත මන්තීරුවෙ යන්නෙම දකුණට වැඩිවෙන්න. ඉස්සර කරනකොට බයේ බැහැ. (නි)
ඔව් පාරෙ හැමතැනම වතුර.. පාරට නඩු දාන්න මමත් හිතුවා..!(නු)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..!(නු)
ඒ කතාව ඇත්ත... පාරේ ප්‍රමිතිය බාලයි.. මමත් ඒකට එකගයි... අනුතරක් උනාම රක්ෂණයෙන් ගෙවන්නෙ නැද්ද? අනික පාරට සල්ලි ගෙවලා නේද යන්නේ.. මේ අය පාරෙනුත් සල්ලි ගන්නවා.. ඒ මදිවට අනතුරක් උනාම දඩ ගහනවා (නු)
නියමයි සුභසිංහ මහත්තයෝ.. සතුටු වෙන්න ඕන කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියලා..!(නු)
වෙන රටවලත් අධිවේගී මාර්ග වල නිතරම රිය අනතුරු සිදුවෙනවා. නමුත් පාරට නඩු දමන්නේ නැහැ. (නි)
මහත්තයෝ ඔබ හරි, නඩුවෙන් දින්නා කියමුකෝ. මොකද පාර කඩල අලුතින් කාපට් කරයි කියල හිතුවද, ඔබ වෙච්ච පාඩුව විඳගෙන ඇඟ බේරාගෙන. නිශ්ශබ්දව ඉන්න (අ)
අයියෝ සල්ලි
මහත්තයෝ ඔබ හරි.. නඩුව දින්නා කියමුකෝ..මොකද පාර කඩලා අලුතින් කාපට් කරයි කියලා හිතුවාද? ඔය වෙච්ච පාඩුව විද දරාගෙන නිශ්ෂබ්ධව ඉන්න.. ඇග බේරගෙන..!(නු)
මේකෙ අනතුරක් වුණහම ගහන දඩය තමා ගොඩක්ම වැඩි. ගහනේ වැටුණු මිනිහට ගොනා ඇන්නා වාගේ කියමන, ඇක්සිඩන්ට් වූණ මිනිහට දඩ ගැහුව වාගේ දෙයක් නෙ. ඒකයි මෙතන තියන වරද. (දඩ මුදල) නැතුව පාර නම් එච්චරම නරක නැහැ. නඩු දාන්න තරම්. එතුමාට ඒවා ප්‍රායෝගිකව පෙන්නගන්න පුලුවන් වුණොත් හොදා... (නි)
මම මොනවා කරන්නද
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අනේ මගේ කට ඉතිං !!! මමත් 5/6 වතාවක් ගියා. කියන වේග සීමාවන් , මාර්ග සංඥා , අනුගමනය කරගෙන ගියාම කිසි අනතුරක් නැහැ. කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බැහැ කිව්වේ කට කහනවටයැ..... මෝඩ මිනිස්සු..!! තමන්ගෙම සම්පතකට විරුද්ධව නඩුවක් දාන්න අමු කැවිලද ? (අ)
මහත්තයෝ පුළුවන්නම් දානව බලන්න නඩු. (අ)
ඉතිං චීන බුදි නේ. (අ)
කවුරු හරි කෙනෙක් මේවගේ දෙයක් හරි කල යුතුයි.ඔය අධි වේගී පාරත් ගුවන් පාලම් වගේ තනිකරම කොමිස් ගොඩවල්.කොන්ත්‍රාත් කාරයව ගෙන්නුවාම කියයි කොමිස් දීල ඉවර වුනාම ඉතිරි මුදලින් ඔයිට වඩා ප්‍රමිතියක් ගන්න බැහැ කියලා.
