ශ්රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.
මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.
අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලබඩ සහතික ඇත්ත... මේවා ලොකුකෙනෙකුගෙ උනොත් ඒකයි ගැටලුව(නු)
වාරණ නීති තිබියදී එලියට ගැනීමත් පාරේ දිවීමත් ගැන පිළිතුර අපි බලපොරොත්තුවෙන් සිටිමු..!(නු)
ඔබ දන්නවාද 125cc රේසිං බයිසිකලයකට 300KMPH යන්න පුළුවං කියලා.. අපේ රටේ මේ නීතිය කවාද අහෝසි වෙයිද කියලා.. එංජිමේ ධාරිතාව වැඩි වීමට සාපේක්ෂව පමණයි වැඩි වෙන්නේ.. එය වේගය වැඩිවීමට බලපාන්නේ නැහැ..!(නු)
250cc කාණ්ඩය යටතේ ලියාපදිංචි කරපු 1000 cc යතුරුපැදි ඕනැතරම් කුරුණෑගල තියනවා.දන්නා තරමින් ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල තියනවා. මෙය සාමන්‍ය දෙයක්නේ.(නු)
රේස් පදින්න බලපත්‍ර ලබාගෙන ගෙන්නපු දෙයක් කියයි.. එයා දිනයි අපි තමයි බොරුවට රැවටෙන්නේ අන්තිමට..!(නු)
දුක්විදින අසරණ ජනතාවට දෙයක් කරන්න.!(නු)
මේ ලැම්බොගිනි කියන්නෙ අධිබල නෙමෙයිද? (නු)
මෙවටත් ටැක්ස් අයින් කරලද ?? (ස)
අපේ පොලීසියටත් මේ වගේ ඒවා දුන්නානම් හරි. දැන් තියෙන CT-100 අයින් කරලා (ස)
ඒ වුණාට අපි දන්න විදියට නම් උපරිම වේග සීමාව 200සීසී. (නි)
මේ වගේ දේවල් ලංකාවට පුදුමයක් නෙවෙයි..!(නු)
මිනිස්සුන්ට සල්ලි තියෙනවා නම් ඔවුන්ට අවශ්‍ය දෙයක් මිළට ගැනීමට අයිතිය ලබාදිය යුතුය. (නි)
කොහොමද ඒ වගේ වීර ක්‍රියාවක් කලේ? (දී)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
තව තියෙනවා (දී)
අපරාදේ (ස)
මේක දේශපාලනයක් සම්බන්ධ නැතිව ඇති..!(නු)
කොච්චර අගේද? පැයෙන් යාපනේට ගිහින් එන්නත් පුළුවං..!(නු)
අපෝ මේ පරණ මොඩ්ල් බයික් දෙකක්නේ. (නි)
මේවා තහනම් නම් ලංකාවට ගෙනාවෙ කොහොමද කියලා සොයයන්නේ නැද්දද?(නු)
මේ දෙක වික්කානම් කැබ් එකක් ගන්න තිබ්බා (දී)
කොහොමද ඕක අල්ල ගත්තේ (දී)
පොලිසියටත් 700සීසී දුන්නා නම් මේ වැඩේ ඉවරයිනේ. (නි)
ලංකාවෙ ඉතින් මොනවද තහනම් නැත්තෙ? විවෘත හිරගෙයක්නෙ ලංකාව හැබැයි ඉතින් මේ ඔකොම තහනම් සාමන්‍ය ජනතාවට විතරයි... (නු)
මේක අල්ල ගත්තට තෑග්ගක් දෙන්න ඕනේ (දී)
අපේ රටේ විතරයි මෙහෙම නීති තියෙන්නේ. (නි)