මම හිතන්නෙත් සරත් හරි. (නි)
සිල්වා මහත්තයෝ ඔබත් පාරෙන් කොමිස් ගත්තද මේ විදියට දඩ ගහන එක සාධාරණයිද මිනිහෙක් හිතල අනතරු වෙනවද (අ)
සුබසිංහ මහත්තයෝ නඩුව දාන්න. ලංකාවේ මිනිස්සු හදන්න වෙන ක්‍රමයක් නෑ. ඔබට වුණ දෙය අසාධාරණයි. ඔබට ජය රට වෙනුවෙන් (අ)
මේ මුලින්ම අදහස් දාපු "සමන්" මහා මෝඩයෙක්.එයා කියන්නේ ගල් යුගයේ කතා. මෙච්චර තාක්ෂණය දියුණු කාලේ අධිවේගී මාර්ගයක යන වාහනයේ වේගය අඩු කරන්න පාරේ තත්වය ප්‍රශ්නයක් වෙනවා නම්, ඒක පාරේ ප්‍රමිතියේ ප්‍රශ්නයක්. ඕක තේරුම් ගන්න බැරි "සමන්" වැනි අයත් එක්ක ආසියාවේ ආශ්චර්ය කරා ඉක්මනින්ම යන්න පුළුවන් බව නම් පේනවා. අපි මේ වගේ අයට අනුකම්පා කරන්න ඕනෑ. (නි)
ඒක හොඳයි අධිකරණයට යන්න. (අ)
අපෝ ලංකාවෙ අනිත් පාරවල් වල හැටියට එහෙමනම් පාරවල් වල අනතුරු පිරිලා තියෙන්න ඕන..!(නු)
සරත් සුබසින්ඝ මහත්තයෝ.ඔබගේ කට වහන්න ගානක් හම්බවේවි.ඊට පස්සේ (අ)
අයියෝ සල්ලි
එයා ගනක් ගහප් කට්ටයට පාරක් දුන්න එකේ ඇදකුදත් හොයනවා (අ)
යන්න බැරි අය අර පරණ පාරේ යන්න. එකේ කොමිස් ගහන්න නැතුව නේ හඳල තියෙන්නේ (අ)
විවිධ රටවල මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මට හොඳට අත්දැකීම් තියෙනවා. පාර ප්‍රමිතියට ඉදිකර නැහැ. එකේ කතා දෙකක් නැහැ. මේ නඩුවෙන් රටේ ජනතාවට ඇත්ත එළිවෙයි. (නි)
මේ පාරේ ගිය එකම වාහනේ මේකද. කී දහක් වාහන ගියාද, එකේ එක්කෙනාට ඕන විදියට තමන්ගේ පාරවල් හදාගන්න (අ)
මේ කතාව සම්පුර්ණ ඇත්ත. මමත් ඔය පාරෙ ගියා කිසිම ප්‍රමිතියක් නෑ. (අ)
සුබසිංහ මහත්තයෝ ඔන්න සුදු වෑන් වටේ කැරකෙනවා (ස)
පැය ගානක් මග රස්තියාදු වුණ අපිට මේකේ ලොකු දෙයක්. යන්න බැරි අය අනිත් පාරේ යන්න. (අ)
මෙහෙම හරි පාරක් හදපු එකට අපි සතුටු වෙනවා. මේක එක සිද්ධියක් විතරයි. තව කීදෙනෙක් මෙකෙ ගියාද (අ)
නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කිව්වා.. නොසැළකිලිමත්ව රිය පදවා කියන කතාව.. මෙයාට රිදිලා තියෙන්නේ කාරය මුදා ගැනීමට දඩයක් ගහපු එකටයි.. මෙයාට හරිනම් තව නඩුවක් දාන්න ඕන අනතුරක් කලාට..!(නු)
මම මේ මාර්ගයේ අවසානය දක්වා ඇති තරම් ගිහිං තියෙනවා. නමුත් කවදාවත් අනතුරක් නම් වෙලා නැහැ.. මම ගොඩක් වැස්ස වෙලාවට පවා ගිහිං තියෙනවා... මාර්ග නීතිවලට ගරු කළ යුතුයි.. කාලගුණය එතරම් හොද නැති විට අප මදක් හිමින් ගමන් කළ යුතුයි.. අපි එතකොට වේගෙන් ගිහිං හරියන්නෙ නැහැ.. මම දකිනවා තෙත මාර්ගයේ වාහන 100Kmph වලට යනවා.. මේක ලංකාවෙ පමණක් නෙමෙයි ලොව පුරා මේ වගේ තමයි.. මාර්ග නීති සහ විනය හේතුවෙනවා ඔබගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට.. (නු)
ජයමහ ඇවිත් බලන්න ඩුබායි අඩුඩාබිවල තියෙන අධිවේගී මාර්ග කොහොමද කියලා.. අපිනම් සත පහක්වත් ගෙවලා නෙවෙයි අධිවේගී මාර්ගයේ යන්නේ.. නිකං බොරු කියන්න එපා.. එක බුද්ධිමතෙක් හරි මේ රටේ ඉන්න එක ගැන සතුටුයි..!(නු)
අයියෝ සල්ලි
තාක්ෂණය ජපානයේ.නමුත් වැඩ කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් කරුවන් . මේ තත්වය නැවැත්විය යුතුයි (ස)
එලවන්න බැරි මිනිහට පාර ඇදයි! (අ)
බොහෝ දෙනා මෙම නඩු දැමීමට විරුද්දව අදහස් ප්‍රකාශ කරලා තියෙනව. මම හිතන්නේ මෙතනදී අපි වැඩියෙන්ම සැලකියයුතු කාරණය පාර අලුතින් කාපට් කරනවා වගේ දේවල් නොවේ, රියදුරාගේ වරඳක් ඇතිව හෝ නැතිව වැරැද්දක් සිදුවූ විට, එක්වරම ඔහු වරඳ කරු කොට දඩ ගසන්නේ මොකද කියන එක. කොච්චර හොඳින් රියපදවන කෙනෙක් වුණත්, මෙහි කමෙන්ට් දමන අපිට උනත්, මෙවැනි දෙයකට මුහුණ දෙන්න වීමට ඉඩ තියෙනවා. (උ)
සිල්වා මොනවාද මේ කියන්නේ ඔයාලා වගේ අය නිසා තමයි ලංකාව හැමදාම මේ විදියට තියෙන්නෙ..?(නු)
සිල්වා වැනි අය නිසා තමයි මේ වගේ සමාජයට වෙන තරමක් හානි වෙන්නේ.. තමන්ගේ කොන්ද පණ නැත්නම් අදහස් නොලියා ඉන්න.. නිර්භීත මිනිසුන් පහළට නොදමා.!(නු)
හරි විදියටනම් අනතුරක් උනාම දඩ ගහන්න බැහැ.. වාහනේ රක්ෂණය කරලනේ තියෙන්නේ.. මේ පාර නීති විරෝධී එකක් නෙමෙයිනේ? අනික ඒක රක්ෂණය ගෙවන්නෙ නැත්නම් ආණ්ඩුව පාඩුව බාරගන්න ඕන.. මොකද මුදල් අයකරලනේ පාරෙ යන්න දෙන්නෙ.. පාර වැස්ස වහිනකොට සමහර තැන් වල වතුර පිරෙනවා.. සමහර වෙලාවට බල්ලෝ එකපාරටම පාරට එනවා.. අනතුරු සිදුවෙන්න පුළුවං.. නඩු දාන එක සාධාරණයි..!(නු)
බස් එකේ යනකොට නම් ප්‍රශ්න නැහැ. (නි)
අපේ මිනිස්සු වළවල් උඩින්, පදික වේදිකා උඩින් 100ට යනවා. මේකේ යන්න තමයි බැරි. (නි)
සමහරු කොච්චර මෝඩ විදිහට අදහස් දාලද? හෙට ඔයාට මට මේ අනතුර සිද්ධ වෙලා දඩයකුත් ගෙවන්න වෙයි. ඉතින් ප්‍රමිතිය වැඩිකිරීම නේද අවශ්‍ය? සමහරු වාහනයක් පදවලාවත් නැතුව බොරු දාලා. (නි)
ගෙනදෙන්නෙ මොනවාද? අඩු ප්‍රමිතියෙන් බඩු දෙනකොට තාක්ෂණයට වැඩ කරන්නෙ කොහොමද? සුභසිංහ මහත්තයා අත අරින්න එපා ඔබ දිනනවාමයි.. මානවහිමිකම් එකත් දැනුවත් කරන්න.. ලෝකයේ නැති දඩනෙ ලංකාවෙ තියෙන්නෙ..?(නු)
ජයමහ, ඔයාගේ කතාව ඉතාමත් පහත්. මේකේ කරුණු කීපයක් තියෙනවා. පළවෙනි දේ ඩොලර් වලින් ගණන් හදන්න එපා. එහෙම නම් ඉතින් පඩිත් ඩොලර් වලින් ගණන් හදන්න වෙයි. ඔයාට ඕනෑ මේක ෂෝක් ෂෝක් කියන්න නම් ඔයා කිය කියා ඉන්න. අමුතුවෙන් ෂෝක් කියන්න දෙයක් නැහැ. රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරන එක ඕනෑම රජයක් කරන්න ඕනෑ. ණය වෙලා තියෙන්නේ මහජනයා. ඇයි මහජනයාට අයිතියක් නැත්තේ ඒකේ ප්‍රමිතිය ගැන කතාකරන්න ? අනික දඩ ගැහීමේ පදනම මොකක්ද? අඩුම ගානේ දඩ ගහන්න කලින් පරීක්ෂණයක් වත් අවශ්‍යයි නේද වරද පාරේද රියදුරුගේද බලන්න? අපි පාරේ යන්නේ සල්ලි දීලා . හරිනම් එයාලයි පාර රක්ෂණය කරලා අපිට අලාභය ගෙවන්න ඕනෑ. දේශපාලන ගැතිකමට සාමාන්‍ය බුද්ධියත් නැති කරගත්තු මිනිස්සු ඔයාලා. (නි)
මමත් මේ පාරෙ ඕන තරම් ගිහිල්ලා තියෙනවා.. පාරෙ ගොඩක් තැන්වල රැළි ගතියක් තියෙනවා. බලලො ඉන්නවා මුදල් අයකරනවා මිස මෙයිට වැඩිය පාර ගැන උනන්දු වෙන්න ඕන කියලා මගේ අදහස..!(නු)
සුබසිංහ මහතා වැනි එඩිතර පුරවැසියන් මේ රටට තව තවත් අවශ්‍යයි. සමන්ලා ජයමහලා වගේ කට්ටිය හිටියොත් මේ රට මෙහෙමම යයි. මේ නඩුව කියන්න. ඔබ ලක් ඉතිහාසයේ ලියැවෙයි, නිර්භීත වැඩක් කළ පුරවැසියෙක් ලෙස. (නි)
කනගාටුයි
සමහරු කියනවා අධිවේගී මාර්ගයේ අනතුරු වලට රක්ෂණ සමාගම් වග කියන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ ගැන අදහසක් දක්වනවා නම් සතුටුයි. කොහොම වුණත් සමහර රියදුරන්ගේ විනය නම් අන්තිමයි. (නි)
වන්දි ප්‍රශ්නය
අනිවාර්යයෙන්ම පාර ඇදයි.. කොට්ටාව සිට දොඩන්දූවට යනකම් වාහනය ඇදට යන්නේ.. මම නම් ඔය පාරෙ ආයෙ යන්නෙ නැහැ.. හැප්පුනොත් වියදම් දෙකයි.. වාහනේ පාඩුවයි.. ආණ්ඩුවට දඩයයි..!(නු)
ලංකාවෙ ගොඩක් අයට කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියල කියන කතාවලින් පේනවා..!(නු)
අධිවේගී පාරවල් විතරක්ද? ගුවන් පාලම් නොරොච්චෝලෙ විදුලි බලාගාරය ඔය සේරම ප්‍රමිතියක් නැති බාල වැඩ තමයි.!(නු)
ඇත්ත. මීට වැඩිය හොදයි පුත්තලම-අනුරාධුපර පාර. (නි)
පාර හොද ප්‍රමිතියි කියන අය ලෝකෙ වෙනත් රටවල අධිවේගී මාර්ග වල ගිහිල්ලා තියෙනවාද? ගිගිං නැතිනම් මේ වගේ අදහස් දාන්න එපා..!(නු)