පොඩ්ඩක් හිතල බලන්න, ලංකාවෙ හැම දේම දැන් වෙනස් වෙලා, අපි දැන් ඉන්නේ 2013.... වෙනස් වෙන ලෝකෙත් එක්ක අපිත් නව තාක්ෂනය කරා වේගෙන් ගමන් කරනව. පුලුවන් කමක් තියනව නම් කවුරු මේවා ගත්තත් ඇයි බොරුවට අනිත් අය කෑගහන්නෙ. 250 cc වලට වඩා වැඩි එන්ජින් ධාරිථාව ඇති යතුරු පදි තහනම දැන් ඉවත් කරන්න කාලය ඇවිත්. ඒත් එක්කම ආසියාවෙ අශ්චර්ය කරා අපිට යන්න ඕන නම් මෙහෙම හැම දාම කරත්තෙන් ගිහින් බැහැ නේද.. රටක දියුණුවට අලුත් මං මාවත් වගේම ඒ මාර්ග වල ගමන් යන්න වාහනත් තිබිය යුත්යි. මේ වගේ යල් පැනපු නීති අයින් කරන්න බරි ඇයි?(නු)
මෙච්චර වටිනා බයිසිකල් තියෙනවද (දී)
මේ නොදන්න නිසයි අහන්නේ. ලම්බොර්ගීනි එහෙම අධිබල නෙවෙයිද..? (නු)
නියම බයික් දෙක (දී)
දන්නා තරමින් නම් ඔය බය්සිකල් දෙකට 320 ට වඩා යන්න බැහැ. (දී)
කොහොමද මේවා රේගුවෙන් නිදහස් කරගන තියෙන්නේ? ඒවා එහෙම හොයල බලන්න අමාරු ඇති. (අ)
අදහස නම් අගය කරන්න වටිනවා ගලබඩ. අඩුම තරමේ ආදායම් බෙදී යාමේ විෂමතාවය සුළුවෙන් හෝ අඩුවෙයි නේ. (නි)
මම හිතුවේ කැළණිය පැත්තෙන් කියලයි. (නි)
දයා හරි. මෝට සයිකල් කන්ටේනර් එක ගියේ ඉතාලියේ නාපෝලි නගරයෙන්. මාධ්‍යයේත් ඒ ගැන අපි බැලුවා. මෙහෙන් පටවලා ලංකාවට යනකොට ,ඉතාලියේ ගුවර්දියා පිනෑන්ස් කියන පොලීසියට සම්බන්ධ ආයතනයකින් තමා ලඃකාවේ රේගුවට දන්වලා තිබෙන්නේ. ශ්‍රී ලාංකිකයන්ගේ බඩුත් එම කන්ටේනර් එකේ තිබිලා තියෙනවා. කලුතර පෑත්තේ දේශපාලන බලවතකුගේ ගෝලයකුගෙ වැඩක්ලු. ශ්‍රී ලාංකිකයන්ගේ බඩු පෙට්ටි අද වෙනතුරුත් ලෑබී නැතිලු. රහස් පොලීසියට අවශ්‍ය වුණොත් ඔවුන්ගේ සියලු තොරතුරු අප සතුව ඇත. මගේ ඊ මේල් ලිපිනය එයාලට දෙන්න මම කැමතියි. ඇත්ත කියන්නත් බිම ඉදගන්නත් මා බියවන්නේ නැත. (නි)
නියම බයිසිකල් දෙකක් නේ (දී)
මේක ඇත්තක්ද? (නි)
දැන් ඒවා කටුගෙදරටද යවන්නේ? (නි)
ලෝකයේ වේගවත්ම යතුරුපැදිය යන්නෙත් පැයට කිලෝමීටර් 300 ටත් අඩුවෙන්. (නදී)
මම හිතන්නේ මේක 600ට විතර යනවා (දී)
අනුන්ගේ සතුටට ඊර්ෂ්‍යා කරන මිනිස්සු කොච්චර නම් ඉන්නවද? (නි)
ඒකෙ' ලස්සන (දී)
ලෝකයේ වේගය වැඩිම මෝටර් සයිකල් වර්ගය තියෙන්නෙ ඇමරිකාවේ. එහි නම හාලි ඩේවිඩ්සන්. අවම එඒජින් ධාරිතාව සීසී800 ක් වෙනවා. නමුත් ඒ රටේ පොලිසිය ඒවා තහනම් කරන්නෙ නැහැ. අපේ පොලිසියට ඉස්සර දීලා තිබුනෙ සීසී500 එංගලන්තයෙ නිපදවපු ට්‍රයම්ප් කියන අධිවේගී මෝටර් සයිකල්. දැන් අපේ පොලිසි වලට වැඩිය තියෙන්නේ සීසී125 මෝටර් සයිකල්. මහජනයාට අධිවේගී මෝටර් සයිකල් පදින්න තහනම් වෙලා තියෙන්නෙ පොලිසිය මදවේගී මෝටර් සයිකල් පාවිච්චි කරන නිසයි. ඔය තර්කයෙන් වෙන්නේ අනෙක් රටවල් නවීන තාක්ෂණනයෙන් ඉදිරියට යනකොට අපි තාම බර කරත්තයෙන් යන එකයි. ආසියාවේ ආශ්චර්යට යන්න නම් අපි නවින දැනුම හා වැඩි දියුණු කළ තාක්ෂණය වැළද ගත යුතුයි. (නි)
දැන් මේ බයික් දෙකද ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නය? (නි)
මොනවද අප්පා මේ අවනඩු? (නි)
සල්ලි තියෙන මිනිස්සු ඒවායින් මොනවාහරි ගේනවා. (නි)
ඇමති පුත්තුන්ගෙ වෙන්න පුලුවන් නේද? (නි)
දැන් ඔය වාර්තාව ගන්නේ එන්.ඩී.ටී. අයගෙන්ද? බී.එස්.සී. අයගෙන්ද? (නි)
දාන්නකෝ බලන්න ෆොටෝ එකක්. (නි)
ඕවා රේගුවෙන් පන්නා ගත්තේ කොහොමද කියලයි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනෑ. (නි)
මේ දෙකෙන් යන්න පුළුවන් උපරිම වේගය කියද (දී)
එතකොට ඔය පහුගිය දවස්වල කතාවුණ ලැම්බෝගිනි එහෙම අධිබල නෙමෙයිද? දන්නෙ නැති නිසා අහන්නේ... (නි)
රටේ පාරවල් වලට ගැළපෙන වාහන තමයි ගන්න ඕනෑ. නැත්නම් අනික් කට්ටියටත් කරදරයිනේ. (නි)
550 වේගයෙන් යන්න බැහැ ඔය දෙකෙන් එකකටවත්, මම දන්න තරමින් නම්. (නි)
මේවා 1000සීසී නෙමෙයි. නියම මොඩ්ල් එක සීබීආර් 600 (නි)
කමල්, ෆොටෝ බලන්න ඕනෑ නම් දාන්නකෝ ගූගල් සර්ච් පාරක්. (නි)
ලොකු අයගේ ළමයින්ට විතරයි හැම එකම කරන්න පුලුවන්. අර අහවලා 600cc බයික් එකක් පදිනවා, කවුරුත් මොකුත් කියනවද..? තව එක් කෙනෙක් ගරාජ් නම්බර් ගහගෙන ලංකාව පුරා වාහන දුවනවා, කවුරුත් අල්ලනවද... ? සල්ලි වැඩි නම් හොද කාර් එකක් ගන්නවනෙ, බයික් පදින්නෙ නැතුව. නැනෝ එකක්ම දැන් ලක්ෂ 16ක් වෙන එකේ ලක්ෂ 6ක් 7ක් දීල බයික් එකක් අරගන්න එක මහ වරදක් නෙමෙයිනේ. (නි)
ඒකේ වටිනා කම (දී)
සීසී 1200 එකක් ලක්ෂ 20ක් විතර වෙනවා. (නි)
මම අහලා තිබෙනවා අධිබලැති ඒවා ගේන්න දෙන්නේ නැත්තෙ පොලිස් බයිසිකල් වලට වැඩි වේගෙන් යන්න පුළුවන් නිසා කියලා. මොන විහිළුද අනේ? (නි)
ඇයි මේ මිනිස්සු නීති විරෝධී වැඩ කරන්නනේ (දී)
මම දන්න කියන කෙනෙක්ගේ පුතෙක් නම් කිසිම ගැටලුවක් නැතුව මෙයින් එකක් පාවිච්චි කරනවා. (නි)
දුප්පත් මානසිකත්වය තමයි ඔය. ලැම්බොගිනියත් 330යි. 431 ට කාර් යන කාලෙ අපි 125 , 250 යමු නලුවො වගේ. සුද්දො දෙකොනින් හිනාවෙනවා ඇති මේවට. පල් වෙනවා අපි එක තැන. (නි)