සුභසිංහ මහත්තයෝ ඔබ වැනි එඩිතර අය අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ආඩම්බරයක්.. ඔයා නඩුව ඔප්පු කරන් පුළුවං නම් අනිවාර්යයෙන්ම දාන්න.. අපි ශක්කොම ඔබට සහයෝගය දෙනවා.. මේ රටේ කොමිස්හොරුන්ට පාඩමක් උගන්වන්න..!(නු)
කොට්ටාවෙ ඉදලා දොඩම්දූව අතර මේ අනතුර උනානම් මේක පිළිගන්න පුළුවං.. මොකද එ කොටස හදපු චීන ආයතනය ඒක වැඩ කරපු හැටි ඉතාම බාල තත්ත්වයෙන්.. නමුත් දොඩම් දූවෙ ඉදලා කුරුදුගහහැතැක්ම අතර උනානම් සුභසිංහ මහතාගේ කතාව පිළිගන්න අමාරුයි... මොකද ඒ කොටස කරපු ජපාන සමාගමේ තත්ත්ව පරීක්ෂක ඉතාම උසස්.. මම මේ කොටස් දෙකම වැඩ කරපු ඉංජිනේරු කෙනෙක්.. කුරුදුගහහැතැක්ම ඉදලා ගාල්ල වලට යනකම්ම විස්තර දන්නෙ නැහැ..!(නු)
පාරේ පොඩි පොඩි වැරදි තියෙනවා. නමුත් 100 ට ගියත් අනතුරක් නෑ (ස)
මට නම් කියන්න තියෙන්නෙ, නඩු දැම්මට නම් කමක් නැහැ.එතකොට පාරෙ වරදක් තියෙනවනම් හොයල ගනියි නෙ.නමුත් පාර කොයි තරම් පලල් වුනත් නොදන්න පාරක් නම් අවම වේග සීමාවෙන් යන්න ඕනෙ.මොකද මුල් දවසෙ අපි දන්නෙ නැහැ වල කොහෙද,වංගුව කොහෙද,බෑවුම කොහෙද,ලිස්සන්නෙ කොතනද කියල.එදිනෙදා යන පාරක් නම් මේ හැම දෙයක් ම අපි දන්නව. ඒ නිසා අනතුරු වලක්වා ගන්න පුළුවන්.මම දන්නෙ නැහැ කීදෙනෙක් මේකට එකඟවෙයි ද කියල.(නු)
මට නම් කියන්න තියෙන්නෙ, නඩු දැම්මට නම් කමක් නැහැ.එතකොට පාරෙ වරදක් තියෙනවනම් හොයල ගනියි නෙ.නමුත් පාර කොයි තරම් පලල් වුනත් නොදන්න පාරක් නම් අවම වේග සීමාවෙන් යන්න ඕනෙ.මොකද මුල් දවසෙ අපි දන්නෙ නැහැ වල කොහෙද,වංගුව කොහෙද,බෑවුම කොහෙද,ලිස්සන්නෙ කොතනද කියල.එදිනෙදා යන පාරක් නම් මේ හැම දෙයක් ම අපි දන්නව. ඒ නිසා අනතුරු වලක්වා ගන්න පුළුවන්.මම දන්නෙ නැහැ කීදෙනෙක් මේකට එකඟවෙයි ද කියල.(නු)
මාර්ග නීති හරියට පිළිපදිනවා නම් ඔහොම වෙන්නෙ නැහැ. අනික ඊයෙ යන්න ඕනෑ ගමන සමහරු අද යනවා. (නි)
රටට හදපු පලමු අධිවේගී මාර්ගය අඩුප්‍රමිතියට හදල එයිනුත් ගසා කාලනම්? හරිම කණගාටුයි. අපරාදෙ මහ ජනතාවගෙ මුදල්.කව්ද වග කියන්නෙ.(නු)
අපේ අයට වෙනම පුහුණුවක් දෙන්න වෙයි වගේ..!(නු)
අනේ මේ ජයනාත් , මාර්ග නීති පිලිපද්දද නැද්ද කියලවත් හොයල නෙමෙයි නේ දඩ ගහන්නේ. එකනේ මෙතැන තියෙන ප්‍රශ්නේ. ඔයාල නිකන් බොරුවට කියවනවා. (ස)
ගොඩක් දුරට අධිකාරිමහතා හරි.. හේතුව එයා ඩුබායි ඉන්න නිසා පාරවල් හොදට දැකලා තියෙනවානෙ. ඔබේ අදහස හරි (නු)