හදිස්සි වෙන්න එපා. දැන් මෙහේ අධිවේගී හැදුණහම ඕවා ඕනෑතරම් පදින්න පුලුවන්. (නි)
නීති විරෝධී වැඩ කරන්න මිනිස්සු පුදුම ආසාවක් තමයි තියෙන්නේ (දී)
මේවායින් තමයි සල්ලිකාර අය පිස්සු නටන්නේ. (නි)
කමල්, අපට කොහෙද ඉන්ටර්නෙට්? නේද? (නි)
ඕක හදලා ඇත්තෙ කෙළින්ම එලොව යන්න. 550ට යනකොට පුදුම සැපක් ඇති. (නි)
මේ බයිසිකල් දෙක විකුණලා පහළ ප්‍රවෘත්තියේ ගස් නැගලා ඉන්න මිනිස්සුන්ගේ ගමට වතුර ටිකක් දෙන්න බලන්න. (නි)
මොරටුව සරසවියේ ප්‍රායෝගික දැනුම ඇත්තෙක්ගෙන් උපදෙස් ගත්තා නම් හොදයි. (නි)
අපි අපේ පොඩි වාහනේ ලංකාවට ගෙනියන්න හැදුවහම තමයි ටැක්ස් කිය කියා ලක්ෂ ගණනින් ඉල්ලන්නේ. (නි)
ෂුවර් එකටම ඉතාලියෙන් හොරෙන් උස්සපු බඩු වෙන්න ඇති. ළගදීත් ඉතාලියෙන් හොරකම් කරපු මෝට සයිකල් 10 ක් ලංකාවෙදි කන්ටේනර් එකක් සමග අත්අඩංගුවට ගත්තා. ලංකාවට යන අයගේ පාස්පෝට් 4ක් 5ක් දාලා කන්ටේනර් වල බඩු දාලා එවනවා. ඒ අතරට ඉතාලි හොරුන්ගෙන් යුරෝ 5000ත් 8000ත් අතර වටිනා මෝටසයිකල් යුරෝ 200ත් 500ත් අතර ගානට අරගෙන යුරෝ50 දීලා හොරට පොත් හදලා ලංකාවට දානවා. ලංකාවෙදී අසුවුණ මෝට සයිකල් 10ට මොකද වුණේ කියලා නම් තාම දන්නේ නැහැ. ඉතාලි පොලිසියෙන් තමා ලංකාවට දෑනුම් දුන්නේ. ඒ ගැන සොයාබැලීම මාධ්‍යයට බාරයි. (නි)
අල්ලපු වෙලාවේ පොලිසියට කීයත් වත් දුන්නේ නැතුව ඇති. ඒකයි පොලිසියට ගන්න ඇත්තේ(නදී)
කිලෝමීටර් 550ක් තියා 50ට යන්නෙත් පුදුම අමාරුවකින්, මේ පාරවල් වල. (නි)
ආසාවට ළග තියාගත්තා කියලා ඒකෙන් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ? (නි)
ඒවාල ගිය අය අන්තිමට නතර වෙන්නේ හදිසි අනතුරු වාට්ටුවල. (නි)
අද සමාජයේ මේවගේ හොරට රෙජිස්ටර් කරපු මොටර් රථ ඕනෑ තරම්. පොලිසියත් නිහඩයි. අදාල අංශත් නිහඩයි. මේකත් වැරදිලා අල්ලපු එකක්ද මන්දා? (නි)
ලොකු ලොකු අයට විතරද ඔය බයික් පදින්න පුළුවන් මාර නීති ලංකාවේ තියෙන්නේ (ස)
මත්තලට යන්නද දන්නෙ නැහැ? (නි)
දන්න කියන කෙනෙක්ගෙ නම් ඇල්ලුවා වගේම ආයෙත් භාරදෙයි නේද? (නි)
පුදුමයක් වගේ ඇති කට්ටියටම. (නි)
අධිවේගී හදපු ගමන් පියාඹන්න ඇවිල්ලා... (නි)
ඩයස් කියන්නේ නම් වංචාව පිටුදකින නියම කොල්ලෙක්. (නි)
අනෙක් අයට කරදර වෙන්නෙ නැත්නම් මොන අධිබලයක් දිවුවහම කාටවත් මොකද? (නි)