ජයන්ත, අපි කතාකරන්නේ අධිවේගී මග ගැන මිසක් ගාලු පාර ගැන නෙමෙයි...ඔයා ගිහිල්ලා තියෙනවද අධිවේගී මාර්ගයේ (ස)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
තව ටිකදවසකින් කැඩුණු පාරවල් ටිකයි.. ණය කන්දරාවකුයි ඉතුරු වෙයි..!(නු)
අයියෝ සල්ලි
ලංකාවේබොහෝ රියදුරන්ගේ විනය ගැනනම් ප්‍රශ්නයක් ඇත.. පාරට වාහනයක් දැමීමේදී බොහෝ අය පාර තමන්ගේ බුදලයක් යයි සිතමින් කටයුතු කරයි.. අධිවේගී මගක උපරිම වේග සීමාවක් දක්වා තිබුනද අයහපත් කාල ගුණ තත්වයකදී වහනය ප්‍රවේසමෙන් පැදවියයුතුයි. මාර්ගයක වේග සීමා දක්වන්නේ සාමාන්‍ය පරිසර සාධක යටතේය .. වැස්ස, මීදුම, හිම පතනයන් වැනි අයහපත් කාලගුණ තත්ත්ව යටතේ මාර්ගයේ දක්වා ඇති වේගයෙන්ම වාහන පැදවීම අනතුරකට අතවැනීමකි. ලංකාවේ රියදුරන් තරම් නලාව නාදකරන රටක් ආසියාකරයෙන් පිටත වෙනත් රටක නොමැති තරම්ය( බොහෝ දියුණු රටවල රියදුරන් නලාව නාද කරනුයේ වෙනත් රියදුරකුගේ වැරැද්දකට තම අප්‍රසාදය පල කිරීමටය), මන්තීරු 2ක් ඇති අවස්ථාවලදී වහනය පදවන්නේ මංතීරු 2ම අවහිරවන පරිදිය. පදිකයන් ගැන කිසිඳු තැකීමක් නොමැත, රාත්‍රියේදී ප්‍රධාන විදුලිපහන් දල්වා වාහන පදවයි, ඕනෑම අධිවේගී මාර්ගයක් කල්ගතවීමෙදී, එහි අතුරා ඇති කාපට් රැලි සහිත තත්වයට පත්වේ.මාර්ග නඩත්තු ශිල්පීන් විසින් එවැනි ස්ථාන හඳුනාගෙන අලුතින් කාර්පට් ඇතිරීම සිදුකල යුතුය. ලංකාවේ අධිවේගී මාර්ගයේ මෙවැන්නක් සිදුවනවාදැයි නොදනිමි.. (ස)
කවුද හරි කවුද වැරදි කියන එක ගැන තාම කියන්න බැහැ. කොහොමටත් නඩුවක් දාන එක හොඳයි. එතකොට ප්‍රමිතිය අඩුද කියලා බලන්න සාම්පල අරගෙන බලයි. ඒක ජාත්‍යන්තර ප්‍රමිතියට හදලාද නැද්ද කියන එක එතකොට බලාගන්න පුළුවන්. ඒක ඉදිරියේදී ප්‍රමිතින් නියම කරන්න හොඳ අවස්ථාවක් වෙයි. මේවා රටේ හැමෝටෙම අයති දේවල්. හැම දෙනාම කිසියම් ආකාරයකින් බදු ගෙවන නිසා ඒවා ගැන දැන ගන්න එක හොඳයි. (ස)
මොකද්ද ඒ
අයියෝ සල්ලි
දී කිරට සාක්කි කියන්න බළලුත් මෙතන ඉන්නවා වගෙයි..!(නු)
ටයර් හතර මාරු කරන්න... හරිනම් ඔබටයි නඩු දාන්න ඕන..!(නු)
අයියෝ සල්ලි
රු. ලක්ෂයක් වැයවන දේ රු. පනස්දාහෙන් ඉවරකරලා, ඉතුරුටික බෙදාගත්තාම ඇතිවන ප්‍රතිඵල තමයි මේ. (නු)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
අයියෝ සල්ලි
අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